Pages

Friday, October 4, 2013

(උතුරු) පළාත් සභා බෙරය ගැසීම!

මැතිවරණ නීති උල්ලංඝනයන් හා අනික්‌ හිරිහැර කිරීම් චෝදනා මැද වුවද ද්‍රවිඩ සන්ධාන මැතිවරණ ජය අපට ගෙනෙන පණිවුඩය නම් "ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මකවේ" යන්නය. සිය ශක්‌තිය ප්‍රදර්ශනයට අවස්‌ථාව උදාකළ ජනාධිපතිතුමන්ට ද්‍රවිඩ සන්ධානය ස්‌තුතිවන්ත විය යුතුය. මෙම මැතිවරණ ප්‍රතිපලය සංහිඳියාවට යන නව දුෂ්කර මාවතක්‌ විවර කරයි. ඉන් මතුවන දේශපාලන යථාර්ථයන් සමග සංහිඳියා ක්‍රියාදාමය අත්වැල් බැඳගෙන යයි. 

ඇමෙරිකානු තානාපති කාර්යාලය මෑතකදී පැවසූයේ ප්‍රජාතන්ත්‍රවාදය සරලව මැතිවරණ පැවැත්වීම පිළිබඳව නොවේ, කෙසේ වුවද, සියලු ශ්‍රී ලාංකික ජන කොටස්‌වලට ඔවුන් ලැබිය යුතු සාමය හා ගරුත්වය සහිත ජීවත්වීමට වැඩිමනත්ව ක්‍රියාකළ යුතුය කියාය. ශ්‍රී ලංකා ජනරජයට හා ද්‍රවිඩ සන්ධානයට මෙය උගත හැකි මූලික මාර්ගෝපදේශයකි. රජය හා ද්‍රවිඩ සන්ධානය විසින් සැමට සාමය හා ගරුත්වය සඳහා වැඩිමනත් ලෙස කළයුතු ක්‍රියාමාර්ග ගැන සොයාබැලීම මෙහිදී අපේක්‌ෂාවයි. 

දෙපාර්ශ්වයම මුහුණ දිය යුතු, මැතිවරණයෙන් පසු පැන නැගී ඇති යථාර්ථයන් කිහිපයකි. 

මහහඬ දෝංකාර නගන ජාතිකත්ව ධ්‍රවීකරණය හෙවත් කේන්ද්‍රියකරණය එකකි. උතුරු පළාත් සභාවේදී ආසන 30/38 ද්‍රවිඩ සන්ධානය ජයගති. එසේම වයඹ හා මධ්‍යම පළාත්වල රජය පහසු ජයක්‌ ලැබීය. පළමුවැන්න ද්‍රවිඩ ජාතිකත්වය හා ජනතාව මුහුණදුන් දුක්‌බර භාවයන්ට පලියක්‌ ගැනීමේ ප්‍රතිපලයක්‌ යයිද, දෙවැන්න රජයේ යුද ජයග්‍රාහිත්වය සමග මුසු වූ ත්‍රස්‌තවාදීන් සමූල ඝාතනයේ සන්තුෂ්ටිය පිළිබිඹු කරන ජාතිකත්වයකියි කෙනෙකු පැවසිය හැකිය. මේ දෙපසේම දකින ජාතිකත්ව ධ්‍රවීකරණය දේශපාලන මහා ව්‍යසනයකින් තොරව යුහුසුළුව දියවී යතැයි අපේක්‌ෂා කළ නොහැකිය. 

තවත් යථාර්ථයක්‌, රජයේ ප්‍රකාශකයන් ද්‍රවිඩ සන්ධාන ප්‍රතිපත්ති ප්‍රකාශය බෙදුම්වාදී, යෑයි මැතිවරණයෙන් පසුවද දිගටම පැවසීම මත පැනනැගී ඇත. ඔවුන්ගේ තර්ක නිවැරදි නම් උතුරෙන් ලද මහා ජයග්‍රහණය රට බෙදා වෙන්කිරීම තහවුරු කරන ජනමතයක්‌ යෑයි බෙදුම්වාදියකු වන වී. රුද්‍රකුමාරන් වැනි අයෙකු අරුත් දක්‌වනු ඇත. රුද්‍රකුමාරන්ට සමාන්තරව සිතන තමිල්නාඩුවේ වයිකෝ හා රාමදොස්‌ මැතිවරණ ප්‍රතිපලය ද්‍රවිඩ ඊළමක්‌ සඳහා යෑයි නිගමනය කරති. වාසනාවකට, මේ චෝදනා නගනවිට ද්‍රවිඩ සන්ධාන නායකත්වය ඒවා ප්‍රසිද්ධියේම ප්‍රතික්‌ෂේප කළේය. 

කෙසේ වුවද, මැතිවරණය අවසානය සමගම මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් එක්‌සත් නොබෙදුණු රටක්‌ තුළ ද්‍රවිඩ කතා කරන ජනයාට යම් තරමක ස්‌වයං පාලනයක්‌ දෙන මෙන්, රජයෙන් ආයාචනය කළේය. ඔහු එයින් බෙදුම්වාදය බැහැර කළේය. එහෙත් එහි අවශ්‍ය වූ ස්‌වයං පාලන වපසරිය සැඟවී තිබුණි. නීති සකස්‌කිරීම (154උ වගන්තිය), මුදල් සම්පත්කරණය (154ජ වගන්තිය), පිරිස්‌ කළමනාකරණය (පළාත්සභා පනතේ සඩ කොටස) ආදිය සඳහා බලය හා අධිකාරය මගින් යම් ප්‍රමාණයක ස්‌වයංපාලනයක්‌. පළාත් සභාවලට ආරෝපණය වන්නේ ඒවා බලය බෙදා ගැනීමේ නීත්‍යානුකූල අත්‍යාවශ්‍යතාවයන් වන හෙයිනි. එහෙත්, වපසරිය 13 ව්‍යවස්‌ථා සංශෝධනයෙන්, ව්‍යවස්‌ථාවෙන් හා පළාත් සභා පනතින් බැහැරවන්නේ නම් එය ගැටලුවක්‌ වනු ඇත. 

දැනටමත් ද්‍රවිඩ සන්ධානයට / උතුරු පළාත් සභාවට ඇති "රටේ පරමාධිපත්‍ය හා භූමියේ අඛණ්‌ඩ භාවය සුරැකීමේ මහා වගකීම" සිහිපත් කරමින් බැසිල් රාජපක්‌ෂ ඇමැතිතුමන් අවවාදාත්මක වී ඇත. ද්‍රවිඩ සන්ධාන මැතිවරණ ප්‍රකාශනය දමිළ හා මුස්‌ලිම් ජනයා වෙනුවෙන් ඉල්ලා සිටි යුක්‌තිය, සමානාත්මතාවය, සාමය හා ආරක්‌ෂාව, සිංහලයින් සමගද බෙදා හදා ගන්නා ලෙස බැසිල් රාජපක්‌ෂ ඇමැතිතුමන් ද්‍රවිඩ සන්ධානයෙන් වක්‍රව ඉල්ලා සිටී. ආරක්‌ෂාව සංවෘත විෂයකි. එතුමා මෙහිදී එය සඳහන් කිරීම සමහරවිට සැඟවුණු තර්ජනයක්‌ද වීය හැකිය. එනිසා දෙපාර්ශ්වයම පරිස්‌සමින් ගමන් කළයුතු අතර එමගින් හදවත් හමුවීම අත්‍යාවශ්‍යවේ. 

ද්‍රවිඩ සන්ධානයේ ආධාරකරුවන් සමහරෙකු කලින් එල්.ටී.ටී.ඊ. යේ බෙදුම්වාදීත්වයට සහයෝගය දැක්‌වූහ. ඔවුන් අතුරින් සමහරෙකු, (ඇයට අගෞරවයෙන් තොරව) ආනන්දී ශ්‍රීධරන් වුවද සංසන්දනාත්මකව ලබා ඇත්තේ අඩු දේශපාලන අත්දැකීම්ය. මා නිලමය වශයෙන් සමුවී ඇති එලිලන් (වවුනියා/ත්‍රීකුණාමලය), එලම්පරිදි (යාපනය), ලක්‌ෂ්මන් (මන්නාරම) ඉතා ඉහළ පුහුණුවක්‌ ලද, මතුපිටින් මෘදු, එහෙත් ඇතුළතින් ඉතා දැඩි චරිත ඇත්තෝ වූහ. සමහර විට එලිලන්ගේ අතුරුදන්වීම බිරින්ද වූ ශ්‍රීධරන්ගේ සිත්හි තැන්පත් භාවය වියකා දමා, එහි නොමැකෙන මෘත සිහිවටනයක්‌ නෙලන්ට ඇත. දැන් ඕ දරුණු ලෙස විපතට පත් කාන්තාවන්, අතුරුදන් වූවන්ගේ ඥාතීන්, පරාජිත එල්.ටී.ටී.ඊ. ය නියෝජනය කරයි. බොහෝ විට ඇය උතුරු පළාත් සභාවේ අමාත්‍යවරියක වනු ඇත. සිවිල් පරිපාලනය, ඇයට හිරිහැර කළේ යෑයි චෝදනා ලද හමුදාව, දේශපාලන චරිත සමග ඇයගේ නිලමය සම්බන්ධතා තැන්පත් හා මිත්‍රශීලී ලෙස සිදුවුවහොත් මැනවි. ඇයගේ ක්‍රෝධය හා දෘඪවුණු වෛරය බිම් මට්‌ටමට රූරා ගියහොත් ඇය එකාග්‍රකරණය හා සංහිඳියාව බිඳින, ගැටලු ආකර්ෂණය කරන ලක්‌ෂයක්‌ වනු ඇත. කලින් සඳහන් කළ රාජපක්‌ෂ ඇමැතිතුමන්ගේ ප්‍රතිචාරය, එල්.ටී.ටී.ඊ. කාදරයන්ගෙන් විය හැකි මෙම තත්ත්වය ඔහු සිත්තුළ කරක්‌ගැසීම නිසා වූයේ යයි සිතේ. ද්‍රවිඩ සන්ධානයේ නායකයින්ට, නිදැල්ලේ එවන් තත්ත්වයක්‌ පැතිරීම වලක්‌වා ගැනීම සඳහා ධනාත්මක පාලනයක්‌ තබා ගැනීමේ වගකීම පැවරේ. 

සිවුවැනි යථාර්ථයක්‌ වන්නේ බැලු බැල්මට ව්‍යවස්‌ථා විරෝධී යයි පෙනෙන අභිමතාර්ථ පක්‌ෂ ප්‍රකාශනයේ අඩංගුවී තිබීමය. අති බහුතරයකින් පක්‌ෂ ප්‍රකාශනය ජනතාව විසින් තහවුරු කළේය යන ජයකාමයෙන් ඒවා ක්‍රියාත්මක කිරීමට උතුරු පළාත් සභාව ක්‍රියාකරයිද? ව්‍යවස්‌ථාමය ලෙස කළ නොහැකි දේ කිරීමට නීති විශාරදයකු වන ප්‍රධාන අමාත්‍යවරයා ක්‍රියා නොකරනු ඇති යෑයි සිතමි. දැkgමත් නීති විරෝධී මගක නොයන බවට ඔහු ප්‍රකාශ කර ඇත. ඔහු එය බින්දහොත්, රජයේ ගැටුම්කාරී විෂ දල විවර වනු ඇත. එවැනි ගැටුම්කාරී බව, දැඩි ධ්‍රවීකරණයට ලක්‌ව ඇති දකුණේ සිය ජනප්‍රියභාවය වැඩිකර ගැනීමට රජයට උපකාරීවනු ඇත. කෙසේ වුවද, උතුරු පළාත් සභා ජයග්‍රහණය, ජාතික ගැටලුවට අවසන් විසඳුම නොවෙතැයි විග්නේශ්වරන් මහ ඇමැතිතුමා ඔප්පු කරනු ඇතියි මට තවමත් විශ්වාසයක්‌ ඇත. 

පස්‌වැනි යථාර්ථයක්‌ නම් මැතිවරණ ව්‍යාපාරයේදී ප්‍රසිද්ධියේම ප්‍රකාශකළ, ප්‍රකාශනයේ ඇතුළත්, වෙනත් දැඩි අපේක්‌ෂා කිහිපයක්‌ ක්‍රියාත්මක කිරීමට ද්‍රවිඩ සන්ධානය නොවලහාම පෙළඹීමය. ප්‍රධාන ලෙස ඒවා නම් තමන්ට එරෙහි වූ ආණ්‌ඩුකාරවරයා දැඩි මතභේදයට ලක්‌ව ඇති ඉඩම් හා පොලිස්‌ බලතල, නිල හමුදාකරණය, මානව හිතවාදී පොරොන්දු ආදියයි. අවසන් කරුණු ඡන්ද දැඩිව ආකර්ශනය කළ හෙයින් උතුරු පළාත්සභාව ඒවා ක්‍රියාත්මක කිරීමට දැඩි බැඳීමක්‌ ඇත. 

සම්පත් කළමනාකරණය හා මූල්‍ය බලතල පිළිබඳව ප්‍රකාශනයේ ඉල්ලීම් සඳහා ද්‍රවිඩ සන්ධානය හා රජය නව මෙහෙයුම් ක්‍රමවේද සකස්‌ කළ යුතුවේ. අප සුනාමි මෙහෙයුම් කළමනාකරණ ව්‍යqහය (ඡ-ඔධඵී) හා අතුරු ස්‌වයංපාලන අධිකාරිය (ෂීඨA) වැනි සංවිධාන ව්‍යqහයන් ද්‍රවිඩ සන්ධානය විසින් ඉල්ලා නොසිටිතියි මම අපේක්‌ෂා කරමි. මන්ත්‍රී සුමන්තිරන්ගේ ස්‌වයං පාලන පරාසය ඒවාට විෂම යයි සිතමි. 

13 ව්‍යවස්‌ථා සංශෝධනයේ (පරිශිෂ්ට ඊඊ) පරිදි සියලුම පළාත් සභාවලට ඉඩම් බලතල බෙදා දීමට මම සහාය දැක්‌වීමි. (2013 සැප්තැම්බර් 26 දින ශේ්‍රෂ්ඨාධිකරණය දුන් තීන්දුවක්‌ අනුව ඉඩම් බලතල පළාත් සභාවලට නොව රජයට හිමි බව වාර්තා වුණි. තොරතුරු මද හෙයින් කරුණු නොදක්‌වතත්, බැලූ බැල්මට එය ද්‍රවිඩ සන්ධානයේ අපේක්‌ෂා බිඳදමා ඇති යෑයි සිතේ.) රජයේ ඉඩම් පිළිබඳව, මාද සහභාගී වී වෙරිටේ රිසර්ච් ආයතනය විසින් සකස්‌ කරන ලද අධ්‍යනයකට කෙසේ වුවත් අවධානය යොමුකරමි. අප දරා සිටි මතය උක්‌ත වාර්තාගත අධිකරණ මතයට සමනැත. 

කෙසේ වුවද, කිනම් ජාත්‍යාලීය භාවයකින් වුවද දුරස්‌ථ වී හෝ ආරක්‌ෂාව පිළිබඳ තත්ත්වයන් සැලකිල්ලට ගෙන, රජයේ ඉඩම් පිළිබඳව රජය හා උතුරු පළාත් සභාව අතර සංවාදයක්‌ අත්‍යාවශ්‍ය වේ. එමගින් අනික්‌ පාර්ශ්වයෙන් ඉදිරිපත් කරන ඕනෑම කරුණක්‌ ප්‍රතික්‌ෂේපය වෙනුවට එකිනෙකාගේ අවශ්‍යතා අවබෝධයෙන් පිළිගෙන ක්‍රියාකිරීමට ඉඩ සැලසේ. 

ජාතික ඉඩම් කොමිසමක්‌ (13 සංශෝධනයේ පරිශිෂ්ට ඊඊ) 3.1 පරිදි) පත්කිරීම නිවැරදි පළමු පියවර විය හැකිය. ආරක්‌ෂක අංශයන්ගේ රජයේ ඉඩම් ඉල්ලීම් පවා, නව මෙහෙයුම් ක්‍රමවේද පරිස්‌සමෙන් සකස්‌කිරීම මගින් සපුරාලීමට හැකිවනු ඇත. මේ සඳහා වෘත්තීයමය සුදුසුකම් ඇති, දේශපාලනික හා වාර්ගික සැලකුම් ඉක්‌මවා ක්‍රියා කළ හැකි පුද්ගලයින් කොමිසමටත්, එහි තාක්‌ෂණික ලේකම් කාර්යාලයටත් පත්කළ යුතුවේ. 

සම්පත් කළමනාකරණයට හා මූල්‍ය කළමනාකරණයට 13 සංශෝධනය යටතේ ඉඩ ලබා ඇත. මෙහිදී පවා ඩයස්‌පෝරා මැදිහත්වීම්, ව්‍යාපෘති මූල්‍යකරණය සඳහා ඩයස්‌පෝරා මුදල් කැපකිරීම් ආයතනික කරණය (උදා- ලයිබීරියානු ඩයස්‌පෝරා උපදේශක මණ්‌ඩලය) හා සාර්ව ආර්ථික පරිසරය තුළ විදේශ සම්පත් ආකර්ෂණය කරගැනීම ආදී කරුණු සාකච්ඡාවෙන් විසඳා ගත යුතුවේ. එල්.ටී.ටී.ඊ. ය මෙන් මස්‌ රාත්තලම ඉල්ලා සිටින කණ්‌ඩායමක්‌ ලෙස ද්‍රවිඩ සන්ධානය හැඟීම් නොදැන්විය යුතු අතර, ද්‍රවිඩ සන්ධානය කරන සියලුම ඉල්ලීම් රට බෙදීමට පියවරක්‌ ලෙස රජයද නොසිතිය යුතුවේ. මීට දෙපාර්ශ්වය අතර විශ්වාසය අත්‍යවශ්‍ය වේ. 

ආරක්‌ෂක බලධාරීන් විසින් පොලිස්‌ බලතල පිළිබඳව යම් ප්‍රශ්න ඉදිරිපත් කර ඇත. ඒවා දෙපාර්ශ්වය අතර සාකච්ඡාවට බඳුන් විය යුතුය. දෙපාර්ශ්වයෙන්ම සාකච්ඡාවට එළඹිය යුත්තේ දැඩි මතධාරීන් නොවිය යුතුයෑයි මම විශ්වාස කරමි. ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග වැනි, මහ ඇමැති විග්නේශ්වරන් සමග සාකච්ඡා කළ හැකි පිරිසක්‌ ජනාධිපතිතුමා අසල සිටිති. රජය සමග කටයුතු කිරීමට විග්නේශ්වරන් එකඟතාවය ප්‍රසිද්ධියේ පළකිරීම පසුපසින් සාධනීය අවස්‌ථා පාදා ගත යුතුය. බාධක අවස්‌ථා උද්ගතකරන ගැටලුවලට පිළියම් යොදාගැනීමට අර්ධ දේශපාලනීය උපදේශක කාර්යසාධක බලකායක්‌ පිහිටුවීම සුබපලදායී පරිපාලන ක්‍රියාමාර්ගයක්‌ විය හැකිය. 

උතුරු පළාත් සභාවට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට ඇති සම සම්පත් ලැබේ නම් උතුරු පළාත් සභාව අතින් එම සංවර්ධන ව්‍යායාමයන් අසාර්ථක වේයෑයි කෙනෙකු සැකකරන්නේ කුමකටද? කෙසේ වුවද, දකුණේ වුවද )විශේෂයෙන්ම භාණ්‌ඩාගාරයේ සමහරුන්) සම්පත් බෙදාහැරීමේදී (මධ්‍යයේ) වාසියට ක්‍රියා කරමින් සංවර්ධනය දුර්මුඛ කරනු අප අත්දැක ඇත. පළාත්සභා කාර්යක්‍ෂමභාවය, සාපල්‍යභාවය හා ආර්ථික වාසිසහගතව ක්‍රියාකිරීම මකා දැමීමට ඉඳහිට සිදුකරන තර්ජන, මහා ප්‍රහාරයක්‌ පිළිබඳ මග සලකුණු ලෙස අප සනිටුහන් කරගත යුතුද? 

විටෙක මා පවසා ඇත්තේ ද්‍රවිඩ සන්ධානය ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශනය ජයග්‍රහණය සඳහා මාධ්‍යයක්‌ පමණක්‌ යයි සිතිය හැකි බවත්, ඔවුන් ද්‍රවිඩ දේශපාලන භූමිකාවේ අන් සර්ව අශුභවාදීන් මෙන් නොව දිගුදුර බැලිය යුතු බවත්ය. එයම ප්‍රතිරාව කරමින් මා නිර්දේශ කරන්නේ මිරිඟුව පසුපස දුවමින්, නව ආයතනික අභියෝග ප්‍රතික්‌ෂේප කරමින් හෝ ඉවතලමින් සිටිනු වෙනුවට සහවාසයෙන් හා සහයෝගීතාවෙන් සිටීමේ මාර්ග සොයාගැනීමෙන් ද්‍රවිඩ සන්ධානයට වඩා පලදායී වාසි ලැබිය හැකි බවය. සංහිඳියාව සඳහා එක්‌ව ක්‍රියාකිරීමට මාර්ග සකස්‌ කරගැනීම ඔවුන්ගේ ප්‍රමුඛතාවය විය යුතුය. ජනාධිපතිතුමන් නිව්යෝර්ක්‌ නුවර සිට කළ ප්‍රථම ප්‍රතිචාරයෙන් පෙනෙන පරිදි එය එතුමාගේද චින්තනය වේ. එවැනි සහයෝගිතාවක්‌, බලයට ඒමට ප්‍රථමයෙන් වුවද බාහිරය (තමිල්නාඩු වැනි) ඔවුන්ගේ රාජකාරියක්‌ බලාගන්න ලෙස පැවසූ මහ ඇමැතිවරයෙකුගෙන් අපේක්‌ෂා කළ හැකිය. මෙම තත්ත්වය නව සංහිඳියා සමීකරණයට ගැලපේ. 

උතුරු පළාත් සභා මැතිවරණයට පෙර, මැතිවරණ ප්‍රකාශනයේ සංකල්පමය යෝජනා දෙස බලා රජය ඒවා ප්‍රතික්‌ෂේප කළහොත්, ද්‍රවිඩ සන්ධානයට අන්තර්ජාතිකය සමග අත්වැල් බැඳ ශ්‍රී ලංකා රජය දණ ගැස්‌වීමට තත්ත්වයක්‌ උදාකර ගැනීමක්‌ ඇතිවෙත් දැයි මමද සිතුවෙමි. මැතිවරණයෙන් පසු යාපනයේ කලින් සිටි දිසාපතිවරයකුගෙන් විමසීමකින් පසු පෙනී ගියේ ද්‍රවිඩ සන්ධාන නායකයින් සමගින් තත්ත්වය වෙනස්‌වී ඇති බවය. ද්‍රවිඩ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, මන්ත්‍රීවරුන් වන මාවෙයි සේනාධිරාජා, සුමන්තිරන් වැන්න වුන්ද, හිටපු මන්ත්‍රීවරයෙකු වූ පී. සිද්ධාර්ථන් වැනි පළපුරුදු දේශපාලන නායකයින්ද, බුද්ධිමතකු වන මහ ඇමැති විග්නේශ්වරන් ආදීන් හර - කණ්‌ඩායමක සිටින නිසා, අත්දැකීම් අඩු වෙනස්‌ ස්‌වරූපී පුද්ගලයින් නිසි මගට ප්‍රවිෂ්ට වනු ඇත. කෙසේ වූවද, අත්පුඩි ගැසීමට අත් දෙකක්‌ අවශ්‍ය වන නිසා රජයේ ස්‌ථාවර, ආකල්ප හා ප්‍රවේෂත් ද්‍රවිඩ සන්ධානය අන්තර්ජාතික පැමිණිලිකරුවකු වේද, නැත්ද යන්න තීරණය කරනු ඇත. දෙපාර්ශ්වයටම ප්‍රධාන අභ්‍යාසය විය යුත්තේ සහජීවනය හා සහවාසය සඳහා විශ්වාසය ගොඩනැඟීමය. 

මැතිවරණයෙන් අනතුරුව උතුරුකරයේ දේශපාලන පසුබිමේ සිදුවීම් දෙස බොහෝ දෙනෙක්‌ බලා සිටිති. දේශීය වශයෙන් ද්‍රවිඩ සන්ධානය හා උතුරේ ජනතාව වෙති. දේශපාලන පැවැත්ම සඳහා තමිල්නාඩුවද, දේශපාලන, හමුදාමය, අභ්‍යන්තර මැතිවරණ, රාජ්‍යතාන්ත්‍රික, අන්තර්ජාතික හා ඉන්දු - ශ්‍රී ලංකා හෙවත් රජීව් - ඡේ.ආර්. ගිවිසුම නිසා දිල්ලියත්, දියුණු බටහිර / නැගෙනහිර රාජ්‍යයනුත් බලා සිටිති. ඔවුන් එකිනෙකාට පුද්ගලික වූ විචල්‍යයන් මත ඔවුන්ගේ ප්‍රතිචාර දක්‌වති. කෙසේ වුවද, ශ්‍රී ලංකාවට බොහෝ මැදිහත්වන්නවුන් හා විචල්‍යයන් සමග සමබරතාවය රැකගත යුතු හෙයින් අභියෝගවලට මුහුණ දීමට විනයාන්විත විය යුතුය. 

මේ සන්දර්භයේදී රජය හා උතුරු පළාත් සභාව සියලු ශ්‍රී ලාංකික ජන කොටස්‌වලට ඔවුන් ලැබිය යුතු සාමය හා ගරුත්වය සහිත ජීවත්වීමට වැඩිමනත්ව ක්‍රියාකළ බව, ඔප්පු කළහොත් පළාත් සභා බෙරය "නියමෙට" වාදනය කළේයෑයි උක්‌ත සියල්ලෝම තුටුපහටුවනු ඇත. නොකළහොත් රටත්, අපේක්‌ෂා භංගවූවෝත්, ගහපු බෙරෙත් නැත, බෙරේ පලුවකුත් නැතැයි ජිනීවාහිදී හෝ නිව්යෝක්‌හිදී දෙස්‌ දෙවොල් තබනු ඇත. 

හිටපු ආරක්‌ෂක ලේකම්, ඔස්‌ටින් ප්‍රනාන්දු
http://www.divaina.com/2013/10/04/feature03.html

සබැඳි ලිපි -
[
ඉඩම් බලතල පිළිබඳ දෛවෝපගත නඩු තීන්දුවhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_604.htmlරජයේ ඉඩම් අයිතිය පළාත් සභාවලට නෑ - ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික තීන්දුවකhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_5504.htmlපලාත් සභාවලට ඉඩම් බලතල නෑ – ශ්‍රේෂ්ඨාධිකරණයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_26.htmlටීඑන්ඒ ඉඩම් පොලිස්‌ බලතල ඉල්ලයිhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_30.htmlඉඩම් ගැටළුව මුසලුවන්ට පමණද? අධික ජනගහන වර්ධනයට අන් අය පළිද? මුකො ට අවැසි නැගෙනහිර මුසලුවන් අතරේ බෙදා දෙන්නද?http://denethharinna.blogspot.com/2013/10/blog-post_895.htmlනැගෙනහිරට පොලිස්, ඉඩම් බලය ඕනෑ – මු.කො. යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයිhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_6931.html
]

0 comments: