සිරිලක පාලනය කළ ශ්‍රේෂ්ඨ රජවරු පමණක් නොව ලොව සෙසු රටවල රාජ්‍ය නායකයන්ද සොබාදහම පිළිබඳව දැක්‌වූයේ ඉමහත් ඇල්මකි. ඒ ඇල්ම බැල්ම නිසාවෙන්ම, විපරිණාම ධර්මාවබෝධය ඇතිව වුවද, සිය සුඛවිහරණය පිණිස තැනූ දැ සෙස්‌සන්ගේ චිත්ත සන්තානය ප්‍රමෝදයට පත් කිරීම පිණිස හේතු වී ඇත්තේය.
සීගිරි ජල උද්‍යානය, රන්මසු උයන, මහමෙව්නාව, ජෝතිය උයන සේම මහා පරාක්‍රමබාහු රජුන්ගේ දීප උද්‍යානය ද ජනමන කළඹන්නේ ගතට සිසිලස දනවන අපූරු වූ සොබා නිර්මාණ කැටිව තනා තිබීම නිසාය. ලක්‌දෙරණ බැබළවූ රජවරු යමක් තැනවූයේ යාවජීව සමයක් උදෙසා ශතවර්ෂ ගණනාවකට එපිට වූ පරම්පරාවක යහපත පිණිසය. එසේ කැරවූ නිර්මාණ නව යුගයක පරපුරද විදුහුරු නුවණින් විමසා බලා නවමු නිර්මාණ බිහිකරවාලීමට ඉවහල් කර ගනුයේ අතීත රජදරවරුන්ට පිං පමුණුවමිනි.
මිරි-ජවිල උද්භිද උද්‍යානය සොබාදහමේ කුරිරුකම් හා ගැටෙමින් තැන වූ සුළුපටු නොවූ හාස්‌කමකි. එය එසේ වන්නේ දිවයිනේ අඩුම වර්ෂාපතනයක් ලබන ශුෂ්කම වියළි කලාපය නියෝජනය කරන භූමියක් බැවිනි. හම්බන්තොට මිරි-ජවිල වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 650 ට අඩුය. දිවා රෑ වෙනසක් නැතිව ගතට ලැබෙන උණුසුම් පීඩාව, සේම මන්දමාරුතයකින් තොරව නිරන්තරයෙන් හමන චණ්‌ඩමාරුතය උද්භිද උද්‍යානයක් තබා හේන් ගොවිතැනක් කරගන්නට පවා බාධා ගෙනදෙයි.
සියලු බාධා මැඬගනිමින් මිරි-ජවිල අක්‌කර 300 ක මහවැලියට අයිතිව තිබූ ඉඩම නිර්මිත පැහැසර භූමියක් කරන්නට උර දුන්නේ ජාතික උද්භිද උද්‍යාන අධ්‍යක්‍ෂ ජෙනරාල් සිරිල් විෙ-සුන්දර ඇතුළු කණ්‌ඩායමයි.
නිරතුරුව අලි ඇතුන් කුළු මීහරක් විෂකුරු සර්පයන් සරනා මේ කැලෑවේ බහුලවම දක්‌නට ලැබුණේ කොහොඹ, වීර, පලු කළුවර ආදී මහා වෘක්‌ෂයෝය. තවද පතොක් ඇතුළු කටු හා උල් සහිත පඳුරුය.
අති ශුෂ්ක වූ මේ භූමියේ අහස් දියෙන් පිරෙන වැව් තුනක් මෙන්ම කුඹුරක්, වගාකර අතැහර දැමූ හේනක් ආදියද විය.
උද්භිද උද්‍යානයක් කිව්වාම බොහොම දෙනෙකුට හිතට එන්නෙ මල් වත්තක් කියන අදහසක්. ලස්‌සනට පිළිවෙළට පාට පාටින් වවා තියෙන මල් පාත්ති, අලංකාර ලෙස නඩත්තු කර ඇති තණ පිටි, ජල පොකුණු උඩවැඩියා හා වෙනත් විචිත්‍ර පැළෑටි ආදිය වවා තිබෙන පැළගෘහ ආදිය මෙන්ම, තැන තැන හුදකලාවෙ සිටින පෙම්වතුන් විනෝද සුවයෙන් සුන්දරත්වය විඳින විවිධ වයස් කාණ්‌ඩවල පුද්ගලයන් ආදී දේ සාමාන්‍යයෙන් දක්‌නට ලැබෙයි.
එහෙත්, උද්භිද උද්‍යානයක් යන්න බහුලව පිළිගැනෙන අර්ථ දැක්‌වීමට අනුව විද්‍යාත්මක පරීක්‍ෂණ සංරක්‍ෂණය, ප්‍රදර්ශනය, හා අධ්‍යාපනය පිණිස උද්‍යාන විද්‍යාත්මකව නම් කර වවා ඇති සජීවී ශාක එකතුවක් ඇති ස්‌ථානයකි.
හැකි උපරිම ශ්‍රමය යොදවා නානාවිධ ශාක විචිත්‍ර ලෙස අලංකාරව සකසා ඇති නිසාත් ඒවා වවා ඇති පරිසරය මනාව නඩත්තු කර ඇති නිසාත් උද්භිද උද්‍යානයක් අනිවාර්යයෙන්ම සුන්දර ස්‌ථානයක් බවට පත් වන්නේ නිරායාසයෙනි.
බ්‍රිතාන්‍ය ජාතිකයන්, උද්භිද උද්‍යාන පිහිටුවූයේ ආර්ථික බෝග පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වීම සඳහායි. ඇමසන් වනාන්තරයේ තිබූ රබර් ශාකය ගැන මූලික පරීක්‍ෂණ සිදු කළේ ශ්‍රී ලංකාවේය. තේ, සින්කෝනා, කොකෝවා, විවිධ පලතුරු බෝග, දැව වර්ග, ආදිය පිළිබඳ සියලු පරීක්‍ෂණ සිදු කළේද උද්භිද උද්‍යාන තුළය, පේරාදෙණිය, හක්‌ගල ආදී උද්‍යාන තුළදී එම පරීක්‍ෂණ සිදුකළ අයුරු සාක්‌ෂි සහිතව අදටද දැකගත හැකිව තිබේ.
වියළි කලාපයේ ඇති බොහොමයක් ආවේණික ශාක වර්ග වඳවීමේ තර්ජනයට ලක්‌ව තිබීම රටක සම්පත් පරිහානියට පත්වීමේ මගඵල පෙන්වීමකී. එහෙයින්ම මිරි-ජවිල උද්භිද උද්‍යානය ඉදිකිරීම හරහා විසිතුරු ශාක, විවිධ වර්ණ සහිත මාළු වර්ග කොළ වර්ග සංරක්‍ෂණය කිරීමට මාර්ගය පෑදී තිබේ. ශූෂ්ක කාලගුණයට සරිලන එම කාලගුණයෙන් පෝෂණය වන, ශාක ප්‍රාකෘතික වස්‌තූන් සේය. ඒවා යෙහෙන් සංරක්‍ෂණය කළ හැක්‌කේ ඊට සරිලන මිහි තලයේමය. එය අද සඵල වී තිබේ.
අපගේ දැස මානයේ, මෙසේ සජීවී ලෙස ප්‍රාදූර්භූත වී ඇත්තේ මිනිස් ශ්‍රමයේ ඵලයෙන් දිළෙන ගස්‌වැල්ය. මල් වැල්ය. සොබා සිරිය කලක් පුරා එහිම විසූ පොදු ජනතාවට "අහසින් ප්‍රාදූර්භූත වූ" හාස්‌කමක් සේ දිස්‌වන්නේ, පෙර කල මේ බිමෙහිම හේන් කොටා ඩහදිය හෙලූ අයුරු සිහිවීම නිසාය.
උද්භිද උද්‍යානය දියුණු කිරීමේ ලා දැනුදු ඩා බිඳු හෙළනුයේ, මිරි-ජවිල හම්බන්තොට, වීරකැටිය ආදී පෙදෙස්‌වල හේන් ගොවිතැන් කළ පිරිසමය. ඔවුනට අවැසිව තිබුණේ නිසි මඟ පෙන්වීම පමණකි. උද්‍යානය තැනීම සඳහා වූ මූලික අදියරේදී සහාය පිණිස විස්‌සක් පමණ පිරිසක එකතු වූ අතර මේ වන විට හැත්තෑවක පමණ පිරිසක් කැපවී කටයුතු කරති.
සෙවණ අවැසි ශාකවලට සෙවණ සදමින්ද සුළං බාධක සකසමින්ද, දිරි ගත්තේ මිරි-ජවිල පොළෝ තලයෙන් උපරිම සේවය ලබා ගැනීමටය.
සෑම වර්ගයකින්ම සමන්විත ඇන්තූරියම් පැළ තුන්දහසකට ආසන්න ප්‍රමාණයක්‌ද ඕකිඩ් පැළ 8000 කට වැඩි ප්‍රමාණයක්‌ද පතොක්, කැනාස් පමණක් නොව කැප්ටස් ආදී තෙත් කලාපයේ වැවෙන විසිතුරු මල්වර්ග, ශාක වර්ගද මිරි-ජවිල උද්‍යානය පුරා විකසිතව වර්ණවත් වෙයි.
හම්බන්තොට පැත්තේ උද්භිද උද්‍යානයක් හදනවා කිව්වම බොහොමයක් දෙනා බලන්නේ වපර ඇහින්. මේ තරම් වියළි කලාපයක මොනවා වවන්නදැයි සමහරු අහනවා. මා ඒ අයට මතක් කර දෙන්න කැමැතියි. විවිධ හේතු නිසා රට මැදට එන්න කලින් ශතවර්ෂ ගණනාවක ඉතිහාසයේ අපි (සිංහලයෝ) උද්‍යාන හැදුවේ වියළි කලාපයේ බව.
ඉතිහාසයේදී අනුරාධපුරේ කුට්‌ටම් පොකුණ ඉදිකරන්නේ වතුර එකතු කරන්න නොවෙයි. කුට්‌ටම් පොකුණ ආශ්‍රිතව උද්‍යානයක් තියෙන්න ඇති. එහි මල්පල විසිතුරු ශාක තියෙන්න ඇති. මේවා අපේ මුතුන් මිත්තෝ කරපු දේවල්.
ඉතිහාසයේ ජීවත් වූවන්ගේ ප්‍රාණ වායුව හා අපේ ආත්මය බද්ධ වී තිබෙනවා විය හැකියි. අපේ මේ උද්‍යෝගය උවමනාවද ඒ නිසාම විය හැකියි.
මලින් පලින් පමණක් නොවෙයි. දැතින් බැදිය නොහැකි තරම්, මහා වෘක්‍ෂයන්ගෙන් සමන්විත වූ උද්භිද උද්‍යානයක් තැනවූයේ දැ සමයට සේවය පිණිසත් ජාතියේ ප්‍රගමනය පිණිසත්ය.
කොන්ක්‍රීට් වනාන්තරයක් වැනි ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර මැද තිබෙන මධ්‍ය උද්‍යානය (Central Park) එ පරිද්දෙන්ම වාගේ වියළි කලාපීය උද්භිද උද්‍යානයකි. කවදා හෝ දිනෙක හම්බන්තොට පුරවරයට හරිත පෙනහැල්ලක් (Green Patch) වන බව මට විශ්වාසයි. ආචාර්ය සිරිල් විජේසුන්දර මහතා පවසයි.
සැඳෑ කාලයේ පාරාදීසයක සිරිගන්නා උද්භිද උද්‍යාන පරිසරය සැබැවින්ම දැකුම්කලුය. ඒ අසිරිය හදවත සිසිලසින් නහවයි. මනස යළි යළි නැවුම් වෙයි. එවන් අසිරියක් මවන්නට උර දුන් මිරි-ජවිල උද්‍යානයේ, කාර්යභාර නිලධාරී සුමිත් ඒකනායක, උද්‍යාන සහායක ඒ. බී. මැද්දෙගොඩ, දිනේෂ් ප්‍රනාන්දු, මල් වගා අංශයේ අංශභාර නිලධාරී මධුරි පීරිස් යන පිරිසගේ ගෙලෙහි මාලතී දාමයන් පැළඳිය යුතුය.
ඒ වෙනෙකක් නිසා නොව මිරි-ජවිල කර්කශ පොළොව සමග ගැටෙමින් පීඩාකාරී දිවිපෙවෙතක් ගෙවූ ජනයාගේ මුවෙහි හසරැල් ඇන්දූ නිසාය.
උපේක්‍ෂා වීරසේකර
http://www.divaina.com/2013/12/08/feature11.html

0 comments:
Post a Comment