උදුවප් පුර පසළොස්වක දිනයෙන් ඇරඹුණ සිරිපා වන්දනා සමය වෙසක් පුර පසළොස්වක දිනයෙන් නිමා වේ. එහෙත් වෙසක් පසුවී සෑහෙන කාලයක් යන තුරුද සිරිපා වන්දනාවේ යැම මෙරට බෞද්ධයන්ගේ සිරිතකි. එසේ යන්නේ සිරිපා සටහන තම තමාගේ ආගමික නායකයා ගේ යෑයි පවතින විශ්වාසය නිසාය.
අද මෙන් නොව අතීතයේදී සිරිපා ගමන බෙහෙවින් දුෂ්කර එකක් විය. ඒ දුෂ්කරතා මැඬගෙන සිරිපා ගියේ මෙරට අය පමණක් නොවේ. මෙරටට පැමිණි විදේශිකයන්ද සිරිපා ගමනට මහත් උද්යාගයක් දක්වා ඇත. අපේ ඉතිහාසය තුළ නොයෙක් අවස්ථාවල මෙරටට පැමිණි විදේශිකයන් රාශියක් සිරිපා චාරිකාවෙන් අමන්දානන්දයට පත්ව කරන ලද විස්තර අපේ සාහිත්‍යයට එක්වී තිබේ.
කලක් ලංකාවේ සිරි කරුවකුව සිර "රොබට් නොක්ස්" ශ්‍රී පාදය ගැන අසා ඇති බව ඔහුගේ ගමන් විස්තරයට අනුව පෙනේ. ඔහු මෙසේ සඳහන් කොට ඇත. බුදුන් වහන්සේ සිහිපත් වන ස්ථාන දෙකක් ලංකාවේ ඇත. එකක් කන්දකි. අනෙක ගසකි. අවුරුදු සමයෙහි ලංකාවාසීහු ළමා ළපටින්ද රැගෙන මේ දෙපලෙන් එක් තැනකට පැමිණ ඔවුන්ගේ ශ්‍රද්ධා භක්තිය දක්වන්නෝය. මෙම ශුද්ධ පර්වතය පිහිටා තිබෙන්නේ කන්දේ නුවරට දකුණු දෙසිනි. ඊට සමනල කන්ද යෑයි කියති. බුදුන් වහන්සේ අහසින් වැඩම කොට මෙහි ස්වකීය පාද ලාංඡනය පිහිටුවා ඇති බව විශ්වාස කරනු ලැබේ.
සින්බෑඩ් ද සේලර් නමැති නාවිකයා සිය 6 වෙනි ලෝක සංචාරයේ දී ශ්‍රී පාදයට ගොස් ඇත. ඔහු එම ගමන පිළිබඳව විස්තර කරන්නේ මෙසේය. "සෙරන්ඩි දූපත නිරක්ෂයට පහළින් පිහිටා තිබේ. එහි රාත්‍රිය හා දවාල සමසේ පැය දෙළහකින් යුක්තය. උතුරේ සිට දකුණට එහි දිග ලීග අසූවක් (සැ. 240) සහ පළල ලීග තිහක් පමණ වන්නේය. රට හරහා විශාල කඳු පේළියක් හා ගංගා නිම්නයක්ද ද වෙයි. දින තුනකින් යා හැකි දුර ප්‍රමාණයක සිට මේ මහා කන්ද දිස්වෙයි. මෙහි වටිනා රතු කැට ඇතුළු ඛනිජ වස්තූන් ද හැම වර්ගයකටම අයත් කුළු බඩු හැදෙන ගස් වර්ගද එමටය. මම මේ කන්ද නැග්ගෙමි. මට විස්තර කළ නොහැකි ආශ්චර්යමත් දර්ශනවලින් මම වශී වීමි." යනුවෙන් ඔහු සඳහන් කොට ඇත.
ක්‍රි. ව. 5 වැනි සිය වසේ ලංකාවට පැමිණි පාහියන් හිමියන් ක්‍රි. ව. 9 සිය වසේ ලංකාවට ආ "ඉබන් බතුතා ද" ශ්‍රී පාදය ගැන සඳහන් කොට තිබේ.
බ්‍රිතාන්‍ය පාලන සමයේදී සබරගමු පළාතේ දිසාපති පදවිය දැරූ එම්. වේස් නම් ඉංග්‍රීසි ජාතිකයා සිරිපා කන්ද නැඟ ඇත. ඔහු සමනල නැඟ රාත්‍රිය එහි ගතකොට තිබේ. එම දිනය 1886 මාර්තු 19 වැනි දිනයයි. එදින මැදින් මස පුර පසළොස්වක දිනය විය. ඔහු සිය දින පොතේ සඳහන් කරන පරිදි මෙදින අරුණෝදයේ හිරු නැඟීම ඉතා පැහැදිලි විය. එසේම ආලෝකත්ය. සිරිපා මළුව එදින සැදැහැවතුන් ගෙන් පිරී පැවතුණි. ඇත්ත වශයෙන් ම එදින සිටගෙන සිටීමට පවා ඉඩක් නොමැති විය.
"එමර්සන් මෙනට්" පවසන අන්දමට "කිසිම බාධාවක් නොමැතිව ගොඩබිමේ සිට ක්ෂිතිජයේ මහ මුහුද දක්වා දර්ශනය වන කන්දක් මෙහි ඇත. එම කන්ද වටේ උතුරට සහ නැගෙනහිරට පිහිටි කන්ද උඩරට වට කෙරෙන කඳු වළල්ල මෙහි සිට හැම කෙනෙකුටම පෙනේ. අප සිටින තැනින් බටහිර දෙස බලන විට මහා නිම්නයක් පසු කරමින් ඈත එපිටට ඇහැ දිවෙයි. රිදී රේඛා ඇල්ලූ විල්ලුද ලූ කලක මෙන් ගංගාවෝ ගලා යති. ඈත ක්ෂිතිජයේ මුහුදු තීරයේ නලියනු පෙනෙන හිරු රැස් දහරා ඉන්දියානු සාගරයේ සීමාව පෙන්නුම් කරයි.
ශ්‍රී ලංකාව ගැන ග්රන්ථ කීපයක්ම ලියූ "ජෝන් ස්ටීල්" ද සිය "වන ප්‍රවාහය" ග්රන්ථයේදී සිරිපා කන්ද ගැන විස්තර කර ඇත. ඔහු කොළඹ ජී. ඕ. එම්. හෝටලයේ සිටියදී සිරිපා සෙවණැල්ල දැක විශ්මයට පත්වූ අයුරු එහි සඳහන් කර ඇත. එසේම ඔහු මෙසේද සඳහන් කර ඇත.
ලංකා කඳුකරයේ මහා කඳුයාය අතර යෝධයකු සේ උසට නැඟෙන මහා කන්දක් වේ. මේ මහා කන්ද වටා ගෙතී ඇති ඉතා රසවත් තොරතුරු එක් පොතකට ගොනුකර ගැනීමට නම් භාෂා කීපයකින් ලියෑවී ඇති අවුරුදු දෙදහසකටත් වඩා පැරැණි සාහිත්‍යයක් හාරා අවුස්සා බැලිය යුතුය."
ක්‍රි. ව. 1860 දී ප්‍රථම වරට සිරිපා නැඟ එම ගමනින් අමන්දානන්දයට පත්ව ඊට පසු කීප වරක්ම සිරිපා තරණය කළ බ්‍රිතාන්‍ය ජාතික ලේඛකයෙකු වූ "විලියම් ස්කීන්" මහතා ශ්‍රී පාද සමනල ජනප්‍රවාද, පුරාවෘත්ත හා ඓතිහාසික තොරතුරු "මැයෙන් ග්‍රන්ථයක්ද රචනා කොට ඇත. එම ග්‍රන්ථයේ ප්රස්තාවතාවේ ඔහු මෙසේ සඳහන් කොට තිබේ.
ලංකාවේ AFAMS PEAK හෙවත් ශ්‍රීපාද කන්ද තරම් ප්‍රසිද්ධියට පත් වෙනත් කන්දක් ලෝකයේ තවත් ඇතැයි කිව නොහැකි තරම්ය. ඉන්දියානු අර්ධද්වීපය ඇතුළු පෙරදිගට පැමිණෙන සංචාරකයන් හා ලේඛකයන් මෙම අසිරිමත් කන්ද පිළිබඳව බොහෝ දේ ලියා ඇතත්, කඳුමුදුනේ පිහිටුවා ඇතැයි සැලකෙන පාද ලාංඡනයට බෞද්ධ, හින්දු, සහ මහ මදිකයන් දක්වාන භක්තිය, ඒ හා බැඳි මිථ්‍යා මත ජනප්‍රවාද එය වන්දනා මාන කිරීම සඳහා කන්ද නඟින දේශීය විදේශීය අති විශාල වන්දනා කරුවන් සංඛ්‍යාව හා සලකා බලන විට ඔවුන් ලියා ඇති දේ අල්ප යෑයි හැඟේ. ඒ සියල්ල මෙන්ම පාද ලාංඡනය සම්බන්ධයෙන් පුළුල්ව පැතිර පවත්නා මති මතාන්තර කලින් කල විවිධත්වයක් ගෙන ඇත.
මෙම ග්‍රන්ථයේ මවිසින් සඳහන් කර ඇත්තේ 1860 වර්ෂයේ දී පමණ ශ්‍රී පාද කඳු මුදුන නැඟීමෙන් හටගත් කුතුහලය විසින් මෙහෙයවනු ලැබ ඉන් අනතුරුවද වාර කීපයක් කන්ද තරණය කිරීමේදී නිරීක්ෂණය කළ සහ විමසා බලා දැන ගත් කරුණු රාශියකි.
විලියම් ස්කින් මහතා සිරිපා ගමන ගැන සම්පූර්ණ විස්තරයක් කරන අතර කඳු මුදුනේ දී ඉර සේවය නැරඹූ අයුරු විස්තර කරන්නේ එයට වශී වූවෙකු ලෙසිනි.
අඳුරේ බර සැහැල්ලු වෙමින් සොඳුරු රාත්‍රිය කෙමෙන් කෙමෙන් ගෙවී යන ලකුණු පහල විය. හීන් තරුකැට මැකී යද්දී උදා තරුව එක එල්ලේ සැතැපුම් 12 ක් ඈතින් වූ (අඩි 7871 ක් උස) කිරිගල් පොත්ත කන්දට අංශක 20 ක් පමණ ඉහළින් දිදුලන්නට විය. එක එල්ලේ බැලූ විට සැතැපුම් 20 කට පමණ ඈතින් වූ තොටුපල කන්දත් පිදුරුතලාගල කන්දත් බොඳ වූ ඡායාවක් මෙන් අඳුරත් එළියත් අතර දොලනය වෙද්දී අප නෙත් කෙමෙන් කෙමෙන් අඳුරෙන් එළියට ගත් සූර්යයා අප වෙත විදහා පෑවේ වසර දහස් ගණනක් තිස්සේ සමනල කන්දට නැඟි දේශීය විදේශීය සංචාරකයන් සහ වන්දනාකරුවන් වශීකරණයෙන් මුසපත් කළ කඳු මිටියාවත් මත පතුරුවා හරින ලද රශ්මි දහරාවයි. එය කලාතුරකින් මිනිස් ඇසට දැකිය හැකි සිත වසඟ කරවන දර්ශනයක් වශයෙන් අප හැමගේ සිත් තුළ සදාකල් තැන්පත්ව තිබෙනු නොඅනුමානය.
පසුකාලීනව සිරිපා අඩවිය වැනූ ඉංග්‍රීසි ලේඛකයෝ බොහෝ වෙති. ඔවුන් අතරින් රත්නපුර දිසාපති පදවිය දැරූ අය කීප දෙනෙක්ම වෙති. එයින්ද එක්දහස් නවසිය දා හතරේ මාර්තු 5 වැනි දින සිරිපා වන්දනාවේ ගිය ආර්. එන්. තේන්" මහතාත් 1911 ජනවාරි 07 වෙනි දින සමනල නැංගා වූ "ජී කුක්සන්" මහතාත් 1929 පෙබරවාරි 28 වෙනි දින සිරිපා නැරැඹීමට ගිය "සී. එම්. කොලින්ස්" මහතාත් ඔවුන්ගේ දින පොත්වල තබා ඇති සටහන් අතිශයින් සිත් ගන්නා සුලුය.
1950 මැදින් මස පුර පසළොස්වක් පොහෝ දින සර් ජෝන් කොතලාවල ඇමැතිතුමා විසින් ශ්‍රී පාදස්ථානයේ විදුලි ආලෝකය විවෘත කළ දින එහි ගිය විදේශික කාන්තාවක් වන "මාග්‍රට් ග්රීපින්ස්" මහත්මිය එදින සිරිපා මිදුලෙන් බුදුරැස් විහිදෙනු දුටු බව සඳහන් කොට ඇත. ඇය මෙසේ ලියා තිබේ. "චන්ද්‍රයා වටකර ගත් චතුර්විධ වර්ණයෙන් යුත් රේඛාවන් හතරක් දක්නට ලැබුණේය. ඒ සමගම කඳු මුදුනින් ආලෝකධාරා විහිදෙනු අපි දුටුවෙමු. යනුවෙනි.
මෙලෙසින් නොයෙක් විදේශිකයන් විසින්ද අමන්දානන්දයෙන් විස්තර කර ඇති ශ්‍රී පාදස්ථානය හා ඒ අවට ඇති චමත්කාරය සකල බෞද්ධ ජනතාවගේ සිත්හි පහන් සංවේගය දැනවීමට සමත් වී ඇත.
විඡේරත්න අතුරුපාන
http://www.divaina.com/2014/01/05/feature03.html

2 comments:
**මෙරට බෞද්ධයන්ගේ සිරිතකි. එසේ යන්නේ සිරිපා සටහන තම තමාගේ ආගමික නායකයා ගේ යෑයි පවතින විශ්වාසය නිසාය.**
(විශ්වාස කරන්න දෙයක් නෑ.පුරා ඉතිහාසයක කිසිඳු සැකයකින් තොරව ඔප්පු වන නිසා )
Post a Comment