Pages

Tuesday, May 7, 2013

උතුරු පළාත් සභා ඡන්දය ජයගෙන ද්‍රවිඩ සන්ධානය බලය අතට ගනී - බුද්ධි අංශ අනතුරු අඟවයි


උතුරේ පළාත් සභා මැතිවරණය ජයගත් පසු ද්‍රවිඩ සන්ධානය විසින් වර්ධරාජා පෙරුමාල් පිහිටු වූ ආකාරයට ද්‍රවිඩ පොලිස්‌ ඒකකයක්‌ ස්‌ථාපිත කර ඉඩම් පාලනය ද සියතට ගැනීමට තීරණය කර ඇති බවට බුද්ධි අංශ විසින් අනතුරු අඟවා ඇත.

මේ ද්‍රවිඩ පොලිස්‌ ඒකකය සඳහා ද්‍රවිඩ සන්ධානයේ තරුණ ඒකකයේ හා අවි පුහුණුව ලත් පුනරුත්ථාපනය වූ හිටපු කොටි බඳවා ගනු ඇතැයි තවදුරටත් බුද්ධි අංශ විසින් දන්වා තිබේ.

ඉන්පසු උතුරෙන් හමුදා සේනාංක ඉවත් කිරීමේ ක්‍රියාමාර්ගයන් ද දියත් කරන ද්‍රවිaඩ සන්ධානය ඒ සඳහා එක්‌සත් ජාතීන්ගේ මැදිහත්වීමක්‌ ලබාගැන්මට ද කටයුතු යොදා ඇත.

මේ තොරතුරු හෙළි වී ඇත්තේ පුනරුත්ථාපනය වූ කොටි ක්‍රියාකාරීන් කිහිපදෙනකුගෙනි.

මේ අතර නල්ලූර්හි ද්‍රවිඩ සන්ධාන තරුණ සංවිධානය ඇතුළු මාවෙයි සේනාධිරාජා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කටයුතු අඩපණ කිරීම සඳහා විරෝධතා ආරම්භ කළ යුතු යෑයි පවසා ඇත.

මෙම රැස්‌වීම ඇමතූ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එස්‌. ශ්‍රීධරන්, විරෝධතා පැවැත්වීම සඳහා පුද්ගලයන් පස්‌දෙනකු බැගින් ඒකරාශි කළ යුතු යෑයි ප්‍රකාශ කර තිබේ.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/05/07/news15.html

1 comments:

Anonymous said...

කීර්තියා කියන ඒවා කවදාවත් විස්වාස කරන්න බැහැ. මූ ආණ්ඩුවේ පක්කලියෙක් විතරයි.