Pages

Monday, December 30, 2013

අපි අන්තර් ජාලය භාවිතා කරන්නේ මෙහෙමයි

ශ්‍රී ලංකාවේ නිවෙස් වලින් සියයට 11.4 කට අන්තර් ජාල පහසුකම් තිබෙන බවත් තවත් සියයට 9.2 ක ප්‍රමාණයක් සන්නිවේදන මධ්‍යස්ථාන වැනි පහසුකම් භාවිතා කරමින් අන්තර් ජාලයට පිවිසෙන බවත් නවතම දත්ත මගින් අනාවරණය වේ.

මේ අනුව, ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වලට අනුව වැඩිම අන්තර් ජාල භාවිතාවක් තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ වන අතර කොළඹ නිවෙස් තුළදී අන්තර් ජාලය භාවිතා කරන ප්‍රමාණය සියයට 26.9 ක්ද නිවෙසින් පිට වෙනත් ස්ථාන වලදී අන්තර් ජාලය භාවිතා කරන ප්‍රමාණය සියයට 15.2 ක්ද වේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ නිවසේ සිට අන්තර් ජාල පහසුකම් භාවිතා කරන ප්‍රමාණය සියයට 16.7 ක් වන අතර නිවසෙන් බාහිරව අන්තර් ජාලයට පිවිසෙන ප්‍රමාණය සියයට 9.2 කි.

නිවසේ සිට අන්තර් ජාලයට පිවිසෙන අඩුම ප්‍රමාණය සිටින්නේ මුලතිව් දිස්ත්‍රික්කයේයි. එම ප්‍රමාණය සියයට 2.8 ක් වන අතර එම දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් සියයට 18.7 ක් වෙනත් ස්ථාන වලදී අන්තර් ජාල පහසුකම් භාවිතා කරයි.

මෙහිදී, අනාවරණය කර තිබෙන්නේ උතුරු නැගෙනහිර පිහිටුවා තිබෙන සන්නිවේදන මධ්‍යස්ථාන හරහා විශාල පිරිසක් අන්තර් ජාලයට සම්බන්ධ වන බවයි.

වව්නියාවේ ජනතාවගෙන් සියයට 32.1 ක්ද, යාපනයේ ජනතාවගෙන් සියයට 22.3 ක්ද, මෙවැනි මධ්‍යස්ථාන මගින් අන්තර් ජාලයට පිවිසේ. මන්නාරමේ සියයට 20.2 ක්ද, කිලිනොච්චියේ සියයට 18.0 ක්ද, මඩකළපුවේ සියයට 14.5 ක්ද, ත්‍රිකුණාමලයේ සියයට 12.7 ක්ද මෙවැනි සන්නිවේදන මධ්‍යස්ථාන හරහා අන්තර් ජාලයට පිවිසෙන බව අනාවරණය වී ඇත.

http://vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1616143199

1 comments:

Unknown said...

යාපනේ කැෆේ එකක් දාගත්තනම් ගොඩ වගේ..