Pages

Sunday, October 6, 2013

උරුමය වැනසීමේ කරුමය

පුරාවස්‌තු යනු රාජ්‍ය ආයතනයක උරුමයන් නොවන අතර ඒ මුළු මහත් ජනතාවගේත් ජාතියේත් උරුමයකි. අතීත මුතුන් මිත්තන් ජීවිත පරිත්‍යාගයෙන් දේශාභිමානයෙන් ගොඩනැගූ ශ්‍රී ලංකා සංස්‌කෘතික උරුමයේ ජීවනාලිය බඳු පුරාවස්‌තු ආරක්‍ෂාකර ගැනීමට අදාළ බලධාරීන්ද ආයතනද ජනතාවද එකසේ කැපවිය යුතුයි.

1890 දී මෙරට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පිහිටුවීමෙන් පසු එහි පළමු කොමසාරිස්‌ වූයේ එච්. සී. පී. බෙල් ය. ඔහු 1893 දී වල්බිහිව තිබුණ මැදිරිගිරිය වටදාගෙය හා චෛත්‍ය සොයා ගන්නා ලදී. නමුත් මෙහි ෙ€දනීය තත්ත්වය කුමක්‌ද? මෙම මැදිරිගිරිය වටදාගෙයි තිබුණ මුරගල් පවා මේවනවිට සොරුන් විසින් ගෙනගොස්‌ ඇති බව කියති. පුරාවස්‌තු කොල්ලයේ උච්චතම අවස්‌ථාව දිනෙන් දිනම ළඟාවේ. මේ ගැන සිතීමට කාලය පැමිණ ඇත.

රටක ජාතියක්‌ සතු අනන්‍යතාව ප්‍රෙෘඩත්වය සංස්‌කෘතික ලක්‍ෂණ හා එම ජාතියේ පරිණාමය ලොවට සංකේතවත් කරන්නේ එරට ඉතිහාසයයි. මෙය විදහාපාන ජීවමාන සාධකවන් කෞතුක වස්‌තුවලට හිමිවන්නේ මිලකළ නොහැකි අගයක්‌. කෞතුකවස්‌තු ඒ රටේ ඉතිහාසය කියාපාන්නක්‌. ඒ නිසයි අනාදිමත් කාලයක සිටම පුරාවස්‌තු රැක ගන්නේ.

පුරාවස්‌තු සොරකම් කිරීම සම්බන්ධයෙන් රටේ හැම තැනකින්ම තොරතුරු වාර්තාවේ. පුදුමය නම්, ජාතික කෞතුගාරයේ තිබුණ පුරාවස්‌තුද සොරකම් කිරීමය. වැටත් නියරත් ගොයම් කන්නේ නම් පඹයන්ට කළහැකි දෙයක්‌ නැත.

කෞතුක භාණ්‌ඩ වාණිජ කරණය වී ඇත. දෙස්‌ විදෙස්‌ සංචාරකයෝ පැමිණ දැක බලා ගනිති. ඉපැරැණි ගොඩනැඟිල්ලක පඩිපෙළ සවිශක්‌තිමත්ද වේයන් කා ඇද්ද කියා බලන්නට වත් කෙනෙක්‌ නැත. පෞරාණික ගොඩනැඟිලි ගැන දැන්වත් සොයාබැලීම යෙහෙකි. හැමදේමත් යමක්‌ සිදුවූ පසු කමිටු පිහිටුවීම සාමාන්‍ය දෙයකි.

කමිටු වාර්තා හමස්‌ පෙට්‌ටියේය. ගාල්ලේ සමුද්‍රික කෞතුකාගාරයේ ප්‍රදර්ශනය විවෘත කරන්නට පැමිණි සංස්‌කෘතික හා කලා කටයුතු අමාත්‍යවරයා පුරාවස්‌තු කොල්ලකෑම් ගැන මෙසේ කිවේය. "පුරාවස්‌තු කොල්ලකෑම් සිදුවනවා. මේවා ගැන නම් මට කියන්න බැහැ ඒ අය අද ලංකාවේ ඇත්තෙත් නැහැ. මේ අයට මහා ලොකු තනතුරුදීල තියන්නෙත් අපි. මේ කොල්ලකෑම් එක්‌ක අපට නැතිවෙච්ච හුඟක්‌ දේවල් තියෙනවා. අපි සෙව්වේ නැහැ".

වගකිව යුත්තන් මේ අන්දමට කියනවිට ජාතියේ උරුමයන්ට දෙවියන්ගේම පිහිටයි. අද ඉතාමත් ෙඛේදනීය ආකාරයට ලංකාවේ පුරාවස්‌තු විනාශයටත්, මංකොල්ල කෑමටත්, විකිණීමටත් පටන් අරගෙන ඇති බව පෙනේ. මෙය දීර්ඝ කාලයක සිට කෙරෙන්නේය. එහි උච්ඡතම අවස්‌ථාව ලෙස ජාතික කෞතුකාගාරයේ භාණ්‌ඩ සොරකම ගැන හඳුන්වාදිය හැකිය.

පුරාවස්‌තු කියන්නේ මිනිස්‌ ක්‍රියාකාරකම්ය. ශ්‍රී ලාංකිකයකු ප්‍රථම වරට පුරාවිද්‍යා කොමසාරිස්‌වරයකු බවට පත්වූයේ 1934 වර්ෂයේදීය.

ඒ සෙනරත් පරණවිතාන මහතාය. ඉන් පසුව චාල්ස්‌ ගොඩකුඹුර, ශිරාන් දැරණියගල යන අයද පුරාවස්‌තු සොයා ගැනීමේදී අමිල සේවාවක්‌ කළහ.

යටත් විජිත පාලන කාලයේත් පසුගිය භීෂණ කාලයේත් මේ රටේ පුරාවස්‌තු විනාශ විය. දැන් සාමාකාමී වාතාවරණයක්‌ ඇත. තිබෙන පුරාවස්‌තු ටිකවත් සංරක්‍ෂණය කරන්නට ජාතික උරුමයන් ගැන වගකිවයුතු ඇමැතිවරුන් පියවර නොගැනීම ජාතියේ අවාසනාවකි. මැති ඇමැතිවරු හිටියට අවශ්‍ය පිරිස්‌ බලයක්‌ නොමැති නිසා පුරාවස්‌තු රැකගත නොහැකි බව කියති. පුරාවස්‌තු මංකොල්ලකන නිධන් හාරන අය අල්ලා ගැනීමට පොලිසිය නොයෙක්‌වර උත්සාහගෙන ඇතත් අල්ලා ගත් පසු වුවද හොරුන්ට රැකවරණ දෙන රටකි මේ. පුරාවස්‌තු ආරක්‍ෂාකර ගැනීමට රජයෙන් මුරුකරුවන්ද පත්කර ඇත. ජනතාවද මුරකරුවන් වී පුරාවස්‌තු රකී. ඔත්තුද දෙති. නමුත් පුරාවස්‌තු රැකෙන බවක්‌ නෙපෙනේ.

මේ විනාශ කරන්නේ බෞද්ධ ශිෂ්ටාචාරයයි. බුද්ධාගම නිසා රටේ අතීතයක්‌ දකින්නට හැකි විය. බුදු පිළිම වහන්සේලා, වෙහෙර වහන්සේලා විනාශකරමින් නිධන් වස්‌තු සොයන්නේ කුමකටද? කාගේ අවශ්‍යතාවයන් සඳහාද? ලතින් ඇමරිකාවේ මායා ඉන්කා වැනි රාජ්‍යයන්ගේ පුරාවස්‌තු විනාශකර සෙවුයේ රත්‍රංය. අපේ රටේ පුරාවස්‌තු විනාශකරන්නේ මොන පරමාර්ථයක්‌ ඇතිවද? ජාතියේ අනන්‍යතාව සංස්‌කෘතිය විනාශකරන අය ගැන මීට වඩා සොයා බැලීමක්‌ කළ යුතුයි. කෞතුකාගාර ඇතුළේ පමණක්‌ නොවේ. දීර්ඝ ඉතිහාසයක්‌ ඇති මේ බිමේ සෑම තැනකම ඇති පුරාවස්‌තු රැකගත යුතුව ඇත.

අපේ රටේ පුරාවස්‌තු පිළිබඳව ඇති විධිමත් ලේඛනයක්‌ නොමැත. පුරාවිද්‍යාව ගැන ඒ සමබන්ධ ආයතන ගැන දක්‌වන්නේ අඩු සැලකිල්ලකි. රාජ්‍ය අයවැය ලේඛනයෙන්ද, වෙන්වන්නේ අඩු ප්‍රතිපාදනයකි. මධ්‍යම රජයේ පමණක්‌ නොවේ පළාත් ආණ්‌ඩුවලද සංස්‌කෘතික අමාත්‍යාංශ ඇත. ඒවා නමට පමණකි. රකින පුරාවස්‌තුවක්‌ නැත. ඇමැතිවරුන්ට පුරාවස්‌තු ටික රැකගන්නට බැරිනම්, අපට කළ හැක්‌කේ කුමක්‌ද? ජනතාව ඉදිරිපත්වී පුරාවස්‌තු මංකොල්ලකරුවන් ගැන තොරතුරු කියන්නට සූදානම්ය. සමහරවිට මේ සම්බන්ධයෙන් තතු දක්‌වන අයට මැරතර්ජන වලටද මුහුණ පෑමට සිදුවේ. තවද තම සංස්‌කෘතික උරුමයන්ගේ වටිනාකම පිළිබඳව නිසි අවබෝධයක්‌ නොවීමත් පුරාවස්‌තු කෙරෙහි සංවේදී හැඟීම් නොමැතිවීමත් වටිනාකම ගැන තැකීමක්‌ නොමැති රට ජාතිය ආගම ගැන දේශප්‍රේමීන් කීපදෙනෙක්‌ හෝ මේ ගැන කතා කරති. ගරුතර මහා සංඝරත්නය මේ ගැන නිතර කතා කරති. පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද වැනි ස්‌වාමින් වහන්සේලා ජාතියට අභිමානයකි. උන්වහන්සේලා නිතර කියන දේ ගැන අසන්නට කෙනෙක්‌ නැත.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමයද රටට ඉතිහාසයට තැනක්‌ නැති අන්දමට ලෝකයට අවශ්‍ය අන්දමට වෙනස්‌වී ඇත. ජාතික උරුමය, ඉතිහාසය ගැන දකින්නට කටුගෙටවත් එන්නේ ගම්බද පාසල්වල දරුවන් පමණි. ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියට ඉතිහාසය විෂය ඇතුළත්ව තිබුණ යුගයක්‌ තිබිණි. දරුවන් තුළ ජාතිය පිළිබඳව සංස්‌කෘතිය ගැන හැඟීම් ඇතිකළ යුතුව ඇත්තේ කුඩා කාලයේ සිටමය. පුරාවස්‌තු විනාශකර වටිනා දේ රැගෙන විකුණාගෙන කන තත්ත්වයට පත්වී ඇත. පැරණි රජවරුන් ඉදිකළ ඓතිහාසික ස්‌ථාන රැකගත යුතුයි. ස්‌වභාව සෞන්දර්ය හැරුණවිට අප රටේ ඇති එකම දායාදය මේ ඓතිහාසික පුදබිම්ය. විදේශිකයන්ගේද ගෞරවාදරයට පත්වූ එම පුරාවිද්‍යා ස්‌මාරකයෝ වැනසීමට පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසින්ට නොහැකි විය. 1948 පෙබරවාරි 4 වැනිදා යටත් විජිත පාලනයෙන් මිදී කලක්‌ ගතවිය. එදා මෙදාතුර ආණ්‌ඩු කීපයක්‌ම තිබිණි. පුරාවස්‌තු රැකගැනීමට නොයෙකුත් ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කළහ. නමුත් මේ වනවිට සිදුවෙන දේ ගැන නම් සෑහීමකට පත්විය නොහැකිය. පුරාවස්‌තු සංහාරයේ වංශ කතාව ගැන වෙනමම අධ්‍යයනය කළ යුතුව ඇත. එවිට නිදහසින් පසු ඒ ඒ රාජ්‍යයන් කළ දේ වෙන වෙනම පරිච්ඡේද ගතවනු ඇත.


බ්‍රිතාන්‍යයින් ශ්‍රී ලංකාවේ පුරාවස්‌තු රැගෙන ගිය අන්දමත් ලන්ඩන් හා බොස්‌ටන් යන කෞතුකාගාරවල තැන්පත්කර ඇති අන්දමත් රහසක්‌ නොවේ. පෞරාණික වටිනාකමක්‌ ඇති වස්‌තු අදත් ඉහළ මුදලක්‌ දී විදේශිකයන් රැගෙන යන නිසා පුරාවස්‌තු මුදලට විකිණේ. දැන් පුරාවස්‌තු ඛනිජ සම්පත් මෙන් ආර්ථික භාණ්‌ඩයක්‌ වී ඇත. සොරාගන්නා ලද පුරාවස්‌තු මුදලට විකිණෙන අන්දම ගැන සොයා බලා අවශ්‍ය පියවර ගත යුතුව ඇත. පවතින නීති ප්‍රමාණවත් නොමැති නම් නව නීති සම්පාදනය කර හෝ පුරාවස්‌තු රැකගත යුතුය.


අක්‌මීමන - කේ. මතිලාල්
http://www.divaina.com/2013/10/05/feature03.html

සබැඳි ලිපි -
[

උරුමය දවා හළු කළ පසු (සුගලා දේවියගේ සොහොන)...
http://denethharinna.blogspot.com/2013/10/blog-post_7574.html
මොනරාගල පුරාණ රජමහා විහාරයත් නිධන් හොරුන්ගේ ග්‍රහණයටhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_7300.html
මැලේසියාවට යෑවීමට සූදානම් කළ පෞරාණික බඩු තොගයක්‌ රේගු දැලේhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_16.html
පුලතිසි පුරවර ස්වස්ථික පොකුණට නිධන් හොරුන්ගේ බැල්මhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_9415.html
අග්බෝපුර පුරාවස්‌තු භූමියකට ගිනි තියලාhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_5268.html
අපේ ජාතික උරුමයක්‌ වූ යෝධ ඇළ දිනෙන් දින වනසයිhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_3.html
කදුරුවෙල මැණික්‌ වෙහෙරට ගිනි තබා හානි කරතිhttp://denethharinna.blogspot.com/2013/06/blog-post_986.html
ජාතියම කම්පා කරන දිගාමඩුල්ලේ දාගැබ් කොල්ලයhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_6351.html
හිරු දෙව් නැගි දෙවනගලට මුස්ලිම් පා පහරhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_23.html
මුසළු අන්තවාදීහු නැගෙනහිර තවත් දාගැබක් වනසතිhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_4581.html
]

0 comments: