උතුරු පළාතෙන් පලවා හරිනු ලැබූ විසි එක් දහසක් පමණ වන සිංහලයන් යළි පදිංචි නොකර උතුරේ පළාත් සභා මැතිවරණය පැවැත්වුවහොත් එම ජනයාගේ මූලික අයිතිවාසිකම් කඩවීමට එරෙහිව අධිකරණය හමුවට යැමට තීරණය කළ බව දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ පැවසූහ.
1977 සිට සිංහලයන් උතුරු පළාතෙන් පලවා හරිනු ලැබූ බවත් තමන්ව මෙතෙක් පදිංචි නොකර මැතිවරණ පැවැත්වීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට දිවුරුම් ප්‍රකාශ රැසක් ඔවුන් ලබා දුන් බවත් උන්වහන්සේ පැවසූහ.
පලවා හැරි සිංහලයන් පිළිබඳව කරුණු සොයා බැලීමට එදා එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුව කොමිසමක් පත් කළ බවත් එහිදී සිංහලයන් වෙනුවෙන් තමන් කරුණු ඉදිරිපත් කළ බවත් පැවසූහ.
සිංහලයන් යළි පදිංචි නොකර උතුරේ පළාත් සභා ඡන්දය පැවැත්වීමට විරුද්ධව දේශප්‍රේමී සංවිධාන කිහිපයක් සමගම ගුණවංශ හිමියෝ සාකච්ඡා පවත්වා ඇති අතර මේ පිළිබඳව අධිකරණය හමුවට යැමට පෙර ආණ්‌ඩුවට සංදේශයක් භාර දීමට ද සැලසුම් කර ඇත.
උතුරේ මැතිවරණයට එරෙහිව උසාවි යනවා - පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි
රනිල් ධර්මසේන
http://www.divaina.com/2013/05/05/news05.html






0 comments:
Post a Comment