Pages

Friday, October 4, 2013

ඇමරිකානු ආර්ථිකයේ බිඳ වැටීමට ඔබාමා වගකිව යුතුයි - මූල්‍ය විශේෂඥ පැටි‍්‍රක් ජේ. යන්ග්

ඇමරිකානු රජය අක‍්‍රිය වීම සහ එය විසින් ආර්ථිකය තවත් බිඳ වැටීමට සැලැස්වීම පිළිබඳ වගකීම ඇමරිකානු ජනාධිපති බරැක් ඔබාමා විසින් භාරගත යුතු බව ගෝලීය මූල්‍ය වෙළඳපොල විශේෂඥයකු වූ පැටි‍්‍රක් ජේ. යන්ග් පවසයි.

අන් සියලූදෙනා ඊර්ෂ්‍යාවට පත්කරන ආර්ථිකයක් හිමි ලෝකය මෙතෙක් දුටු සුපිරි බලවතා වන ඇමරිකාවේ දේශපාලනය මහා පරිමාණයේ අකර්මණ්‍ය බවින් සමන්විත වීම ඛේදවාචකයක් බව ඔහුගේ අදහසයි. ආර්ථිකය සම්බන්ධ සියලූ තීන්දු තීරණ ගන්නා ඇමරිකානු ජනාධිපතිවරයාම රජය අක‍්‍රිය වූ වහාම තමන් අවට සිටි සියල්ලන්ටම වරද පැටවීමට උත්සුක වීම හාස්‍යජනක බව ඔහු පවසා තිබේ.

1995 දී බිල් ක්ලින්ටන් පාලන සමයේදී ඇතිවූ රජය අක‍්‍රිය වීම මේ තත්වය සමග සංසන්දනය කළද ක්ලින්ටන් සියලූ දුර්වලතා තිබියදී ඇමරිකාව පාලනය කළ බව පවසන යන්ග් දක්වා ඇත්තේ වත්මන් ජනාධිපතිවරයා සැබෑ නායකයකුට වඩා සැබෑ නායකයකු පැමිණෙන තුරු බලා සිටින ගොපල්ලෙක් වැනි බවයි.

ජනතාව මත බර පටවන ඔබාමාගේ සෞඛ්‍ය පණත විය යුතු පරිද්දෙන්ම කොංග‍්‍රසයේ විවේචනයට බඳුන් වී ඇති බවත් ප‍්‍රතිලාභ විෂම ලෙස බෙදී යද්දී සමාන දායකත්වයක් සැමගෙන් ඉල්ලා සිටීමෙන් සාමාන්‍ය ජනතාව තවත් අර්බුදයට පත්වන බවත් පැටි‍්‍රක් යන්ග් ගේ අදහසයි.

ඔහු පවසන්නේ ඇමරිකානු ආර්ථිකයේ දෛනික මූල්‍ය සංසරණය ඩොලර් මිලියන 300ක් පමණ වන විට මේ අර්බුදය තුළ ගතවන සෑම දිනක් පාසාම ඇමරිකානු ණය බර තවත් ඉහළ යන බවයි.

පුද්ගලික ව්‍යවසායකයන්ගේ වෙහෙසින් බිඳ වැටුණු ආර්ථිකය නැවත පණගන්වමින් සිටින අතරවාරයේදී රජය එම වර්ධනයට බාධාවක් වී ඇති බව දක්වන යන්ග් අවධාරණය කර ඇත්තේ ඔබාමා පාලනයට සම්මත කරන අයවැයක් මෙම අසමත් බව තවත් වර්ධනය කරනු ඇති බවයි.

http://lankacnews.com/sinhala/foreign-news/102165/

සබැඳි ලිපි -
[

ඇමරිකා මූල්‍ය අර්බුදය - ‘නාසා’ ආයතනය වසා දැමේhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_3.htmlනිදහසේ සංකේතය වූ ඇමරිකානු ලිබර්ටි ප්‍රතිමාවද වසා දමයිhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_238.htmlඇමරිකානු රජය ආර්ථික අවදානමකhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_6452.html
]

0 comments: