Pages

Saturday, October 5, 2013

උතුරට ඉඩම් පොලිස්‌ බලතල දෙන්න - ඉන්දියාව අණ කරයි

උතුරු පළාත් සභාවට ඉඩම්, පොලිස්‌ ඇතුළු 13 වැනි සංශෝධනයේ බලතල ඒ ආකාරයෙන්ම ලබාදෙන ලෙස ඉන්දියාව ශ්‍රී ලංකා රජයට නිල වශයෙන් දැනුම් දී ඇත. මෙම බලතල ලබාගැනීමට අදාළ යෝජනාවක්‌ ඉන්දීය රජයේ සහයෝගය ඇතිව පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුවට ඉදිරිපත් කිරීමටද දෙමළ ජාතික සන්ධානය සැලසුම්කර තිබේ.

මීට අමතරව පළාත් සභාවට බලතල ලබා ගැනීම සම්බන්ධව විදේශ රටවල් දැනුවත් කිරීමේ පුළුල් ව්‍යාපාරයක්‌ ඉන්දියාවේ සහයෝගය ඇතිව දියත් කිරීමට දෙමළ ජාතික සන්ධානය සැලසුම් කර ඇත.

මේ අතර පොලිස්‌ හා ඉඩම් බලතල උතුරු පළාත් සභාවට ලබාදුන්නොත් විනාශකාරී ප්‍රතිඵල අත්වන බව මඩකලපුව හා පදිරිප්පු ශ්‍රී ල.නි.ප. සංවිධායකවරුන් වූ අරුන් තම්බිමුත්තු හා ශාන් රාසමානික්‌කම් මහතා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත අනතුරු අඟවමින් හදිසි සංදේශයක්‌ යවා ඇත.

පළාත් සභා මැතිවරණයට පෙර මුස්‌ලිම් කොංග්‍රසය හා ද්‍රවිඩ සංධානය රහස්‌ ගිවිසුමක්‌ අත්සන් කළ බවත් එහි ප්‍රතිඵල ලෙස 13 යටතේ ඉඩම් හා පොලිස්‌ බලතල ඉල්ලා නැගෙනහිර පළාත් සභාවේ අන්වර් හා ජමිල් සභිකයන් යෝජනාවක්‌ සම්මත කරන බවට අරුන් තම්බිමුත්තු මහතා සඳහන් කළේය.

පොලිස්‌ බලතල ලබාදිය යුතුද යන ප්‍රශ්නය වහාම අධිකරණය වෙත යොමු කරන ලෙසද ඔහු ජනාධිපතිවරයා වෙතින් තවදුරටත් ඉල්ලා ඇත.

උතුරේ ලැබූ ජය නිසා ද්‍රවිඩ සංධානය දකුණේ මැතිවරණවලට ඉදිරිපත් වී ද්‍රවිඩයන් සිටින ප්‍රදේශවලද සිය බෙදුම්වාදී පිළිවෙත ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි පවසන තම්බිමුත්තු මහතා, රජය ද්‍රවිඩ, සංධානයේ නිසි අරමුණු තේරුම් ගත යුතු බවද ප්‍රකාශ කළේය.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/10/06/news01.html

සබැඳි ලිපි -

[
චීනයද? ඉන්දියාවද?http://denethharinna.blogspot.com/2012/09/blog-post_4.html
]

0 comments: