Pages

Monday, December 30, 2013

කල්මුණේ සම්පත් මුසලුවන්ට පමණයි. සුනාමි ගෙවල් 180, සුනාමියට අහුනොවූ පිටපළාත් මුසලුවන්ටත් බෙදලා... සිහල, දෙමළ කාටවත් නැහැ!

කල්මුණේ දකුණු ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රාජකාරී කටයුතු මුස්ලිම් අමාත්‍යවරුන්ගේ බලපෑම මත සිදුකිරීම නිසා එම ප‍්‍රදේශවල සිංහල දෙමළ ජනතාව විශාල අසාධාරණයක් සිදුවන බැවින් කල්මුණේ උතුරු ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ප‍්‍රාදේශිය මහ ලේකම් කාර්යාලය ලෙස උසස් කරන ලෙස  කල්මුණේ සිවිල් සමාජ එකමුතුව ඉල්ලයි.

මෙම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇති නමුත් එය උසස් කිරීම තවම සිදුවී නොමැති බවද පවසන ඔවුන් කල්මුණේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය එහි මුස්ලිම් අමාත්‍යවරුන්ගේ බලපෑම් මත දකුණු ප‍්‍රාදේශීය කාර්යාලයට කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් ලබා නොදෙන බවත් එම පළාත් වල රජයේ ඉඩම් සැලසුම් සහගත ලෙස මුස්ලිම් ජාතිකයන් වෙත ලබාදෙන බවත් පෙන්වා දෙති.

සුනාමි නිවාස යෝජනා  ක‍්‍රමය යටතේ ඉස්ලාමාබාද් (කල්මුණේ 01 සී වසම)  ප‍්‍රදේශයේ රජයෙන් තනාදෙන ලද නිවාස 180 කින් සිංහල දෙමළ ජනතාවට කිසිදු නිවසක් හෝ ලබා නොදෙමින් සම්පූර්ණයෙන්ම පිටත ප‍්‍රදේශවල පදිංචි  සුනාමියෙන් හානියට පත් නොවූ මුස්ලිම් ජනතාව පදිංචි කර ඇති බවත් කල්මුණේ සිවිල් සමාජ සංවිධාන එකමුතුව පවසයි.

ඉදිරියේදී පිහිටුවීමට සූදානම් වන නගර සංවර්ධන යෝජනා ක‍්‍රමයෙන් ද සිංහල හා දමිල වැසියන් සම්පූර්ණයෙන්ම නොසලකා හැර ඇති බවත් උතුරු ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට උසස්වීමක් ලබාදීමට මුස්ලිම් පක්ෂ විරුද්ධ වන්නේ තමන්ගේ වාසියට බවත් සිවිල් සමාජ සංවිධානයේ සභාපති පොන්සෙල්වනායගම් මහතා පැවසීය.

http://lankacnews.com/sinhala/news/107534/

Pic Source

සබැඳි ලිපි - 
[

0 comments: