
එම විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යාය (උපකුලපති) මහාචාර්ය පූජ්‍ය තුඹුල්ලේ සීලක්‌ඛන්ධ බෞද්ධ අධ්‍යයන පීඨාධිපති ආචාර්ය පූජ්‍ය කනත්තේගොඩ සද්ධාරතන සහ භාෂා සහ සංස්‌කෘතික අධ්‍යයන පීඨාධිපති ආචාර්ය පූජ්‍ය වරදිවෙල විජයසුමන යන ස්‌වාමීන් වහන්සේලාගේ උපදෙස් සහ මගපෙන්වීම මත අධ්‍යයන අංශාධිපතිවරුන් සහ ආචාර්ය මණ්‌ඩලය විසින් මෙම සම්මන්ත්‍රණය සංවිධානය කරනු ලබයි.
මෙම සම්මන්ත්‍රණයේ සමාරම්භක උත්සවය අද (27 දා) පෙරවරු 9.00 ට උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර මෙහි ප්‍රධාන දේශනය කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අසංග තිලකරත්න මහතා විසින් පවත්වනු ලබන බව සම්මන්ත්‍රණයේ ප්‍රධාන සංවිධායක ශ්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය නිවිතිගල සුමිත්ත හිමියෝ "දිවයින"ට කීහ.
මෙම සම්මන්ත්‍රණයේදී ඉතිහාසය පුරාවිද්‍යාව සහ උරුම කළමනාකරණය, බෞද්ධ අධ්‍යයනය, අධ්‍යාපන විද්‍යාව, භාෂාව, සාහිත්‍යය, පුස්‌තකාල විද්‍යාව, සමාජ විද්‍යාව, දර්ශනය සහ පරිගණක විද්‍යාව ආදී විෂයයන් ඔස්‌සේ පර්යේෂණ පත්‍රිකා සියයකට (100) වැඩි සංඛ්‍යාවක් සිංහල, දෙමළ, ඉංගී්‍රසි, පාලි හා සංස්‌කෘත යන භාෂාවලින් ඉදිරිපත් කිරීමට නියමිතය.
අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු
http://www.divaina.com/2013/12/27/news23.html
0 comments:
Post a Comment