ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය ආණ්‌ඩුවෙන් ඉවත්වනවාද නැද්ද යන්න පිළිබඳව අවසන් තීරණය අනිද්දා (7 වැනිදා) පැවැත්වෙන එම පක්‍ෂයේ උත්තරීතර මණ්‌ඩලයේදී ගැනීමට නියමිතව ඇත.
නැගෙනහිර පළාත් සභාව පවත්වාගෙන යැමට ආණ්‌ඩුවට සහාය දුන්නද පළාතේ මුස්‌ලිම් ජනයාගේ ප්‍රශ්න විසඳීමට ආණ්‌ඩුව මෙතෙක් ක්‍රියා කර නොමැති බවත්, ආණ්‌ඩුවෙන් පක්‍ෂය නොසලකා හැර ඇති බවත් ඒ නිසා ඉවත්වී විපක්‍ෂයේ අසුන් ගත යුතු යෑයි පාර්ලිමේන්තු පළාත් සභා හා පළාත් පාලන මන්ත්‍රීවරු රැසක් නායකත්වයට පෙන්වාදී තිබේ.
එහෙත් තවදුරටත් ආණ්‌ඩුවේ සිටිමින් මුස්‌ලිම් ජනතාවට සේවය කළ යුතු බව තවත් මන්ත්‍රී කණ්‌ඩායමක් හා නැගෙනහිර පක්‍ෂ කණ්‌ඩායමක් පක්‍ෂ නායකත්වයට දැනුම් දී ඇත.
මේ පිළිබඳව සාකච්ඡා කර තීරණයක් ගැනීමට අනිද්දා (7 වැනිදා) පක්‍ෂයේ උත්තරීතර මණ්‌ඩලය කැඳවන ලෙස පක්‍ෂ නායක ඇමැති රවුෆ් හකීම් මහතා මහලේකම්වරයාට උපදෙස් දී ඇත. මෙම රැස්‌වීමට නැගෙනහිර පළාතේ මුස්‌ලිම් මන්ත්‍රීවරුන් හා පළාත් පාලන ආයතන නියෝජිතයන්ද කැඳවන ලෙස උපදෙස් දී තිබේ.
රනිල් ධර්මසේන
http://www.divaina.com/2013/05/05/news03.html

0 comments:
Post a Comment