Pages

Friday, December 13, 2013

බුදුරුව සහිත බාහු පළඳනා විකිණූ 'ස්‌මයිල් අන්වර්'ට ඇප

බුදු දහමට නිගා වන අයුරින් බුදුරුව සහිත අත්බාහුවලට පළඳින අත්බාහු පළඳනා විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම පිළිබඳව වරද පිළිගත් කටුනායක පොළේ රෙදි වෙළෙන්දෙකු රුපියල් 10,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්‍ෂ දෙකක ශරීර ඇප මත අත්අඩංගුවෙන් මුදා හැරීමට මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ඒ. එම්. එන්. පී. අමරසිංහ මහතා නියෝග කළේය.

වරද පිළිගත් සැකකරු වූයේ මිනුවන්ගොඩ ගල්ඔළුව පදිංචි ස්‌මයිල් අන්වර් නමැති රෙදි වෙළෙන්දෙකි. එම සැකකරුට එරෙහිව කටුනායක පොලිසිය ගොනු කළ පැමිණිල්ල අනුව කටුනායක පොලිසියට අනුයුක්‌ත පො. කො (53523) ඥානසිරි මහතාට ලත් තොරතුරු අනුව මෙහි සැකකරු භාරයේ තිබූ බුදුරුව මුද්‍රණය කර ඇති බාහු පළඳනා යුගලයක්‌ අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිද්ධිය නිසා ප්‍රදේශයේ භික්‍ෂූන් වහන්සේලා සහ ප්‍රදේශවාසීන් උද්ඝෝෂණයකට සූදානම් වන බැවින් සැකකරු රිමාන්ඩ් භාරයට පමුණුවන ලෙස කටුනායක පොලිසිය අධිකරණයට ඉල්ලීමක්‌ කොට තිබිණි. ඉන් අනතුරුව සැකකරු නීති උපදෙස්‌ මත චෝදනාවට වරද පිළිගත්තේය. කටුනායක පොලිසිය පැමිණිල්ල මෙහෙය විය. විත්තිය වෙනුවෙන් නීතිඥ ගොඩ්ප්‍රි කුරේ මහතා පෙනී සිටි අතර වැඩි දුර විභාගය අද 13 වැනිදා පැවැත්වේ.

මීගමුව සමූහ - විමල් කීර්ති
http://www.divaina.com/2013/12/13/provin06.html

0 comments: