Pages

Friday, October 4, 2013

වසරක පාඩුව කෝටි 763ක්… සාම්පූර් ගිවිසුම ශ‍්‍රී ලංකාව ඉන්දියාවට පාවා දීමක්

ඉන්දීය ජාතික තාප බල සංස්ථාව හා ලංකා විදුලි බල මණ්ඩලය ඩොලර් මිලියන 75 බැගින් වූ ප‍්‍රාග්ධනයක් සපයා තවත් ඩොලර් මිලියන 350ක් ණය වශයෙන් ලබා ගෙන ඉදි කිරීමට යන සාම්පූර් බලාගාරයේ නිශ්චිත වියදම එයද යන්න මෙතෙක් නිශ්චිතවම දැනගන්නට ලැබී නොමැති බව විදුලි බල මණ්ඩලීය වෘත්තීය සමිති සදහන් කරයි.

ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව සියයට පනහ බැගින් වූ සම පංගුකාරිත්වයක් දරන බව පැවසුවද දැනටමත් සකසා ඇති ගිවිසුම අනුව සාම්පූර් ගල් අඟුරු බලාගාර ව්‍යාපෘතියේදී අවාසි සහගත කොන්දේසි රැසකට එකඟ වීමට සිදුවී තිබෙන බවද විදුලි බල මණ්ඩලීය වෘත්තීය සමිති පවසයි.

ශ‍්‍රී ලංකා රජයට හා ලංකා විදුලි බල මණ්ඩලයට අවාසිදායක ලෙස සැකසී ඇති සාම්පූර් ගල් අඟුරු බලාගාර ගිවිසුම කඩිමුඩියේ අත්සන් කිරීම තුළින් ලංකා විදුලි බල මණ්ඩලයට වසරකට සිදු වන පාඩුව රුපියල් කෝටි 763ක් වනු ඇතැයිද ඔවුහු පෙන්වා දෙති.

ඒ අනුව සෑම පාරිභෝගිකයෙකුටම මෙම වංචාව නිසා වාර්ශිකව අවම වශයෙන් රුපියල් 1525ක් බැගින් ගෙවීමට සිදු වන අතර ලංකා විදුලි බල මණ්ඩලයට ලැබෙන පංකාරිත්වයෙන් වැඩි කොටසක් ඉන්දියානු සමාගම විසින් කොල්ලකනු ලබන තත්ත්වයක්ද ඇතිවනු ඇතැයිද පෙන්වා දෙන වෘත්තීය සමිති මෙම ගිවිසුම අත්සන් කිරීම තුළින් සිදු වන්නේ ශ‍්‍රී ලංකාව ඉන්දියාවට පාවාදීමක් පමණක් බවද අවධාරණය කරයි.

http://lankacnews.com/sinhala/news/102161/

0 comments: