
බොන්සායි කලාව ඉතාමත් සරල ආකාරයෙන් ගතහොත් කුඩා බඳුනක් තුළ සොබාදහම පෙන්නුම් කරදීමේ ප්රයත්නයකි. ස්වභාවික වශයෙන් ඉපැරණි ශාකයක්, වනගහනයක්, භූ දර්ශනයක් පිළිබඳ හැඟීමක් බොන්සායි කලාව තුළින් ප්රකාශිත වෙයි. එය ක්ෂුද්රරූපී අයුරින් සොබාදහම ප්රතිජනනය කරන්නකි. එහෙත් එය ජීවී ශාකයක් ද වෙයි. වසර ගණනාවක් මුළුල්ලේම එබඳු කුඩා ප්රමාණයේ ස්වභාවික වූ යමක් පෝෂණය කරලීම ප්රියජනක මෙන් විනෝදජනක වූවකි.
බොන්සායි කලාකාමී පිරිස් සොබාදහමේ සොඳුරු බව අගයමින් කුඩා බඳුන්හි ශාකයන් වැවීම කරති. එවැනි කාර්යයක නියෑළෙමින් ඔවුහු සොබාදහමින් හා ජීවන දර්ශනයෙන් යමක් උගනිති. බොන්සායි කලාව පිළිබඳ කිසිදු වැටහීමකින් තොර තැනැත්තෙකුට වුවද එහි සොඳුරු බව අගයමින් ඉන් ආශ්වාදයක් ලැබිය හැකිය, බොන්සායි කලාව තුළ ගැබ්වී ඇති ශක්තිය වනුයේ සොබාදහමේ අතිසුන්දරත්වය විදහාපෑමට එතුළින් ලබාදෙන හැකියාවයි. බොන්සායි ක්රමානුකූලව ශාක වැවීමෙහි නියෑළෙන සැමදෙනා විසින්ම දිනා ගත යුතු ඉලක්කය මෙය වෙයි.

බොන්සායි ශාකයක් යනු එහි මුල් හා පත්ර ඇසුරෙන්ම ජීවී වස්තුවකි. ශාකයට කතාබහ කළ නොහැකි වුවත් එය පෝෂණය කරලීමේ යෙදෙන සෑම දිනයකදීම ශාකය ඔබට යමක් කියන්නට උත්සාහ දරන බවක් ඔබට හැඟී යනු ඇත. ශාකය ඔබගෙන් ජලය හෝ පොහොර ඉල්ලමින් ඇති බවක් කිසියම් දිනකදී ඔබට දැකගත හැකි වනු ඇත. එකී අවස්ථාව කරා ඔබ එළෙඹෙන විටදී ඔබ ශාකය සමඟ කිට්ටු සබැඳියාවක් ගොඩනගා ගෙන තිබෙනු ඇත. බොන්සායි ශාකය ඔබේ ආදරය හා කරුණාවට ප්රතිචාර දක්වමින් මිනිසුන් අතර මෙන් මුසාව හෝ පාවාදීම් වලින් තොර අවංක මිතුරන් බඳු තත්ත්වයකට පත්වනු ඇත.
බොන්සායි කලාව වූ කලී ආකර්ෂණීය ප්රතිඵල ගෙනදිය හැකි තෘප්තිජනක මෙන්ම නිර්මාණශීලී විනෝදාංශයකි. සොඳුරු බව, විධික්රමය හා අත්දැකීම් පිළිබඳ හැඟීම ඊට පාදක වී තිබේ. මනාව හැදීවැඩුණු බොන්සායි ශාක බොහෝ වටිනාකමින් යුතු වෙයි. එබඳු ශාක විරලය. නිසි පරිදි සැලකිලිමත්ව රැකබලා ගත හොත් ඒවා දර්ශනීය කලා කෘතීන් බවට පත්විය හැකිය. චිත්රයක් හෝ මූර්තියක් පරිද්දෙන් එක් එක් බොන්සායි ශාකයන් සුවිශේෂී මෙන්ම පෞද්ගලික වූ ලක්ෂණ යන්ගෙන් යුතු වනු ඇත. සොබාදහම කිසිදුවිටකදී අනුකරණබිහි නොකරයි.
බොන්සායි යනු ජීවන කලාවකි. සැබෑ ශාකයක නිරූපණයක් ඔබ ගොඩනැගුවහොත් එකී නිර්මාණය වර්ධනය වෙමින් නව නිපැයුමක් බවට පරිණාමය වන අයුරු ඔබට දැකගත හැකි වනු ඇත. ඔබේ බොන්සායි ශාකය හැදී වැඩෙමින් ඔබ අපේක්ෂිත කලාත්මක බව සුරැකීම සහතික කරගැනීම ඔබේ කාර්යය වනු ඇත.

2013 ඔක්තෝබර් මස 04, 05 සහ 06 දින දී පෙරවරු 9.30 සිට 6.30 දක්වා කොළඹ 07, නෙළුම් පොකුණ මාවත හී ජාතික කලාභවනේදී පැවැත්වේ. බොන්සායි ප්රදර්ශන සෙනසුරාදා හා ඉරිදා පෙරවරු 11.00 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වේ.
බොන්සායි යනු ජීවන කලාවකි. සැබෑ ශාකයක නිරූපණයක් ඔබ ගොඩනැගුවහොත් එකී නිර්මාණය වර්ධනය වෙමින් නව නිපැයුමක් බවට පරිණාමය වන අයුරු ඔබට දැකගත හැකි වනු ඇත. ඔබේ බොන්සායි ශාකය හැදී වැඩෙමින් ඔබ අපේක්ෂිත කලාත්මක බව සුරැකීම සහතික කරගැනීම ඔබේ කාර්යය වනු ඇත.
ශාන්ති ප්රනාන්දු - ශ්රී ලංකා බොන්සායි සංගම
http://www.divaina.com/2013/10/01/feature04.html
0 comments:
Post a Comment