මාස තුනකට වරක්, මාසයක පමණ නිවාඩුවක් ලබා දෙන්නේ, පාසල් අධ්‍යාපනයෙන් හා පොත්පත්වලින් මඳකට මිදී, එක්‌කෝ වන්දනා ගමනක් හෝ විනෝද ගමනක්, එහෙමත් නැත්නම් නෑදෑයින්ගේ ගෙවල්වල විනෝදයෙන් සැහැල්ලුවෙන් දරුවන්ට එම කාලය ගත කිරීමට ය.
ඒ අයුරු විනෝදයෙන් සැහැල්ලුවෙන් ගත කිරීමට තිබෙන දෙසැම්බර් නිවාඩුවේ ගුරුවරුන් කැඳවා ගෙන දිනපතා පාසලක මෙන් දරුවන්ට පංති පවත්වන අයුරු ඉකුත්දා මාලබේ තලාහේන මහා විද්‍යාලයට ගොඩවුණු 'දිවයින'ට දැක ගැනීමට ලැබිණ.
පාසල් නිල ඇඳුම් හැඳගත් ගැහැනු දරුවන් හා පිරිමි දරුවන්ද පංති කිහිපයක ඉගෙන ගන්නා අයුරු මෙහිදී දක්‌නට ලැබිණ. විදුහල්පති ස්‌වාමීන් වහන්සේ වැඩ වසන තලංගම උතුර ශ්‍රී සාලවනෝද්‍යාරාම විහාරස්‌ථානයේ සැහැල්ලූ ඇඳුම් හැඳගත් (පාසල් නිල ඇඳුම නොව) තවත් දරුවන් පිරිසක් වට කරගත් ස්‌වාමීන් වහන්සේලා කිහිප නමක් නාමාෂ්ට ශතකය, සුභාෂිතය, වදන් කවි පොත, ගණ දෙවි හෑල්ල යන කවි පොත් වනපොත් කරවන අයුරුද, පන්සල් මළුවේ වැලි මත ඇඟිල්ලෙන් අකුරු කරන දරුවන්ද මෙසේ දැක ගැනීමට ලැබිණ. මෙම දර්ශනය ලියුම්කරුගේ සිතට නැංවූයේ ජාතක කතාවල එන දිසාපාමොක් ගුරු ගෙදරක සිත්තමක්‌ය.
වර්ෂයක මුල හා මැද ලබා දෙන නිවාඩුවට වඩා දෙසැම්බර් මාසයේ ලබා දෙන නිවාඩුව දරුවන්ට අතිශය වැදගත් වන්නේ, ඉහළ පංතියකට සමත්වීමේ ප්‍රීතිය පිළිබඳ මානසිකත්වය නිසා පරණ පොත මනසින් දුරු කොට අලුත් පොත්වල නැවුම් සුවඳ විඳගනිමින් නව වසරේ අලුත් පංතියේ පුටුවක වාඩිවීමට ය. එවන්වූ හැඟීමෙන් පසුවන දරුවන්ට සිදුවී ඇත්තේ ඉකුත් පාඩම්වල නැවත යෙදීමේ නීරස අත්දැකීමට යොමුවීමට ය.
නුතන දිසාපාමොක් ගුරු ගෙදරක් බවට, තලාහේන මහා විද්‍යාලය පත්කර ගැනීමේ කතාන්දරයේ සුළමුළ විදුහල්පති කුමාරිගම ගුණසිරි ස්‌වාමීන් වහන්සේ 'දිවයින'ට පැවැසුවේ මෙසේය. මුලින්ම මේ කාරණය කියන්න ඕනේ. මෙම පාසලට තේරිලා ඉන්නේ වඩා වැඩි පහසුකම් තිබෙන අවට විද්‍යාලවලට දමා ගන්න නොහැකිවූ එසේම කිසිවක් කරකියා ගන්න නොහැකි අහිංසක දෙමාපියන්ගේ දරුවන්. මෙහි ඉගෙන ගන්න දරුවන් දෙසිය හතළිස්‌නම දෙනාගෙන් බොහොමයක පවුල්වල අම්මලා රට ගිහිල්ලා. ආච්චිලාගේ රැකවරණය යටතේ තමයි මේ දරුවන් වැඩි දෙනෙක් නිවෙස්‌වල ගත කරන්නේ. නිවෙස්‌වල පවත්නාවූ මෙම වාතාවරණය නිසා මෙහි අධ්‍යාපනය ලබන දරුවන් බොහෝ දෙනකුගේ ඉගෙනුම් ක්‍රියාවලිය ඉතාමත්ම පහත් මට්‌ටමකයි පවතින්නේ.
විදුහල්පති ධුරයේ වැඩ භාර ගැනීමෙන් පස්‌සේ මෙම තත්ත්වය අවබෝධ කර ගත් මම, විදුහලේ ගුරු මණ්‌ඩලය හා එක්‌ව පසු ගිය වසර දෙකක කාලය තුළ දරුවන්ගේ වාර විභාගවල ප්‍රතිඵල ඉහළ නැංවීමේ ව්‍යාපෘති කිහිපයක්‌ම සිදු කළා. මෙහිදී අපට පෙනී ගිය කාරණාවක් තමයි මෙම පාසලේ ඉගෙනුම ලබන්නාවූ බොහොමයක් දරුවන්ට තමන්ගේ නිවෙස්‌වල ඉගෙනුම් පරිසරයක් නැති බව. නිවසේ ඉගෙනුම් පරිසරයක් නොතිබීම දරුවන්ගේ අධ්‍යාපනික තත්ත්වයට බෙහෝදුරට බලපා තිබෙනවා. මේ නිසා පංතියේ කියා දෙන පාඩම ඊළඟ දවසේදී දරුවන්ට අමතකයි. එසේම, මෙම නිවාඩු මාසයේ ගෙදර සිටින විට දරුවන්ට පාඩම් මුළුමණින්ම අමතක වෙනවා. මේ නිසා ගුරුමණ්‌ඩලය කල්පනා කළා මුළු නිවාඩු මාසයේම දුර්වල දරුවන් ඒ ඒ පන්ති වශයෙන් පාසලට කැඳවා ගනිමින් අමතර පංති පැවැත්වීමට. මෙහිදී දරුවන්ට විෂය නිර්දේශයට අදාල පාඩම් පැවැත්වීම වෙනුවට, පාඩම කියවලා ඒ අයුරු කියවන පාඩම තමන්ම ධාරණය කර ගන්නා ආකාරය කියා දෙනවා. පාඩමක් කියවන්නේ කොහොමද, පාඩමේ අන්තර්ගතය තෝරා ගන්නේ කෙසේද, පාඩමට අදාලව දැන ගත යුතු මූලික කරුණු කාරණා මොනවාද යන්න දරුවන්ට හුරුකර වීමයි මෙම අමතර පංති පැවැත්වීමේදී ගුරුවරු සිදුකරන්නේ. හයේ ඉඳලා එකොළහ වසර දක්‌වා දරුවන් සියලු දෙනාටම, ගණිත පාඩමේ දෙවරක් ඉඳලා පහළොස්‌වන චක්‌කරේ දක්‌වා හොඳට පාඩම් කරවා තිබෙනවා. පසුගිය වාර විභාගයේ ලකුණු අඩු දරුවන්ගේ සියලුම ප්‍රශ්න පත්‍රවලට නැවත පිළිතුරුපොත් බලා ගෙන ලියෙව්වා. ඒ වගේම නිවසේදී පැවැරුම් කර ගෙන එන්න කියලා දෙනවා. ඒවා කර ගෙන නො පැමිණි දරුවන් ලවා පාසලේදී පැවරුම් කරවනවා. මෙම අමතර පංතිවලට කැඳවා නොගන්නා තරමක් දක්‍ෂ දරුවන්ට තම නිවසේදී කර ගැනීමට පැවැරුම් වැඩ දෙනවා.
පාසල් නිවාඩු කාලයේදී මෙම විදුහලට පැමිණ මෙකී කාර්ය සාර්ථක කර ගැනීමට උපදෙස් ලබා දෙන්නේ කොළඔ අශෝක විද්‍යාලයේ විදුහල්පති ලෙස කටයුතු කරන කපිතන් වයි. යසරත්න මහතායි. කොට්‌ටාව ධර්මපාල විද්‍යාලයේ විදුහල්පති වශයෙන් කටයුතු කරන අවධියේ එම විදුහලේ 2013 පහ වසර ශිෂ්‍යත්වය සඳහා පෙනී සිටි සිසු දරුවන් උදෙසා පිළියෙළ කළ පැවැරුම් සියල්ලක්‌ම මෙම විදුහලටද ලබා දෙමින් මෙහි දරුවන්ගේ පහ වසර ශිෂ්‍යත්ව ප්‍රතිඵල ඉහළ නැංවීමට අතහිත ලබාදුන් ඔහු සඳහන් කරන්නේ මෙවැන්නකි. ගුණසිරි ස්‌වාමීන් වහන්සේ මෙම පාසලේ විදුහල්පති ධුරයේ වැඩ භාරගත් දිනයේ සිට උන්වහන්සේ අවබෝධ කර ගත් කාරණයක් තමයි වාර පරීක්‍ෂණවලදී ප්‍රතිථල අනුව මෙහි දරුවන්ගේ මූලික සාධන මට්‌ටම්වල ගැටලු තියෙන බව. එකේ සිට පහ වසර දක්‌වා ඉගෙන ගන්නාවූ දරුවන්ගේ මූලික ගණිත ගැටලු තියෙනවා. එසේම කියවීම, ලිවීම, සවන්දීම හා කථනය යනුවෙන් වූ චතුර්විධ භාෂා කුසලතාවල ගැටලු තියෙනවා. මෙන්න මේ ගැටලුවල දත්ත අර ගෙන ස්‌වාමීන් වහන්සේ විශ්ලේෂණයක් කළා. එහිදී උන්වහන්සේ ගුරු මණ්‌ඩලය සමඟ සාකච්ඡා කර තීරණයට එළඹුණා නිවාඩු මාසයේදී දරුවන්ගේ මෙම අඩුපාඩු සම්පූර්ණ කරන්න. මෙම වැඩපිළිවෙළේ එක් අවස්‌ථාවක් තමයි, එකේ සිට පහ වසර දක්‌වා අධ්‍යාපනය ලබන්නාවූ දරුවන් එකසියඑක් දෙනකුගෙන් භාෂාමය කුසලතාවල හා මූලික ගණිත ගැටලුවල සාධන මට්‌ටම් නැති දරුවන් විසි දෙදෙනා පන්සලට කැඳවා ගෙන පන්සල් අධ්‍යපනය ලබා දීමට පියවර ගැනීම.
දරුවන්ට ලබාදෙන පන්සල් අධ්‍යාපනය පිළිබඳව විදුහල්පති ගුණසිරි ස්‌වාමීන් වහන්සේ විස්‌තර කළේ මෙසේ ය. පිරිවෙනේ සහ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන පන්සලේ පොඩි ස්‌වාමීන් වහන්සේලා හතර නමක් ලවා මේ දරුවන්ට සතියේ හැමදාක ම උදේ අටේ සිට සවස දෙක දක්‌වා පන්සල් හෝඩිය, නම් පොත, සකස්‌කඩය, මඟුල් ලකුණ, වදන් කවි පොත,ගණ දෙවි හෑල්ල වැනි පොත්වල කවි කට පාඩම් කරවනවා. දැන් දරුවන්ට මේවායේ කවි කටපාඩමෙන් පවා කියන්න පුලුවන්.
චතුර්විධ කුසලතාවේ භාෂාමය කුසලතාව වර්ධනය කර ගන්න හොඳම උපක්‍රමය තමයි සකස්‌කඩය, වදන් හෑල්ල කියවා දරුවන්ගේ කට හුරු කරවීම. මෙසේ කියන්නේ විදුහල්පති වයි. යසරත්න මහතා ය. මෙහි තවත් කාරණාවක් තමයි වැලිපිල්ලේ ඇඟිල්ලෙන් අකුරු ලියා දරුවන්ගේ අත හුරු කරවීම. මෙම දරුවන්ට දිවා ආහාරය පවා ලබා දෙන්නේ පන්සලෙන්.මෙම වැඩ සටහන සඳහා පන්සලට නොපැමිණෙන දරුවන්ට පැවැරුම් අභ්‍යාස තමන්ගේ නිවෙස්‌වල සිටම කරගන්න අවකාශය සලස්‌වා තිබෙනවා. දරුවන් එම අභ්‍යාසවල නිරත වනවාද කියා ස්‌වාමීන් වහන්සේ එම දරුවන්ගේ නිවාස වලට ගිහින් තොරතුරු විමසා බලනවා. ඒ වගේම පාසලට, පන්සලට නොපැමිණෙන දරුවන් ගැනත් උන්වහන්සේ සොයා බලනවා.
එතකොට හාමුදුරුවනේ හය වසරේ සිට එකොළහ වසර දක්‌වා සියලූම දරුවන් දින පහේම පාසලට ඇවිත් මෙම වැඩ සටහනට සහභාගී වෙනවාද? යනුවෙන් නැගූ පැනයට උන්වහන්සේ පිළිතුරු දුන්නේ මෙසේ ය. ප්‍රාථමික පංතිවල දරුවන් විසිදෙදෙනා දින පහහේම කැඳවා ගන්නවා. ඉහළ පංතිවල දරුවන්ගෙන් හය හත වසරේ අය එක දවසක්, අට නවය තවත් දවසක් යන ආකාරයට පංති දෙක දෙක බැගින් පංති මට්‌ටමින් තමයි හය වසරින් ඉහළ දරුවන් මෙම වැඩ සටහනට සහභාගී කරවා ගන්නේ. ඒ වගේම පාසලේ සිටින ගුරුවරුන් විසිඑක් දෙනාගෙන් දිනකට තිදෙනා බැගින් මෙම වැඩ සටහනට ගුරුවරුන් සහභාගී වන්නේ සතියකට දින දෙකක් පමණයි. නිවාසවල පවතින පවුල් ප්‍රශ්න නිසා මේ දරුවන්ට අම්මා තාත්තාගේ සෙනෙහස පවා ලබා දෙන්නේ මේ ගුරුවරු. මෙම විදුහලේ පරිත්‍යාග ශීලීන්ගේ උපකාරයෙන් පුටු හතළිහක කාමරයක පවත්වා ගෙන යන මල්ටිමීඩියා බහුමාධ්‍ය ඒකකය මගින් මෙම විදුහලේ දරුවන්ට අන්තර්ජාල තාක්‍ෂණය ඔස්‌සේ අධ්‍යාපනය ලබා දීමට පවා අවශ්‍ය පහසුකම් සලසා දී තිබෙනවා. ඒ අනුව පරිගණකය පරිහරණය කිරීමේ දැනුම මෙහි ඉගෙනීම ලබන හැම දරුවකුටම ලබාදී තියෙනවා.
ඒ විතරක් නොවෙයි සමහර දරුවන්ට කෑම බීම හා අනෙකුත් අඩුපාඩු පවා ගුණසිරි ස්‌වාමීන් වහන්සේ සපුරන්නේa විහාරස්‌ථානයට ලැබෙන දානයෙන් හා පිරිකරවලින්. දරුවෙක් අසනීප වුණාම රෝහලට පවා රැගෙන යන්නේ උන්වහන්සේගේ වාහනයෙන්. විදුහලට අවශ්‍ය භෞතික සම්පත් පළාත් අමාත්‍යාංශයෙන් මෙන්ම දානපතියන් ගෙන් ලබාගෙන විදුහලේ අඩුපාඩු හුඟාක් දුරට සම්පූර්ණ කර ගැනීමට උන්වහන්සේ කටයුතු කරන බව මෙහිදී යසරත්න මහතා සඳහන් කරයි.
මෙම පාසලේ ගුරුවරුන් විසිඑක් දෙනාගෙන් එදින පැමිණ සිටි මෙත්තා ද සිල්වා (විද්‍යා විෂය), මල්ලිකා පද්මසිරි (වාණිජ්‍ය හා ඉංග්‍රීසි) සහ උපුල් (ඉංග්‍රීසි) යන ගුරුමහත්ම මහත්මීන් සඳහන් කරන්නේ, නිවාඩු මාසයේ වුවත් සියලු ගමන් වියදම් දරා ගනිමින් තමන් ඇතුළු පාසලේ ගුරු මණ්‌ඩලය ස්‌වේච්චාවෙන් මෙම සද්කාර්යයට සහභාගී වන්නේ ඉතාමත් සතුටින් බවයි.
නිවාඩු මාසයේ ගෙදර ඉන්න නොදී පාසලට කැඳවා ගැනීම ගැන ශම්මි එරන්දන දියණියගෙන් විමසූ කල ඇය සඳහන් කර සිටියේ මෙවැන්නකි. අපේ දුර්වලකම් හඳුනා ගෙන විදුහල්පති ස්‌වාමීන් වහන්සේ ඇතුළු ගුරු මණ්‌ඩලය මේ අයුරින් කැපවන්නේ අපේම යහපත වෙනුවෙන්. දුර්වල විෂයන්වල අඩුපාඩු හදාගන්න ලැබුණු හොඳම අවස්‌ථාවයි මේ. නිවාඩු මාසයේ ළමයි උපකාරක පංතිවලට ගිහින් අලුත් පංතියේ විෂයයන් ඉගෙන ගන්නවා. අපව පෞද්ගලික පංතිවලට යවන්න තරම් අපේ අම්මලා තාත්තලාට මුදල් නැහැ. ඒ හින්ද මේ පංතිවලට අපි සහභාගීවන්නේ හරිම කැමැත්තෙන්.
මෙම විදුහලේ නොයෙකුත් අඩුපාඩු සපුරාලන අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සේවය කර දැනට විශ්‍රාම ගෙන සිටින පී.බී. සේනාගම මහතා සඳහන් කරන්නේ මෙවැන්නකි. නොයෙකුත් ආර්ථික අපහසුතාවන් තිබුණත් මෙම විදුහලේ දක්‍ෂ දරුවන් ඉන්න බව විවිධ ප්‍රසංග හා නොයෙකුත් ක්‍රියාකාරකම්වලින් මට පැහැදිලි වුණා. අමාත්‍යාංශ ප්‍රතිපාදන වලින් බහුමාධ්‍ය පංති කාමරය හා විද්‍යාගාරය මෙම විදුහලට ලබා ගැනීමේදී මගේ පූර්ණ අනුග්‍රහය ලබා දුන්නා වගේම, ඒ සඳහා පංති කාමරය සකස් කිරීමේදී මුදලින් පවා උපකාර කළා. ඒ වගේම 2012 වර්ෂයේ අපොස සාමාන්‍ය පෙළ ඒ නවයක් ලබා ගෙන ඉහළින්ම සමත්වුණු දරුවන් දෙදෙනකුට ශිෂ්‍යත්ව දෙකක් ප්‍රදානය කළා. ඒ අනුව උසස් පෙළ අවසන් වන තෙක් ඔවුන් එහි ප්‍රතිලාභ ලබනවා. ඔවුන් දෙදෙනා දැනට දේවි බාලිකා සහ මාලබේ රාහුල යන විද්‍යාලවල උසස් පෙළ හදාරණවා.
තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා
එ සැඩ මහා වතුරෙන් වත් වල නොහෙනා
කෝප වුවත් රජ මැතිඳුන් ගත නොහෙනා
උගත මනා සිල්පය ම යි මතු රැකෙනා
ගණ දෙවි හෑල්ල සහ වදන් කවි පොතේ එන මෙම කවිය යථාර්ථයක් බවට පත් කර ගනිමින්, අහිංසක දරුවන්ගේ නැණ නුවණ පාදා ඔවුන් සමාජයේ උගත් බුද්ධිමතුන් බවට පත් කිරීමට තලාහේන මහා විද්‍යාලය සිදුකරන්නාවූ මේ සද් කාර්යයට,මුදල දෙවියන් සේ පුද සත්කාර ලබන සමාජයේ කොයි කාගේත් ඇස් කන් යොමු විය යුතුය.
උදේනී චන්ද්‍රසිරි
http://www.divaina.com/2013/12/25/feature01.html

0 comments:
Post a Comment