Pages

Friday, December 6, 2013

සිංහල බෞද්ධ ව්‍යවස්ථාවක් ඕනෑ – මැදගම ධම්මානන්ද හිමි

බෞද්ධ සංස්කෘතික පුනර්ජීවන කමිටුවේ විද්වත් වාර්තාව දෙසැම්බර් 11 වැනිදා පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙණ් පරිශ‍්‍රයේදී එළිදැක්වීමට නියමිතව තිබේ.

ඒ පිලිබඳව මාධ්‍ය ඇමතූ අස්ගිරි මහ විහාර පාර්ශ්වයේ කාරක සංඝ සභික ආචාර්ය මැදගම ධම්මානන්ද නාහිමිපාණන් ප‍්‍රකාශ කර සිටියේ එම වාර්තාව මඟින් පුළුල් සමාජ පරිවර්ථනයකට මග පෙන්වන නිර්දේශ ඉදිරිපත් කර ඇති බවයි.

බෞද්ධ සංස්කෘතික පුනර්ජීවනයකට අවශ්‍ය දේශපාලන, ආර්ථික, සමාජීය සහ විශේෂයෙන්ම මානසික තත්වය පවතින ව්‍යවස්ථා රාමුව යටතේ පැලැස්තර ඇලවීමෙන් ළඟා කරගත නොහැකි බවත් ඒ සඳහා සිංහල බෞද්ධ උරුමය රැකෙන නව ව්‍යවස්ථාවක් අවශ්‍ය යයිද උන් වහන්සේ පෙන්වා දුන්හ.

අදාල නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම සඳහා රජය සහ මහා සමාජය පෙළඹවීම සඳහා ශ‍්‍රීමත් අනගාරික ධර්මපාල පදනම නමින් නව සංවිධානයක් බිහි කරන බවද පැවසූ උන් වහන්සේ එහි සභාපති මණ්ඩලය බවට පත්වන්නේ බෞද්ධ පුනර්ජීවන කමිටුවේ සභාපති මණ්ඩලයම යයිද කීහ.

http://lankacnews.com/sinhala/news/106019/

0 comments: