Pages

Saturday, October 12, 2013

BRICS හවුලෙන් නව ගෝලීය මුදල් ඒකකයක්

බි‍්‍රක්ස් රටවල් මගින් නව මුදල් ඒකකයක් හඳුන්වාදීමෙන් වන ලෝක රටාවක් පිළිබඳ ඇමරිකාවේ සැලසුම් සම්පූර්ණයෙන් විනාශ කළ හැකි බව ලෝක බැංකුවේ හිටපු ආර්ථික විද්‍යාඥයකු වන පීටර් කෝනිග් පවසයි.

ඔහු විසින් පළ කළ මතයක දැක්වෙන්නේ මේ වසර අවසානයේදී බ‍්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප‍්‍රිකාව සමග ඉරානය සහ වෙනිසියුලාවත් අත්වැල් බැඳ ගනිමින් එවැනි පියවරක් ගැනීම වෙත යා හැකි විකල්ප ආර්ථික ක‍්‍රියාවලියක පදනම මේ වන විට සකස් කරමින් ඇති බවයි.  එවැනි සැලසුමකදී බි‍්‍රක්ස් සංවර්ධන බැංකුව නව මුදල් ඒකකයේ මහ බැංකුව ලෙස නම් කෙරෙනු ඇති බව ඔහුගේ මතයයි.

මෙවැනි හවුලක් මගින් ලෝකයේ හයිඩ්‍රොකාබන ඉන්ධන නිෂ්පාදනයෙන් 1/3ක් ඇමරිකානු ඩොලරයෙන් ඉවත් වනු ඇති අතර එවැනි පියවරයක් හරහා දැනටමත් බිඳ වැටෙමින් පවතින ඇමරිකානු ඩොලරය සම්පූර්ණයෙන් විනාශ වී යනු ඇත.

මේ වන විටත් ඉරානය සිය ඉන්ධන වෙළඳපොල සඳහා යුආන් සහ රුබල් මූල්‍ය ඒකකයන් යොදාගැනීම පිළිබඳව ඉන්දියාව සමග සාකච්ඡ කරමින් පවතින අතර පාකිස්ථානය යුආන් මුදල් ගණුදෙනු සඳහා චීනය සමග කටයුතු කරමින් සිටිති.

කසකස්ථානය සහ බෙලාරුස් රාජ්‍යයන් මේ වන විටත් සහය දෙමින් පවතින රුසියාවේ රේගු සම්මුතිය සමග එක්ව කටයුතු කිරීම පිළිබඳව ඉන්දියාව සහ වියට්නාමයේ අවධානය යොමුවී තිබීමද මේ සඳහා නිදසුනකි.

මෙවැනි පියරවයක් මගින් බටහිර සතුව තිබූ ආර්ථික බලය නව කඳවුරක් සතුවීම සමග විකල්ප බලශක්ති ප‍්‍රභවයන් සඳහා විද්‍යාත්මක පර්යේෂණ දියුණු වනු ඇති බවත් දශක කිහිපයක් ගතවෙත්ම වඩා මානුෂික ලෝකයක් බිහිවේ යයි කෝනිග් විශ්වාසය පළ කර තිබේ.

http://lankacnews.com/sinhala/foreign-news/102618/

0 comments: