Pages

Monday, December 16, 2013

ශ්‍රීපාද සමය උඳුවප් පොහොයෙන් ඇරැඹේ

මෙවර ශ්‍රීපාද වන්දනා වාරය මේ මස 16 වැනිදාට යෙදී ඇති උඳුවප් පුන් පොහෝ දිනයෙන් ආරම්භ වෙයි. එය 2014 වෙසක්‌ පුන් පොහෝ දිනයෙන් නිමාවට පත්වනු ඇත.

පැල්මඩුල්ල ගල්පොත්තාවල රාජමහා විහාරස්‌ථානයේ තැන්පත්කර ඇති සමන් දේව ප්‍රතිමාව හා සධාතුක කරඬුව ශ්‍රීපාද මහා මළුව වෙත වැඩම කරවීම මේ මස 16 වැනිදා උදෑසන සිදුකෙරේ. 16 වැනිදා උදෑසන ශ්‍රීපාද මහා මළුව සුවඳ පැනින් දොවනය කර ඉන් අනතුරුව සමන් දේව ප්‍රතිමාව හා සධාතුක කරඬුව තැන්පත් කෙරේ.

ඉන් අනතුරුව ප්‍රථම ගිලන්පස පූජාව තැබීමෙන් අනතුරුව මෙම 2013 -2014 ශ්‍රීපාද වන්දනා සමය ආරම්භවනු ඇත. ශ්‍රීපාද විහාරස්‌ථානාධිපති බෙංගමුවේ ධම්මධින්න නායක හිමියන්ගේ අනුශාසනා මත මෙවර ශ්‍රීපාදය වන්දනා කිරීමට පැමිණෙන අයට අවශ්‍ය පහසුකම් සැලසීමට නිලධාරීන් පියවර ගෙන ඇත. හැටන් පොලිස්‌ අධිකාරි සමන් රත්නායක මහතාගේ උපදෙස්‌ මත ශ්‍රීපාදය වන්දනා කිරීමට පැමිණෙන වන්දනාකරුවන්ගේ ආරක්‌ෂාව සැපයීම සඳහා කටයුතු යොදා ඇත.

හැටන් - මනුර සුදත් සෙල්ලහේවා
http://www.divaina.com/2013/12/14/news10.html

Pic Source

0 comments: