Pages

Wednesday, December 18, 2013

සාංචි පුණ්‍ය මහෝත්සවයදා

ශ්‍රී ලංකා මහා බෝධි සංගමය මගින් 61 වන වරටත් වාර්ෂිකව සංවිධානය කරනු ලැබූ දඹදිව සාංචි පුණ්‍ය මහෝත්සවය බෞද්ධ බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් 14 සහ 15 යන දෙදින තුළ සාංචි ෙචේතියගිරි විහාරයේදී පැවැත්විණි.

මෙවර පුණ්‍ය මහෝත්සවයේ කටයුතු ආරම්භ කෙරුණේ පසුගිය සිකුරාදා (13 දා) සන්ධ්‍යාවේ ෙච්තියගිරි විහාරයීය ආලෝක පූජාවත් සමඟය. කොළඹ 01 වොක්‌ෂෝල් වීදියේ සීමිත සිල්වර්ටෝන්ස්‌ සමාගමේ අනුග්‍රහයෙන් ආලෝක පූජාව සංවිධානය කෙරුණේ අටවන වතාවටය.

සෙනසුරාදා පෙරවරුවේ ෙච්තියගිරි විහාරයීය ආරක්‍ෂිත ගර්භයේ තැන්පත් කර තිබූ සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා ගෞරව සම්ප්‍රයුක්‌තව ප්‍රදර්ශන මණ්‌ඩපය කරා වැඩමවා ගෙන එන ලදුව විශේෂ පූජාවක්‌ පැවැත්විණි.

මේ අවස්‌ථාවට ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති, දඹදිව සාංචි විහාරාධිපති, ජපානයේ ප්‍රධාන සංඝ නායක බානගල උපතිස්‌ස නාහිමි, දඹදිව ශ්‍රාවස්‌ති විහාරාධිපති ඇල්ගිරියේ සංඝරතන හිමි, ජල්ගඔන් මහින්ද විහාරාධිපති නක්‌කාවිට සුගතවංශ හිමි, චෙන්නායි මහා බෝධි මධ්‍යස්‌ථානාධිපති තිනියාවල පාලිත හිමි, සාංචි විහාරාධිකාරි බානගල විමලතිස්‌ස හිමි, චෙන්නායි මහාබෝධි මධ්‍යස්‌ථානාධිකාරි කලවානේ මහානාම හිමි, රත්මලානේ පඤඤාජීව හිමි, සාංචි විහාරවාසී නුගගොල්ලේ චන්ද්‍රරතන හිමි එක්‌වූ අතර, ධාතු පූජා වැඩසටහන මෙහෙයවන ලද්දේ රත්මලානේ පඤඤාජීව ස්‌වාමීන් වහන්සේ විසිනි.

මධ්‍ය ප්‍රදේශයේ රයිසන් දිසාපති ජී. කේ. ජෂින් සහ ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ මාධ්‍ය අධ්‍යක්‍ෂ සමන් අතාවුදහෙට්‌ටි යන මහත්වරුන්ද මෙම අවස්‌ථාවට සහභාගී වූහ.

ඉන් අනතුරුව මහජනතාව සඳහා ධාතු ප්‍රදර්ශනය විවෘත කෙරුණු අතර, ඉන්දීය සහ විදේශීය බෞද්ධ බැතිමත්හු විශාල පිරිසක්‌ පැමිණ ධාතූන් වහන්සේලා වැඳ පුදා ගත්හ.

පුණ්‍ය මහෝත්සවය සඳහා පැමිණෙන ජනතාව වෙනුවෙන් මධ්‍ය ප්‍රදේශ පොලිසිය විසින් විශේෂ ආරක්‍ෂිත වැඩපිළිවෙලක්‌ දියත් කර තිබුණු අතර, සාංචි නගර සභාව විසින් පොදු පහසුකම් සියල්ල සංවිධානය කර තිබිණි.

සාංචි පුණ්‍ය මහෝත්සවයට සමගාමීව මධ්‍ය ප්‍රදේශ සංචාරක ප්‍රවර්ධන සංස්‌ථාව විසින් සංවිධානය කළ සංස්‌කෘතික සංදර්ශනය සෙනසුරාදා සන්ධ්‍යාවේ රජයේ වැඩ දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී ඇරඹිණි. ඊයේ රාත්‍රියේද විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති සංස්‌කෘතික සංදර්ශනයට මධ්‍ය ප්‍රදේශ හා මහාරාෂ්ට ප්‍රාන්තයට අයත් රංගන අංග මෙන්ම, චීනය, නේපාලය සහ ශ්‍රී ලංකාව නියෝජනය කරන සංස්‌කෘතික අංගයන්ද ඇතුළත් විණි. එහිදී ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය සඳහා තැන්පත් කළ අයුරු.

http://www.divaina.com/2013/12/17/news23.html

0 comments: