බෙදුම්වාදී බලතල සහිතව උතුරේ ඡන්දය පැවැත්වුවහොත් ඉදිරියේදී රටේ ඒකීයභාවය අහිමි වීමේ තත්ත්වය නිර්මාණය වන බවත්, එවැනි වැරැද්දක් රටේ ඒකීයභාවය සනාථ කිරීමට නායකත්වය දුන් ජනාධිපතිතුමන් අතින් සිදු නොවන බව තම විශ්වාසය බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
ජාතික නිදහස් පෙරමුණේ බත්තරමුල්ලේ පිහිටි ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී විමල් වීරවංශ මහතා මෙසේ පැවසීය.
එහිදී අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.
‘‘13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ලබා දී ඇති බලතල මෙතෙක් කිසිදු පළාත් සභාවක නියමානුකූලව ක‍්‍රියාත්මක වුණේ නැහැ. එ කියන්නේ පළාත් සභාවලට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති බලතල සම්පූර්ණයෙන්ම භාවිතා කළ පළාත් සභාවක් අපට මේ ගෙවී ගිය ඉතිහාසය තුළ දක්නට ලැබෙන්නේ නැහැ.
එයින් කියැවෙන්නේ ප‍්‍රධාන ජාතික දේශපාලන පක්‍ෂ අත මේ පළාත් සභාවල බලය තිබුණු නිසා, පොලිස් බලතල මෙන්ම ඉඩම් බලතල භාවිතා කරන පළාත් සභා අපට දක්නට නොලැබුණු බවයි. උතුරු පළාත් සභා මැතිවරණය දැනට ප‍්‍රකාශයට පත් කර ඇති ආකාරයට 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ නියමානුකූල බලතල අනුව සැප්තැම්බර් මාසයේ පැවැත්වුවහොත් එතැන් සිට මේ රටේ ජනතාවට දැක ගැනීමට ලැබෙනවා, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සැබෑ ස්වරූපය. ඒ වගේම ජනතාවට දැක ගැනීමට ලැබෙනවා, පළාත් සභාව කියන්නේ බෙදුම්වාදී බලවේගයක් අතට පත් වුණොත් මොන තරම් බලසම්පන්න ආයතනයක්ද කියන එක. ඒක ඉතාමත් අවාසනාවන්ත අත්දැකීමක්.
අපි දන්නවා, උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වුවහොත් කොටි සංවිධානයේ දේශපාලන රූකඩ ලෙස කටයුතු කළ දෙමළ ජාතිවාදී සන්ධානය(TNA) ඔවුන් දැන් ගොඩනගමින් සිටින ජාතිවාදී බෙදුම්වාදී මතවාදයේ පිහිට හරහා මේ පළාත් සභාවේ බලය ලබා ගැනීමට තිබෙන ඉඩකඩ වැඩියි. මෙවැනි බලවේගයක් උතුරු පළාත් සභාවේ බලය ලබාගතහොත් ඊට පහුවැනිදාම පළාත් පොලීසිය නිර්මාණය කරනවා. වෙනම නිල ඇඳුමක්, පළාතට ආවේණික රීති පද්ධතියක් සමග පොලිස් සේවයක් ගොඩනගනවා. මේ පොලීසිය, 13 වැනි සංශෝධනයෙන් ලබා දී ඇති බලතලවල ප‍්‍රමාණයට අනුව ගොඩ නැංවෙනවා.
ඒ විතරක් නොවෙයි, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් පළාත් සභාවලට ලබා දී ඇති ඉඩම් බලතල පූර්ණ වශයෙන් භුක්ති විඳීමට පටන් ගන්නවා. ඒ වගේම ඒ ඉඩම් බලතල පාවිච්චි කරලා ක‍්‍රමානුකූලව උතුරේ පිහිටුවා ඇති හමුදා කඳවුරු ඉවත් කිරීමට කටයුතු කරන පළාත් සභාවක් නිර්මාණය වෙනවා. එසේම ඉඩම් බලතල හා පොලිස් බලතල පාවිච්චි කරලා දැනට උතුරු පළාත තුළ ඉතිරි වී සිටින සුළුතර සිංහල හා මුස්ලිම් ජනතාව පලවා හැරීමේ ව්‍යාපාරයද ඒ සමගම ඇරඹෙනවා. මේ පළාත් සභාවේ පාලනය ලැබෙන්නේ ජාතිවාදී, බෙදුම්වාදී කොටි රූකඩ හවුලකට නිසා මේ ආකාරයට තමයි කටයුතු සිදුවෙන්නේ. ඔවුන් එදා කොටි බලවත්ව සිටියදී පාර්ලිමේන්තුවේදී කතා කළෙ කොටි සංවිධානයේ භාරකරුවන් හැටියට. මේ පිරිස තමයි මේ තත්ත්වය යටතේ උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වුවහොත් බලය ලබා ගන්නේ. අද උතුරේ එදා 80 ගණන්වල පැවැති ජන සංයුතිය නැහැ. සිංහල සහ මුස්ලිම් ජනතාව එදා සිටිය තරම් නැහැ. ඇත්ත වශයෙන්ම ඊට පෙර සිටම නොයෙක් ආකාරයෙන් සිංහල හා මුස්ලිම් ජනතාව උතුරෙන් පලවා හැර තිබෙනවා. ඉතිං මේ ඉන්න සිංහල – මුස්ලිම් සුළුතරයත් ක‍්‍රමානුකූලව පලවා හැරීමේ මෙහෙයුම තමයි දෙමළ ජාතික සන්ධාන පාලනයක් යටතේ සිදු විය හැක්කේ.
ඒ විතරක් නොවෙයි. උතුරු පළාත් සභාවට නැගනහිර ඈඳා ගැනීමේ මෙහෙයුමත් මේ සමගම ආරම්භ වෙනවා. මම දැක්කා, දෙමළ ජාතිවාදී සන්ධානයේ නායකයකු කියා තිබෙනවා, ‘දෙමළ හා මුස්ලිම් ජනතාවට එකතු වීමේ කාලය එළඹ තියෙනවා’ කියලා. මේ අය මේ එකතු වීමේ කාලය එළඹිලා තියෙනවා කියලා කියන්නේ කුමක් සඳහාද? උතුරු පළාත් සභාවේ බලය දෙමළ ජාතිවාදී සන්ධානය ගන්නකොට නැගනහිර පළාත් සභාවත් නම්මා ගන්න ඕනේ. ඒක කරන්න ඕනෙ මුස්ලිම් කොංග‍්‍රසය සමග එකතු වෙලා. මම දන්නේ නැහැ, මුස්ලිම් කොංග‍්‍රසය ඒ තීරණයට එකග වෙයිද, නැද්ද කියලා. නමුත් දෙමළ ජාතිවාදී සන්ධානයට මුස්ලිම් කොංග‍්‍රසය සමග එකතු වෙලා නැගනහිර පළාත් සභාවේ බලය පිහිටුවීමේ උවමනාව තිබෙනවා, ඒ නිසා අද දෙමළ ජාතිවාදී සන්ධානය මුස්ලිම් ජනතාව ගැන ඉතා අනුකම්පාවෙන් කතා කරනවා.
නැගනහිර මුස්ලිම් ජනතාව ඒ උගුලට වැටෙන්න කැමති නැති නිසා තමයි, ඒ මුස්ලිම් ජනතාව බලෙන් එතැනට තල්ලූ කරන්න, නෝර්වේ ආධාර දීලා සිංහල – මුස්ලිම් ගැටුම්කාරීත්වයක් නිර්මාණය කිරීමේ ව්‍යාපාරයකුත් ක‍්‍රියාත්මක වුණේ. සිංහල – මුස්ලිම් ගැටුමක් මෙතැන හැදුනාම නැගනහිර මුස්ලිම් ජනතාව හිතනවා, ‘අපට වෙන කිසි කෙනෙක් නැහැ පිළිසරණට, දෙමළ බලවේග සමග තමයි අපට හිට ගන්න තියෙන්නේ’ කියලා. එතැනට නැෙ`ගනහිර මුස්ලිම් ජනතාව තල්ලූ කරන්න තමයි මේ ව්‍යාපෘතිය දියත් වුණේ නෝර්වේ සල්ලිවලින්.
මේ අනුව පැහැදිලියි, ඔවුන්ගේ ඊළග සැලසුම නැගනහිර පළාත් සභාවේ බලයත් තමන් අතට ගැනීම. මේක එතැනින් නතර වෙන්නේ නැහැ. පළාත් සභා දෙකට වෙන වෙනම යෝජනා දෙකක් ගෙනල්ලා, ඒවා සම්මත කරගෙන ඒකට ඒකාබද්ධ වෙනවා. එවිට උතුරු – නැගනහිර ඉඩම් බලතල සම්පූර්ණයෙන් භුක්ති විඳීමට පටන් ගන්නවා. ඊට පස්සේ වාර්ගික ශුද්ධය නැගනහිර පළාත තුළත් වෙනස් ආකාරයකින් ආරම්භ වෙනවා. නැෙ`ගනහිර පළාත කියන්නේ බොහෝ දුරට සිංහල, දෙමළ, මුස්ලිම් ජන සංයුතීන් සමානව තිබෙන පළාතක්. මේකෙන් වෙන්නේ මේ රට තිබුණටත් වඩා අවුල් සහගත තත්ත්වයකට ඇද වැටීම.
ඒ විතරක් නොවෙයි, ඔවුන් මේ පළාත් සභා දෙක ඒකාබද්ධ කර පාලනය කළත්, වෙන වෙනම පාලනය කළත් මේ පළාත් සභා දෙකම විශේෂයෙන් උතුරු පළාත් සභාව, අද දකුණු ඉන්දියාවේ වර්ධනය වන ශී‍්‍ර ලංකා විරෝධී ව්‍යාපාරය සමග අත්වැල් බැඳ ගත් තිප්පොළක් බවට පත් වෙනවා, බටහිර අධිරාජ්‍යවාදී බලවේගවල, ඉන්දියානු ව්‍යාප්තවාදී බලවේගවල මේ හැමෝගෙම ප‍්‍රධාන තිප්පොළක් බවට පත්වීම සිකුරුයි.
මේ තිප්පොළ මේ විදියට නිර්මාණය කර දෙන්නද රණවිරුවෝ ජීවිත පූජා කළේ. මේ කොටි සංවිධානයේ හිටපු දේශපාලන රූකඩ අතට පොලිස් – ඉඩම් බලතල දීලා, උතුරේ ඉතිරිව සිටින සිංහල – මුස්ලිම් මිනිස්සු පලවා හරින අනාගතයක් උදා කර දෙන්නද මේ රටේ රණවිරුවෝ ජීවිත පූජා කළේ. අපට තියෙන්නේ ඒ ප‍්‍රශ්නය. ජයග‍්‍රහණය පෙනි පෙනී සටන් කරපු රණවිරුවන්ගේ බලාපොරොත්තුවද මේකෙන් ඉටු වන්නේ.
ඒ නිසා අපි මුළුමහත් රටෙන්ම ඉල්ලනවා, ජනාධිපතිතුමාගෙන්, රජයෙන්, ඉල්ලනවා මේ වැරැද්ද නම් කරන්න එපා ජනාධිපතිතුමන් තමයි, බෙදෙන්න ඔන්න මෙන්න කියලා තිබුණු රට එක්සේසත් කළේ. එක කොඩියක් යටතට ගෙනාවේ. ආරක්‍ෂක හමුදාවන්ට ඒ සටන කරන්න අවශ්‍ය සෑම ශක්තියක්ම දීලා, මොන බටහිර රටවල් විරුද්ධ වුණත්, ඒ බටහිර රටවල් කකුලෙන් අදිද්දිත් ඒවාට යට නොවී ඒ සටනට නායකත්වය දීලා මේ රටට සාමය ගෙනාවේ. ජනාධිපතිතුමන් මේ රටට සාමය ගෙනාවේ ඒකීයභාවයත් සමග.
උතුරු පළාත් සභාවට මේ බලතල ගියොත්, මේ රටේ ඒකීයභාවය අහිමි වීමේ තත්ත්වයක් තමයි යළි නිර්මාණය වෙන්නේ. එදා සන්නද්ධ ත‍්‍රස්තවාදයෙන් ලබා ගැනීමට නොහැකි වූ දේ ව්‍යවස්ථානුකූල ක‍්‍රියාමාර්ග හරහා දිනා ගැනීමේ ක‍්‍රියාමාර්ගයක් මෙතැනින් ආරම්භ වෙන්නේ. මේක තමයි නව දෙමළ ඊළාම් සැලැස්ම. මේ ඒකාබද්ධ වුණු උතුරු හා නැගනහිර පළාත් සභා අනිවාර්යයෙන්ම ඊළගට යෝජනාවක් සම්මත කරනවා, අර රායප්පු ජෝශප් පියතුමා, දකුණු ඉන්දියාවේ කරුණානිධි මහත්තයලා එකට එකතු වී කරන යෝජනාව. ඒක තමයි, එක්සත් ජාතීන්ගේ මැදිහත්වීමක් ඉල්ලා සිටීම. මේ යෝජනාව ඒ ඒකාබද්ධ පළාත් සභාව සම්මත කළ යෝජනාවක් විදියට තමයි ඉදිරිපත් වෙන්නේ. ඒ ආකාරයට අන්තර්ජාතික දේශපාලන මැදිහත්වීමකට අවශ්‍ය කරන පරිසරය එමගින් නිර්මාණය වෙනවා.
ඒ අනුව ඉතා පැහැදිලියි, මේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ලැබී ඇති බෙදුම්වාදී බලතල යටතේ උතුරේ ඡුන්දය පැවැත්වුවහොත්, ඉන් බෙදුම්වාදී බලවේග සිය අරමුණු ඉටු කර ගැනීම මිස පොදු ජනතා අභිලාෂයන් කිසිවක් ඉටු නොවන බව. 1987 දී ඉන්දියාව විසින් ජේ. ආර්. ජයවර්ධන දණ ගස්වා යටත් කොට බලහත්කාරයෙන් ලබා දුන් ඒ පළාත් සභාවලින් මේ රටට අත්වන අවාසනාවන්ත ඉරණම අපට මේකෙන් දැක ගැනීමට පුළුවන්.
ඒ නිසයි අපි යළිත් කියන්නේ ඒ වැරැද්ද නම් කරන්න එපා.. ජනාධිපතිතුමන් නායකත්වය දුන්නේ මේ රටේ ඒකීයභාවය සනාථ කරන්න. ඒ නිසා එතුමාට පුළුවන් වෙන්න විදියක් නැහැ, ඒ අනන්‍යතාවය නම් එතුමා ආරක්‍ෂා කර ගැනීමට කල්පනා කරන්නේ, කිසි ලෙසකින්වත් උතුරු පළාත් සභා මැතිවරණය 13 වැනි සශෝධනයයට අදාළ නියමානුකූල බලතලත් එක්ක පවත්වන්න.
ඉඩම් බලතල, පොලිස් බලතල, පළාත් සභා දෙකකට ඒකාබද්ධ වීමට ඇති හැකියාව ආදී රටේ ඒකීයභාවයට අහිතකර බලතල සංශෝධනයකින් තොරව (අපි නම් කියන්නේ පළාත් සභා අහෝසි කරන්න කියලා) මේ ඡන්දය තියන්න එපා..
මේ වැරැද්ද කරන්න එපා කියලා අපි රජයෙන් ඉල්ලනවා, මේ රටේ ජනතාව, ‘මේ වැරැද්ද කරන්න එපා’ කියන බලපෑම රජයට සිව් දෙසින් ඉදිරිපත් කළ යුතුයි, කියලා අපි විශ්වාස කරනවා. ඒ සඳහා අපි ක‍්‍රියාමාර්ග රැසක් ගැනීමට ඉදිරියේදී සූදානමින් සිටිනවා. ඒ පිළිබඳව මේ මාධ්‍ය සාකච්ඡව අග කොටසේදී පවසනවා.
දැන් අපි ඔබගේ අවධානයට තවත් කරුණක් යොමු කරනවා. පසුගිය දවස්වල පුවත්පත් කිහිපයක් වාර්තා කළා, ඇමෙරිකා එක්සත් ජනපදය මාලදිවයින සමග යුදමය ගිවිසුමකට අත්සන් කිරීමට සූදානම් වන බව. ඉරණවිල තමයි, තියෙන්නේ ඇමෙරිකන් හ`ඩ. එදා ජේ. ආර්. ජයවර්ධන ‘‘යැංකි ඩිකීගේ’’ පාලන කාලයේ ඇමරිකන් හ` ශ‍්‍රී ලංකාවේ පිහිටුවා ගත්තේ ඉන්දියාවේ දැඩි විරෝධය මැද්දේ. මොනවා වුණත් එදා ඉන්දියාවේ හිටපු නායකයන්ට ඉන්දියාව ගැන දුර දක්නා නුවණක් තිබුණා. ඒ නිසා එදා හිටපු ගාන්ධි පරපුරේ නායකයො ඇමරිකන් හඩ ඉරණවිල පිහිටුවනවාට විරුද්ධ වුණා. ඔවුන් එදා එමගින් මේ කලාපයට වන හානිය දැක්කා. අද සිටින ඉන්දියානු නායකයන්ට ඒ දුර දක්නා නුවණවත් නැති බව පෙනෙනවා. චීනයත් සමග තියෙන සම්ප‍්‍රදායික පසමිතුරුකමට යට වෙලා අද ඉන්දියාව ඇමෙරිකන් එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ තිප්පොළක් බවට මේ දකුණු ආසියානු කලාපය පත් කොට තිබෙනවා. නැත්නම් මාලදිවයින, එක්සත් ජනපදයේ යුද කටයුතු සඳහා යොදා ගැනීමට ඉඩ ලැබෙන ආකාරයේ ගිවිසුමකට ඉඩ දී ඔවුන් බලාගෙන ඉන්නේ නැහැ.
මාලදිවයින් රජය මේ සම්බන්ධයෙන් යනු ලබන ක‍්‍රියාමාර්ග අපට පැහැදිලි නැහැ. නමුත් මේ වෙන්නේ කුමක්ද? එදා ක්ලින්ටන් නෝනා ඉන්දියාවට ඇවිත් ජයලලිතා නෝනා සහ කරුණානිධි මහත්තයා හමුවෙලා ගියා. එදා ඉඳන් තමයි දකුණු ඉන්දියාවේදී ශ‍්‍රී ලංකාවේ දෙමළ ඊළම වෙනුවෙන් උද්ඝෝෂණ ව්‍යාපාර ආරම්භ වුණේ. එදා ඉඳන් තමයි, ශ‍්‍රී ලංකාවේ වන්දනාකරුවන්ට පහර දීමට පටන් ගත්තේ. ඒක තමයි ක්ලින්ටන් නෝනා ඇවිත් භාර දුන්නු කොන්ත‍්‍රාත්තුව. අද ඇමෙරිකා එක්සත් ජනපදය, දකුණු ඉන්දියාව ශ‍්‍රී ලංකාවට එරෙහිව යොදවනවා. අද දකුණු ඉන්දියාවේ, ශ‍්‍රී ලංකාවේ දෙමළ ඊළම වෙනුවෙන් සටන් වදින බලවේගයන් නිර්මාණය කරනවා. ඒ අනුව හෙට දිනයේදී දකුණු ඉන්දියාවේ ඊළම වෙනුවෙන් සටන් වදින බලවේග ඒ තුළින් බිහි වෙනවා. අද ඉන්දියාවේ ඉන්න නායකයන්ට කිසි ලෙසකින්වත් මේ තත්ත්වය තේරුම් ගන්න බැරි බව ඔප්පු වෙමින් පවතිනවා.
මාලදිවයින යුද කටයුතු සඳහා යොදා ගන්න ඉඩ හදාගන්න කොට, ශ‍්‍රී ලංකාව අස්ථාවර වෙලා තියෙන්න ඕනෙ. ඉන්දියාවේ, දකුණු ඉන්දියාව ඇතුළු ප‍්‍රදේශ කඩා වෙන් කිරීමේ ව්‍යාපාරය පණ ගැන්වෙන්න ඕනෙ. ඉන්දියාවට විරුද්ධ, ඉන්දියාවේ සිටින බලවේගත් එකතුකරගෙන එහෙම ලොකු සැලැස්මක් ඇතිව, විශෙෂයෙන් තම යුදමය අවශ්‍යතා සඳහා මේ කලාපය ගිල ගැනීමේ උවමනාවක එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ඉන්නවා. කොළඹ සිටින ඇමෙරිකානු තානාපතිතුමිය කුණු අහුලන කොට ඒකෙන් අනෙක් පැත්තට කියැවෙන්නේ, ඇමෙරිකා එක්සත් ජනපදයෙන් දකුණු ආසියානු කලාපයට එන්න තියෙන බලපෑම අඩුයි නොවෙයි, වැඩියි කියන එකයි. ඒ ගොල්ලො වැඩියෙන් සමාජ සුබසාධනය ගැන කතා කරනවා නම් තමයි අපි බය වෙන්න ඕනෙ. ‘බුදුසරණයි’ කියලා ඉස්සරහ ගහගෙන යන ලොරි තමයි වැඩියෙන් පරීක්‍ෂා කරන්න ඕනෙ, පිටිපස්සේ මරන්න ගෙනියන හරක් ඉන්නවාද? කියලා. මේ කලාපයේ එක්සත් ජනපද බලපෑම දවසින් දවස තීව‍්‍ර වෙනවා. මේ තීව‍්‍ර වන බලපෑමට අද ශී‍්‍ර ලංකාව මුහුණ දෙමින් සිටිනවා. ඒ නිසා තමයි ජිනීවාවල යෝජනා රැගෙන ඇවිල්ලා ශ‍්‍රී ලංකාව කොටු කර ගන්න හදන්නේ. ඒ ගොල්ලන්ට ඕනෙ වෙලා තියෙන්නේ තමන්ට නටවන්න පුළුවන් පාලනයක් මෙතැන හදා ගන්න.
මේ හැම කාරණයක් ගැනම අපේ රටේ ජනතාව, අවධානයෙන් අවදියෙන් සිටිය යුතුයි කියන කරුණත් අවධාරණය කරනවා.
අවසාන වශයෙන් කියන්න ඕනෙ, උතුරු පළාත් සභා මැතිවරණය මේ පවත්නා බෙදුම්වාදී බලතල යටතේ පැවැත්වුවහොත් ඊට අපේ විරෝධය පළ කිරීම සඳහා ක‍්‍රියාමාර්ග ගණනාවක් අපි සූදානම් කර තිබෙන බව. මේ තත්ත්වයට විරුද්ධව අපේ පළාත් සභා හා පළාත් පාලන මන්ත‍්‍රීවරුන් හරහා එම ආයතනවලට යෝජනා ඉදිරිපත් කරවීමට අපි කටයුතු කරනවා. ඒ වගේම සඳුදා සිට ‘බෙදුම්වාදී බලතල සහිතව උතුරේ ඡන්ද එපා..’ යන පණිවිඩය රැගෙන යාමට දැනුම්වත් කිරීමේ පත‍්‍රිකා දසලක්‍ෂයක් දිවයින පුරා බෙදා හැරීමට කටයුතු කරනවා. එසේම ගම්පහ, කුරුණෑගල, මහනුවර, කළුතර හා කොළඹ යන නගරවල ‘නව දෙමළ ඊළාම් මෙහෙයුම හා උතුරේ ඡන්දය’ යන මැයෙන් ජනතාව දැනුම්වත් කිරීමේ සම්මන්ත‍්‍රණ පහක්ද ඉදිරි සති කිහිපය තුළ පවත්වනවා. එසේම ජනතා පෙත්සමකට අත්සන් ගැනීමේ කටයුතු ද ආරම්භ කරනවා’’
නෝර්වේ බල සේනා, උතුරේ මැතිවරණය සහ මාල දිවයිනේ ඇමරිකා හමුදා කඳවුර
May 10, 2013 at 12:01 am | lanka C news
http://lankacnews.com/sinhala/main-news/94104/

0 comments:
Post a Comment