Pages

Saturday, December 28, 2013

රජරට විශ්වවිද්‍යාලයට සිංහල එපා වෙයි

සිංහල තිත්ත වීමේ රෝගයක්‌ ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයට බෝවී ඇත.

රජරට යනු සිංහලයාගේ ද සිංහලයේ ද තෝතැන්නයි. රටපුරා තවත් විශ්වවිද්‍යාල තිබියදී රජරට විශ්වවිද්‍යාලයක්‌ ආරම්භ කළේ සිංහල භාෂාව සමඟ සිංහල සංස්‌කෘතියද රැකගැනීම සඳහාය.

සිංහල සංස්‌කෘතිය යන්තමින් හෝ රැකගැනීමට කැපවී සිටින රජරට විශ්වවිද්‍යාලයටද සිංහල තිත්තවීමේ රෝගය බරපතල ලෙස බෝවී තිබේ.

පසුගිය 18 වැනිදා ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පැවැත්වීමට නියමිත පුරාවිද්‍යා උරුම කළමනාකරණ පර්යේෂණ වාර්ෂික සැසියට සහභාගිවන්නන් සියලුම දෙනා සිංහලයන් වුවත් ආරාධනා පත්‍රය නිකුත් කර ඇත්තේ සිංහල අකුරක්‌වත් නැතිව ඉංගිරිසි බසිනි.

තලාව - එප්පාවල - රත්න බී. ඒකනායක
http://www.divaina.com/2013/12/28/news14.html

Pic Source

0 comments: