Pages

Friday, December 13, 2013

බොදු උරුමය ප්‍රධාන ශ්‍රී ලංකාවේ ලෝක උරුම නැරඹීමෙන් රජයට කෝටි 134 ක ආදායමක්‌ - සංස්‌කෘතික ඇමැති කියයි

ශ්‍රී ලංකාව තුළ තිබෙන ලෝක උරුම ස්‌ථාන නැරඹීමෙන් පසුගිය වසරේදී රජය රුපියල් කෝටි 134 ක ආදායමක්‌ උපයාගෙන ඇතැයි සංස්‌කෘතික හා කලා කටයුතු ඇමැති ටී. බී. ඒකනායක මහතා ඊයේ (12 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

අනුරාධපුර පූජා නගරය, පොළොන්නරුව පැරණි නගරය, සීගිරිය පැරණි නගරය, දඹුල්ල බිතු සිතුවම් සහිත ලෙන් විහාර සංකීර්ණය, මහනුවර පූජා නගරය, ගාල්ල පැරණි නගරය සහ ගාල්ල කොටු බැම්ම ද ස්‌වභාවික ලෝක උරුම ස්‌ථාන ලෙස සිංහරාජ වනාන්තරය සහ ශ්‍රී පාදය, නකල්ස්‌ කඳුවැටිය ආශ්‍රිත මධ්‍ය කඳුකර වනාන්තර ද හඳුනාගෙන ඇතැයි ඇමැතිවරයා කීය.

සංස්‌කෘතික හා ලෝක උරුම ස්‌ථාන කැණීම් සඳහා සංරක්‍ෂණ හා ප්‍රවර්ධන කටයුතු සඳහා පසුගිය වසර තුනේදී රුපියල් කෝටි 145 ක්‌ වැය කර ඇතැයි ද ඇමැතිවරයා කීවේය.මෙම ස්‌ථාන නැරඹීමට දේශීය සංචාරකයන් 452396 ක්‌ද විදේශීය සංචාරකයන් 587738 ක්‌ද පැමිණ ඇතැයි ඇමැතිවරයා කීය. කොළඹ දිස්‌ත්‍රික්‌ (එජාප) මන්ත්‍රී රවී කරුණානායක මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා ඉහත ප්‍රකාශය කළේය.

අජිත් අලහකෝන් - අකිත පෙරේරා
http://www.divaina.com/2013/12/13/news17.html

0 comments: