Pages

Tuesday, December 10, 2013

යේමන ආරක්‍ෂක අමාත්‍යාංශ ප්‍රහාරය | 50 ක් මරුට | වගකීම අල්කයිඩාව භාරගනී

යේමන ආරක්‍ෂක අමාත්‍යාංශයට එල්ලවූ ප්‍රහාරය පිටුපස සවුදි ත්‍රස්‌ත කණ්‌ඩායමක්‌ සිටින බව එරට ආරංචිමාර්ග කියයි.

මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 50 දෙනෙක්‌ මරණයට පත්වී ඇත.

අල්කයිඩා සංවිධානය මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇත.

මරාගෙන මැරෙන බෝම්බකරුවෙක්‌ වාහනයක සවිකරන ලද කිලෝග්‍රෑම් 500 ක්‌ බරැති බෝම්බයක්‌ ආරක්‍ෂක අමාත්‍යංශය ඉදිරිපිට පුපුරවා ඇති අතර එවිටම තවත් කණ්‌ඩායමක්‌ විසින් සුළු අවි ප්‍රහාරයක්‌ එල්ල කර ඇත.

ත්‍රස්‌තවාදීන් 12 දෙනෙක්‌ මෙම ප්‍රහාරයෙන් මියගොස්‌ ඇති අතර ඒ පිරිස අතර සවුදි ජාතිකයින්ද වේ.

http://www.divaina.com/2013/12/09/forign03.html

0 comments: