මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත පැමිණෙන ලෙස ජයරත්න මහතාට කළ දැනුම් දීමට අනුව එහි පැමිණ ඇති ඒ මහතා මෙසේ කටඋත්තර ලබාදී තිබේ.
අනුරාධ ජයරත්න මහතාගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා මෙම මත්කුඩු ජාවාරම්කරුවන් මුදල් යෙදවූ බවට එල්ලවී තිබෙන චෝදනා සම්බන්ධයෙන් මෙන්ම එම ජාවාරම්කරුවන් සමග ආරම්භ කිරීමට සූදානමින් සිටි ව්‍යාපාරයක් සම්බන්ධයෙන්ද ඒ මහතාගෙන් මත්ද්‍රව්‍ය නාශක අංශය ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග අගමැතිවරයා එකට සිට ගෙන තිබූ ඡායාරූපය සම්බන්ධයෙන්ද ප්‍රකාශ සටහන් කර ගැනීමට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පියවරගෙන තිබිණි.
හොරොයින් තොගය අඩංගු කන්ටේනරය මුදා හැරීම සඳහා අගමැතිවරයාගේ ලිපියක් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධ තවත් පුද්ගලයන් කීප දෙනකුගෙන්ද පොලිසිය ප්‍රශ්න කර තිබේ.
ඒ අතර ගම්පොල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකුද සිටින බව පොලිසිය පවසයි.
හේමන්ත රන්දුණු
http://www.divaina.com/2014/01/04/news05.html
Pic Source
සබැඳි ලිපි -
[
අගමැති පුතාගේ මැතිවරණ වියදම කුඩු කන්ටේනරය හිමිකරුගෙන් බවට තොරතුරු තිබෙනවා - සංඝ සම්මේලනය
http://denethharinna.blogspot.com/2013/12/blog-post_7389.html
]
1 comments:
ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් "'කුඩු කන්ටේනර් "' එකක් ගෙන්නන්න?
Post a Comment