Pages

Sunday, December 8, 2013

තදබදය අඩු කරන්න කැලණි පාලමට සමාන්තර පාලමක් හා ගුවන් මහා මාර්ග 2ක් ලබන වසරේ

මහා මාර්ග,වරාය,නාවික අමාත්‍යංශයේ ලේකම් හා මහා මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කොළඹ නගරයේ පවතින අධික රථ වාහන තදබදයට විසදුමක් ලෙස ලබන වසරේ කැලණි පාලමට සමාන්තරව නව පාලමක් සහ එයට සම්බන්ධ නව ගුවන් මහා මාර්ග 02ක් ඉදි කිරීමට යයි.

අධිකාරියේ සභාපති ආර්.ඩබ්ලිව්.රංජිත් පේ‍්‍රමසිරි මහතා සදහන් කළේ මෙම ගුවන් මහා මාර්ග දෙක කොටුව දෙසට හා කිරුළපන දෙසට ඉදිකිරීමට යෝජිත බවයි.

අදාළ ව්‍යාපෘතිය සදහා ඇමෙරිකානු ඩොලර් දසලක්ෂ 800ක් පමණ වැයවෙතැයි ඇස්තමේන්තුගත කර ඇති බවද කී ලේකම්වරයා, මේ සදහා ජපාන ජයිකා සහ ආසියානු සංවර්ධන බැංකුව වෙතින් මූල්‍යාධාර ලැබෙන බවද වැඩිදුරටත් සදහන් කළේය.

http://lankacnews.com/sinhala/news/106115/

Picture Source

0 comments: