Pages

Thursday, December 26, 2013

ද්‍රවිඩ සන්ධාන අර්බුද ඔඩුදුවයි. නායකයා නෙරපීමට සාකච්ඡා. විග් - ශ්‍රීධරන් ගැටේ!

ද්‍රවිඩ සන්ධානය තුළ මතුවී ඇති අර්බුදය සම්බන්ධයෙන් අද (24 දා) වව්නියාවේදී හදිසි සාකච්ඡාවක්‌ කැඳවා ඇත.

මෙහිදී ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ නායක වී. ආනන්ද සංගරී ද්‍රවිඩ සන්ධානයෙන් ඉවත් කිරීම සඳහා යෝජනාවක්‌ ගෙන ඒමට නියමිත බව ආරංචි මාර්ග පවසයි.

ද්‍රවිඩ සන්ධානයේ නායකයා සම්බන්ධන් වුවත් කිලිනොච්චි මන්ත්‍රී වන ශ්‍රීධරන් විසින් එම සන්ධානය මෙහෙයවන බවද එහි ආරංචි මාර්ග කියයි.

ආනන්ද සංගරීව ද්‍රවිඩ සන්ධානයෙන් එළවීම තුළින් එම සන්ධානය දෙකඩ වන බවද ද්‍රවිඩ සන්ධාන ආරංචි මාර්ග කියා සිටී. ආනන්ද සංගරී, උතුරේ ආණ්‌ඩුකාරවරයාට පක්‌ෂවීම හා ආරක්‌ෂක හමුදාව සමග සබඳකම් පැවැත්වීම යන චෝදනා එල්ල වී තිබේ.

ජල ව්‍යාපෘතිය සම්බන්ධව උතුරු මහ ඇමැති විග්නේශ්වරන් සහ ශ්‍රීධරන් අතරද අර්බුදයක්‌ මතුවී ඇත.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/12/24/news03.html

Pic Source

0 comments: