Pages

Wednesday, December 18, 2013

ලුම්බිණියෙන් හමුවූ ලොව පැරණිම විහාරය ගැන මහාචාර්ය කොනින්හැම්ගෙන් 'Excavation at Lumbini' මැයෙන් පොතක්‌

ලුම්බිණියෙන් සොයාගත් ලොව පැරණිතම බෞද්ධ විහාරය පිළිබඳව ලබන වසරේදී තමන් පොතක්‌ නිකුත් කරන බව මහාචාර්ය රොබින් කොනින්හැම් ප්‍රකාශ කරයි.

මෙම ග්‍රන්ථය 'Excavation at Lumbini' මැයෙන් වේ. 

ලුම්බිනියේ මායාදේවි විහාරය තුළ සිදු කළ කැණීම්වලදී ලොව පැරණිතම බෞද්ධ විහාරය සොයාගත් අතර එය සිද්ධාර්ථ කුමාරොත්පත්තිය සිදු වූ සල්ගසවටා ඉදිකරන ලද විහාරය ලෙස සැලකේ. 

මෙය ක්‍රි.පූ. 550 දී ඉදිකරන ලද විහාරයක්‌ බව මහාචාර්ය කොනින්හැම් ප්‍රකාශ කරයි.

මෙම සොයා ගැනීමත් සමග නේපාලයට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය ඉහළ යන බව ආසියානු සංවර්ධන බැංකුව ප්‍රකාශ කරයි.

එනිසාම ලුම්බිණියේ ගෞතම බුද්ධා ගුවන්තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක්‌ කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මූල්‍යාධාර ලබාදී ඇත. එහි සංවර්ධන කටයුතු 2017 දී නිම වනු ඇත. 

2012 වසරේදී නේපාලයට සංචාරකයන් ලක්‌ෂ 8 ක්‌ පැමිණ ඇති අතර 2020 වන විට මිලියන 2 ක සංචාරක පිරිසක්‌ එරටට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වේ.

චතුර පමුණුව 
http://www.divaina.com/2013/12/17/news03.html

සබැඳි ලිපි -
[

මහාචාර්ය කොනින්හැම් සිදුහත් කුමරා ළමා විය ගත කළ මාලිගාවේ කැණීම් අරඹයිhttp://denethharinna.blogspot.com/2013/12/blog-post_6193.html
OLDEST BUDDHIST SHRINE HOLDS CLUES TO BUDDHA'S BIRTH - CNNhttp://denethharinna.blogspot.com/2013/11/oldest-buddhist-shrine-holds-clues-to.htmlඉතිහාසයක් නැති ආගම් සහ මනඃකල්පිත ශාස්තෲන් අතරින් ප්‍රත්‍යක්‍ෂයෙන් තහවුරු බුදුදහම සහ බොදු ඉතිහාසයhttp://denethharinna.blogspot.com/2013/11/blog-post_2357.htmlආශ්චර්යමත් සිදුහත් උපතේ පුරාවිද්‍යා සාක්ෂි මතුවේ. වසර 3000 ට එහා බෝධිඝරයක නටඹුන් බ්‍රිතාන්‍ය පුරාවිද්‍යාඥයෝ සොයාගනිතිhttp://denethharinna.blogspot.com/2013/11/3000.htmlසිදුහත් කුමරුන් උපන් ස්ථානයේ ඉපැරණි රුක්ශමූලයක් වටකොට දැවයෙන් තැනූ විහාරයක නටඹුන් සොයාගනී!http://denethharinna.blogspot.com/2013/11/blog-post_5883.html
]

0 comments: