Pages

Thursday, May 9, 2013

මුසලු අන්තවාදීන් වැසිකිළි ඉඳිකර වැනසූ මහා උරුමය - කුරගල - ආදී මානවයාගේ ජය බිමක්

බලංගොඩ කූරගල කෙරෙන පුරාවිද්‍යා කැණීම්වලින් ශ‍්‍රී ලංකාවෙන් මෙතෙක් සොයාගත් විශාලතම ප‍්‍රාග් ඓතිහාසික  මානව ජනාවාස සංකීරණය මතුවෙමින් එන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ  ජනරාල් ආචාර්ය නිමල් පෙරේරා මහතා පවසයි.

ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨභය රාජපක්ෂ මහතාගේ මගපෙන්වීම පරිදි පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ  සෙනරත් දිසානයක මහතාගේ මෙහෙයවීමෙන් කූරගල ලෙන් සංකීරණයේ පුරාවිද්‍යා කැණීම් ඇරඹීණි. ඊට පෙර  එතෙක්  එහි පැවති අනවසර මුස්ලිම් ආගමික ගොඩනැගිලි ඇතුළු ඉදිකිරීම් ඉවත් කෙරිණි. කැණීම් සදහා සිවිල් ආරක්ෂක බලකායේ සහයද ලැබී තිබේ.

කැණීම් කර ගෙන යාමේදී ගල් ආයුධ ඇතුළු ප‍්‍රාග් ඓතිහාසික  මානව අවශේෂ රැසක්ම හමුවූ අතර පෙරේදා ප‍්‍රථම වරට එයින් මානව ඇටසැකිල්ලක් ද  හමුවිය. එය ප‍්‍රාග් ඓතිහාසික  යුගයට අයත් බලංගොඩ මානව ඇටසැකිල්ලක් බව මේ වන විට පුරාවිද්‍යා නිලධාරීන් නිලධාරීන් විසින් නිරීක්ෂණය කොට තිබේ.

ආචාර්ය නිමල් පෙරේරා මහතා පෙන්වා දෙන අන්දමට කූරගල ප‍්‍රාග් ඓතිහාසික මානව වාස භූමිය ගල් ලෙන් සහ එළිමහන් ජනාවාස යන අංග දෙකින්ම සමන්විතය. එය ප‍්‍රාග් ඓතිහාසික  මානවයන් (බලංගොඩ මානවයන්) අති විශාල සංඛ්‍යාවක් විසූ ජනාවාස සංකීර්ණයක් බව දැනටමත් පැහැදිලි වෙමින් තිබේ.

මානව පරිනාමයේ නව පිටුවක්, මෙරට විශාලතම ජනාවසය කූරගලින්
May 9, 2013 at 12:59 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/94092/

[
සබැඳි ලිපි -
ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් මානවයන් ආහාරයට ගත් බව සැලකෙන බෙල්ලන් කූරගලින් හමුවෙයි
කූරගල ශ‍්‍රී පාද දිවා ගුහාව නැවතත් බෞද්ධයින්ට
මුසලුවන් වැනසූයේ මහා උරුමයක් - කූරගල කැණීම්වලින් ප‍්‍රාග් ඓතිහාසික පුරාවස්තු හමුවේ
කූරගල කැණීම්වලින් ප‍්‍රාග් මානවයාගේ වගතුගත් හෙළිවේ
කූරගල මුස්ලිම් පල්ලිය ඉවත් කරන්නේ නෑ - ජගත් බාලසූරිය
කුරගල බොදු පිම්බිමේ අතීතය සොයා පුරාවිදු කැණීම්
අහිමි කෙරුමට සැරසෙන බොදු උරුමය "කුරගල" රැකගැනුමට, විරු දරුවනි ඔබ සූදානම්ද?
දඹුල්ල අනවසර පල්ලිය, මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
කූරගල මහ පින්කමට කුලු පොලු පොලිස් හමුදාවක් කඩා පනී
]

0 comments: