අපවත්වී වදාළ කතරගම කිරිවෙහෙර අධිපති, ඌව වෙල්ලස්‌ස විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය අතිපූජ්‍ය අලුත්වැව සෝරත නායක ස්‌වාමින්ද්‍රයන් වහන්සේගේ ආරාමයේ වසර පහක් පමණ වැඩ වාසය කරමින් ඉතා සමීපව ආශ්‍රය කරමින් සිටි මම, උන්වහන්සේ තුළින් ශ්‍රේෂ්ඨ උත්තමයකු දුටුවෙමි. එහි සිට ජපානයට යනතුරුත්, ඉන්පසුවත් උන්වහන්සේගේ ආශිර්වාදය මට ලැබිණි. එම නිසා දෙවතාවක් ම මගේ ආරාධනයෙන් උන්වහන්සේ ජපානයට වඩම්මවාගෙන ගෞරව සත්කාර දක්‌වන්නට ලැබීම මට මහත් වාසනාවක් විය.
සංඝ සමාජය තුළ ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වූ අතිගරු අලුත්වැව සෝරත නායක ස්‌වාමින්ද්‍රයන් වහන්සේ සංඝ සෝභන ගුණයන්ගෙන් අනූන වූහ. බුදුරජාණන් වහන්සේ හඳුන්වා දුන් සංඝ සෝභන ගුණ වූ ව්‍යක්‌ත බව, විනීත බව, විශාරද බව, බහුශ්‍රැත බව, ධර්මධර බව, ධම්මානුධම්ම පටිපන්න බව නිතැතින්ම උන්වහන්සේ වෙත පැවතිණි.
අති ගෞරවනීය පරන්තේ ආනන්ද නාහිමි, අති ගෞරවනීය පොළොම්මාරුවේ රේවත නාහිමි යන ආචාර්යයන් වහන්සේලාගෙන් පැවිදි බව ලබා කුඩා කල සිට සුපේෂළ ශික්‍ෂාකාමී භික්‍ෂුවක ලෙස හැදී වැඩුනහ. මරදානේ ශ්‍රී ලංකා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ගත් උන්වහන්සේ පසුව ආචාර්ය උපාධියද දිනා ගත්හ. ව්‍යක්‌ත විශාරද පඬිවරයකු ලෙස ප්‍රකට උන්වහන්සේ "කතරගම පුද සිරිත්", "ශ්‍රී ලංකාවේ බෝධි සංස්‌කෘතිය", "මානසික ශික්‍ෂණය උදෙසා බෞද්ධ භාවනාව" , "කතරගම ලිපි" ආදී ශාසත්‍රීය ග්‍රන්ථ රැසක් ලියා පළ කළහ.
උන්වහන්සේ තුළ පැවැති විචාරශීලී, පර්යේෂණාත්මක බුද්ධිය එම කෘතිවලින් මැනවින් ප්‍රකට වේ. එසේම උන්වහන්සේගේ සාකච්ඡාවලින් හා දේශන තුළින් ද බුද්ධියේ පරිණතභාවය පැහැදිලි වන්නේය. අදහස් තර්කානුකූලය. හරවත්ය. රසවත්ය.
කතරගම කිරිවෙහෙර අධිපති තනතුර දැරුව ද ආචාර්ය උපාධිය දිනා සිටියද විශ්වවිද්‍යාල කුලපතිවරයෙක් වුවද සංඝ සමාජය තුළ මහා යතිවරයකු ලෙස පිදුම් ලැබුවද අප නායක ස්‌වාමින්ද්‍රයන් වහන්සේ නිහතමානී ගුණයෙන් යුක්‌ත වූහ. ඕනෑම කෙනකුට ළංව කතාබහ කළ හැකි ඕනෑම කෙනකුගේ ප්‍රශ්න, දුක සානුකම්පිතව අසන කාරුණික යතිවරයන් වහන්සේ කෙනෙක් වූහ. මා සමීපවම ඇසුරු කිරීමෙන් දැනගත් දෙයක් නම් අනුන්ගේ දුකට තදින් හදවත කම්පා වෙන බවයි. කිසි විටෙක කේන්ති නොගැනීමද උන්වහන්සේගේ විශේෂ ස්‌වභාවයකි. අතිගරු නායක හාමුදුරුවෝ අසරණයන්ට, අසාධාරණයට ලක් වූවන්ට, දුප්පතුන්ට හිතපක්‍ෂපාතිව කටයුතු කිරීම සිරිත විය. බොහෝ දෙනා යමක් කමක් ඇති තැනට සැළකිල්ල දැක්‌වීම සිරිතයි. එහෙත් නායක හාමුදුරුවන්ගේ සිරිත වූයේ අඩුපාඩුවක් අපහසුවක් ඇති තැනට පිහිට වීමයි.
උන්වහන්සේ තුළ දුටු තවත් විශේෂයක් නම් ඕනැම කෙනකුට එක වගේ සැලකීමය, පිළිගැනීමය. අගමැති, ජනාධිපති වැනි කෙනකු පැමිණියත් ඔවුන්ට කියා වැඩි විශේෂත්වයක් නොදක්‌වති. ඔවුන් ඉදිරියේ ගුණ වර්ණනා කිරීමට නොපෙළඹෙති. එසේම සාමාන්‍ය දුප්පත් මනුස්‌සයෙක් පැමිණි විටෙක ඔවුන්ට සැළකිල්ලක් නොදක්‌වා ගණන් නොගෙන සිටිනා ස්‌වභාවයක් උන්වහන්සේ වෙත නොතිබිණි. ඔවුන්ගේ අවශ්‍යතාවන් පිළිබඳ සැළකිල්ලෙන් කතා කොට සිත් සැනසෙන පරිදි කතා කිරීම මහත්මා ගතියක් ලෙස දක්‌නට ලැබිණි.
කිසිවිටෙක කිසිවකු විවේචනය නොකළේ, කිසිවකුට අවමන් නොකළේ උන්වහන්සේගේ සානුකම්පිත බව නිසාය. හැම කෙනකුට ම ආත්මගරුත්වය කියා දෙයක් ඇති බව උන්වහන්සේ පිළිගත්හ. ඒ නිසා හැමදෙනාම සුහදශීලීව පිළිගැනීමත් ප්‍රියමනාප ලෙස කතා කිරීමත් නායක හාමුදුරුවන් වහන්සේගේ සිරිත විය.
අතිගරු අළුත්වැව සෝරත නායක ස්‌වාමින්ද්‍රයන් වහන්සේ අධ්‍යාපනයෙන් ඉහළට ගියා සේම ප්‍රදේශයේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් විශාල ලෙස කැප වූ චරිතයක් විය. කතරගම මහා විද්‍යාලයේ ආචාර්යවරයකු ලෙස සේවය කරමින් විද්‍යාලයේ දියුණුවට වෙහෙසුණහ. නියෝජ්‍ය විදුහල්පති වීමෙන් පසු එම මහා විද්‍යාලය මධ්‍ය මහා විද්‍යාලයක් බවටත් ජාතික පාසලක් බවටත් පත් කර ගත්හ. භෞතික සම්පත් වර්ධනය කළ අතර මානව සම්පත් ද සංවර්ධනය කළහ. උන්වහන්සේ නිසා කතරගම මධ්‍ය මහා විද්‍යාලය ප්‍රදේශයට ප්‍රදීපස්‌තම්භයක් වූ බව හැමදෙනාම අවිවාදයෙන් පිළිගනිති.
විහාරස්‌ථ දහම් පාසල ආරම්භ කිරීමෙන් ද විශාල අධ්‍යාපනික සේවාවක් සැලසිණි, තම ගුරු දේවයන් වහන්සේලා දෙනම අනුස්‌මරණය කිරීම වශයෙන් "ආනන්ද රේවත දහම් පාසල" නමින් දහස් ගණනක ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිටින ඉතා ප්‍රබෝධමත් දහම් පාසලක් ගොඩනඟා අධ්‍යාපනික වශයෙන් ඉමහත් සේවාවක් ඉටු කර ඇත. එහි දරුවන්ට චාම්, ලස්‌සන නිල ඇඳුමක් ලබා දෙන අතර ඔවුන් දිරි ගැන්වීමට විවිධ ත්‍යාග පිරිනැමෙන බව පැහැදිලිය.
කතරගමට වෘත්තීය පුහුණු මධ්‍යස්‌ථානයක් ඇති කොට දහස් ගණනක් තරුණ තරුණියන්ට රැකියා පුහුණුව ලබාදී ජීවිත ආලෝකමත්a කර ඇත. අතිගරු මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිතුමන් කලින් කාර්මික හා වෘත්තීය පුහුණු අමාත්‍යවරයා ලෙස සිටියදී එතුමන්ගේ සහයෙන් එම වෘත්තිය පුහුණු මධ්‍යස්‌ථානය ආරම්භ කරන ලදී. ඊට බොහෝ පහසුකම් සපයනු ලැබිණි. පාසල් හැර යන ළමයින් නිවැරදි මාර්ගයක යොදවා ඔවුන්ගේ ජීවිත සාර්ථක කරදී ආර්ථික වශයෙන් ශක්‌තිමත් පවුලක් ගොඩනැගීම උන්වහන්සේගේ අධිෂ්ඨානය විය. එම අදහසම කොතරම් පරාර්ථකාමී ද යන්න පැහැදිලිය. "බහුජන සුඛාය" යන තේමාව අතිගරු නායක ස්‌වාමින්ද්‍රයන් වහන්සේගේ මුළු ජීවිතයේම පැවතිණි.
කතරගම කිරිවෙහෙර අංගසම්පූර්ණ පූජනීය විහාරස්‌ථානයක් බවට පත් කිරීමට අතිගරු නායක හිමිපාණන් වහන්සේ ක්‍රියා කළ බව හැමදෙනාම හොඳින් දනිති. විහාරස්‌ථානයේ වගකීම් පැවරෙන විට පැවතුණේ ලැගුම්ගේ පමණි. ක්‍රමයෙන් සියලු අංග උපාංග සම්පූර්ණ කොට භික්‍ෂූන් වහන්සේටත් සැදැහැවත් උපාසක උපාසිකාවන්ටත් පහසුකම් සැලසුණි. දහම් පාසල් දරුවන් දහස් ගණනකට අධ්‍යාපනය ලබන්නට ගොඩනැඟිලි පහසුකම් සැලසුණා සේම දහස් ගණන් උපාසක උපාසිකාවන්ට පෙහෙවස් සමාදන් වීමට පහසුකම් සලසා දුන්හ. මහසෙන් උපාසක සමිතිය මගින් සීල සමාදාන වැඩසටහන පොහෝ දවස්‌හි ඉතා සාර්ථක අන්දමින් ක්‍රියාත්මක වේ. එය නායක මාහිමිපාණන් වහන්සේගේ මග පෙන්වීම යටතේ සිදු කෙරෙන යහපත් සේවාවක් ලෙස බොහෝදෙනා අගය කරති. ඉතා ඈත පළාත්වලින් පවා පෙහෙවස් සමාදන් වීමට කිරිවෙහෙරට පැමිණෙන්නේ ඒ නිසාය.
අපේ නායක හාමුදුරුවෝ ඉතා ශ්‍රද්ධාසම්පන්න වූහ. කොතරම් වැඩ රාජකාරි තිබුණත් නොවරදවා, නොකඩවා බුද්ධ වන්දනාවේ යෙදුණහ. වත පිරිත කියූහ. උදේ සවස 6.30 ට කිරිවෙහෙර වහන්සේ වෙත ගොස් ඒ වන්දනාමාන කිරීම උන්වහන්සේගේ සිරිතය. හරවත් ජීවිතයක් ගත කිරීමට උන්වහන්සේ තුළ පැවැති ඒ ශ්‍රද්ධාව ඉතාම වටිනා ගුණයක් විය.
ප්‍රදේශයේ ජීවත් වන දුප්පත් අහිංසක මිනිසුන් පිළිබඳ උන්වහන්සේ තුළ පැවතුණේ ඉතා සානුකම්පිත හැඟීමකි. විශේෂයෙන් ගොවිතැන් කර ගෙන ජීවත් වන මනුෂ්‍යයන්ට සහයෝගය දක්‌වමින් යල - මහ දෙකන්නයෙන්ම ගොවිතැන් කරන්නට ඔවුන්ට උපකාර වූහ. මැණික් ගඟ කුඩා ගල් අමුණ ප්‍රදේශයෙන් හරස් කර කතරගම ප්‍රදේශයේ ඇති වැව් ජලයෙන් පුරවා ගොවියන්ට ජල පහසුකම් ලබාදීමට ක්‍රියා කළහ. මහාඝෝෂපුර ගම්මානය ඉදිකරමින් ස්‌ථිර නිවාස 200 කට වඩා ඉදිකොට අහිංසක දිළිඳු පවුල් පදිංචි කරවා සෙත සැලසීමට පුරෝගාමී වූහ. එපමණක් නොව රාජ්‍ය අනුග්‍රහයෙන් විශාල ක්‍රීඩාපිටියක් සකස් කරවා තරුණ තරුණියන්ට ක්‍රීඩා කෞශල්‍ය දියුණු කර ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දුන්හ.
සංඝ සමාජයේ වුවත් ඉතා කලාතුරකින් පහළ වන යුග පුරුෂයකු බඳු ආචාර්ය අලුත්වැව සෝරත නායක ස්‌වාමින්ද්‍රයන් වහන්සේ ලොකු කුඩා හැමගේ ම ගෞරවාදරයට පාත්‍ර වූයේ උන්වහන්සේගේ උගත්කමත් ගුණවත්කමත් සේවයට කැපවීමත් නිසාය. මුදලට වහල් නොවී මුදල් පසුපස නොයමින් සාධාරණ ලෙස ලැබෙන මුදලද අන්තිම සතය දක්‌වා අනුන් වෙනුවෙන් කැප කළ ඉතා ආදර්ශවත් සංඝ පිතෘන් වහන්සේ කෙනකු ලෙස අපවත් වී වදාළහ. මේ සමාජයට අවශ්‍ය කරන්නේ එබඳු සත්පුරුෂයන් සිය ගණනින් දහස් ගණනින් පහළ වීමය. අපි අපේ නායක හාමුදුරුවන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.
ජපානයේ නරිතසන් ජෝසෝජි විහාරාධිපති, දහම් සෙවනේ සිඟිත්තෝ විහාරාධිපති, සුදුහුම්පොල විමලසාර මාහිමියෝ
http://www.divaina.com/2013/10/01/feature02.html
සබැඳි ලිපි -
[
සෝරත නාහිමියන් සසුනට කළ මෙහෙය විශිෂ්ටයි - අමරපුර සංඝ සභාවhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_6464.htmlසෝරත නාහිමියන්ට ගෞරව දැක්‌වීමට ජන ගඟක්http://denethharinna.blogspot.com/2013/09/blog-post_7367.html
]

0 comments:
Post a Comment