Pages

Friday, December 13, 2013

පරිස්සමෙන්! බඩ ඉරිඟු කියා ඔබ කන්නේ වසයි!

බඩ ඉරිඟු වවන්නේ කෙසේ දැයි බඩ ඉරිඟු කෑමට ගන්නා බහුතරයත් වෙළෙඳාමෙහි යෙදී සිටින බහුතරයත් දන්නේ නැත. මා ජීවත් වන්නේ බඩ ඉරිඟු එක යායට වවන ප්‍රදේශයකය.

බඩ ඉරිඟු ගස පැණි රසට හුරුය. මේ නිසා ළපටි කාලයේ සිටම බඩ ඉරිඟු ගසට විවිධ කෘමියන්ගෙන් හානි පැමිණේ. මේ කෘමි උවදුරු වලින් බඩ ඉරිඟු ගස හා කරල බේරාගන්නට බොහෝ ගොවියෝ නොකළයුතු දේ කරති. කැඩ්මියම් සහ ආසනික්‌ මුසුවූ උග්‍ර විෂ සහිත කැට සහිත කෘමිනාශකයක්‌ බඩ ඉරිඟු ඇට සිටුවීමේදීද කරල් පීදීමේදීද බහුතරයක්‌ ගොවියෝ යොදති. සිය බඩ ඉරිඟු වගාවෙන් ආදායමක්‌ ලබාගැනීම හැර වෙනත් අරමුණක්‌ ගොවීන්ට නැත. මෙම විෂ කාරකය යෙදීමෙන් බඩ ඉරිඟු ගස ද කරලද ආරක්‍ෂාවේ. නමුත් ඒවා මිනිස්‌ පරිභෝජනයට සුදුසු තත්ත්වයක නැත.

පෙරදා බඩ ඉරිඟු තැම්බූ විට සුවඳවත්ය. ඉමිහිරි රසයකින් යුක්‌තය. නමුත් දැන් බඩඉරිඟුවල සුවඳ හා රසද ගුණයද හීන වී ඇත. ඊට හේතුව කැට සහිත, විෂ සහිත කෘමිනාශකයක්‌ බඩ ඉරිඟු වලට යෙදීමය.

මෙම විෂ සහිත කෘමිනාශකය භාවිතයට ගැනීම වහාම තහනම් කළ යුතුව ඇත. එසේ නොවන්නේ නම් කිරි බඩ ඉරිඟු පරිභෝජනයට ගැනීම තහනම් කළ යුතුය.

දන්නා දේ නොකියා සිටීම ජනතාවට කරන අපරාධයකි. විෂ කාරක නොමැතිව තමන්ම සිටුවාගන්නා බඩ ඉරිඟු පරිභෝජනයට ගත්තොත් මිස වෙළෙඳපොළේ පවත්නා බඩ ඉරිඟු නම් විශේෂයෙන් කුඩා දරුවන්ට ගුණදායක නැත.

තලාව එප්පාවල - රත්න බී. ඒකනායක
http://www.divaina.com/2013/12/13/provin04.html

0 comments: