
එහිදී එච්. ඩී. ජයසූරිය මහතා මෙසේද පැවැසීය.
"පී. ඇම්. සේනාරත්නයන්ගේ ලිවීමත් හරියට කොළඹ යුගයේ කවියක් වගේම තමයි. ඔහු බොහොම වේගයෙන් ලියන අති දක්‍ෂ නිර්මාණශීලී ලේඛකයෙක්. අද රෑ ඔහුගේ අතේ කිසිම දෙයකින් නැති වුණත් හෙට උදේ වනවිට අලුත් පොතක් ලියන්නට තරම් හැකියාව තිබෙන කෙනෙක්".
එම අවස්‌ථාවට සහභාගී වූ ප්‍රවීණ රූපවාහිනි මාධ්‍යවේදී ලාල් හේමන්ත මාවලගේ මහතා මෙසේ පැවැසීය.
"එදා ජාතික රූපවාහිනියේ විකාශය වූ කදමල්ල වැනි වැඩසටහන් රැසක පුරෝගාමියා ලෙස පී. එම්. සේනාරත්නයන් ඉටුකළ මෙහෙවර මෙරට රූපවාහිනි ඉතිහාසයේ රන් අකුරින් ලියෑවී තිබෙනවා. නගින ඉනිමගට පයින් ගහන මිනිසුන් සිටින මේ රටේ පී. ඇම්. සේනාරත්න කියන්නේ කාටවත් කුහකකම් නොකරපු විශිෂ්ට කලාකරුවෙක්, දක්‍ෂ ලේඛකයෙක්, ඊටත් වඩා හොඳ මනුෂ්‍යයෙක්. ඒ නිසාම තමයි කලාකරුවන්, මාධ්‍යවේදීන් ඇතුළු අපි හැමෝම ඔහුට ගරුකරන්නේ.
"කොළඹ යුගයේ කවියෝ" ග්‍රන්ථය එළිදැක්‌වීමේ අවස්‌ථාවට ප්‍රවීණ චිත්‍ර ශිල්පී පෑලියගොඩ දයානන්ද, සමස්‌ත ලංකා කවි සම්මේලනයේ ලේකම් දයාරත්න රණේපුර, වෛද්‍ය චන්දිමා විඡේගුණවර්ධන, ප්‍රවීණ ලේඛකයන් හා මාධ්‍යවේදීන් වන ප්‍රේමරත්න කොස්‌වත්ත, ටී. ආරියරත්න, ටී. පියසෝම, ගොංගිතොට සරත්, බඳගිරියේ අබේසිරිවර්ධන, ප්‍රේමදාස නුගේගොඩ, ලංකාදීප විමංසා සාහිත්‍ය අතිරේකයේ සංස්‌කාරක ගාමිණී කන්දෙපොළ, උපුල් ගලප්පත්ති ඇතුළු පිරිසක් සහභාගි වූහ.
සචිත්‍ර නේරංජන ඇල්වලගේ
http://www.divaina.com/2013/12/26/news13.html
0 comments:
Post a Comment