Pages

Friday, December 6, 2013

ජංගම දුරකතනයෙන් ඇමරිකාව ඔබ යන එන සියළු තැන් ගැන අවධානය යොමනවා - ස්නොව්ඩන්

පිහිටීම ඇතුළුව ජංගම දුරකථන ඇමතුම් පිළිබඳ දත්ත බිලියන 5ක් දෛනිකව ඇමරිකානු ජාතික ආරක්ෂක ඒජන්සිය විසින් රැස්කරන බව ස්නොව්ඩන් විසින් හෙළිකළ නවතම වාර්තාවකින් අනාවරණය වී තිබේ.  චරපුරුෂ වැඩසටහන් විසින් භූගෝලීය පිහිටුමද නිරීක්ෂණය කරන බවට පහළ වී තිබූ සැකය මේ සමග තහවුරු වී ඇත.

නව වාර්තාවට අනුව ජාතික ආරක්ෂක ඒජන්සිය විසින් ඇමරිකානු ජංගම දුරකථන පාරිභෝගිකයකුගේ භූගෝලීය පිහිටුම පිළිබඳව සෘජු ලෙස තොරතුරු රැස් නොකරන අතර දුරකථන සමාගම් විසින් ලබාගනු ලබන දත්ත විශාල ප‍්‍රමාණයක් අතර එයද අඩංගු වන බව වාර්තා වේ.

මෙලෙස අහඹු ලෙස ලබාගන්නා භූගෝලීය පිහිටුම වර්තමානයේ නොවුවද අනාගතයේ ඵලදායක වනු ඇතැයි සිතා නිරීක්ෂණය කිරීම නීත්‍යානුකූල බවද පැවසේ.  ජාතික ආරක්ෂක ඒජන්සියේ අවසර සහිතව අදහස් දැක්වූ අහි ජ්‍යෙෂ්ඨ තොරතුරු රැස්කිරීමේ නිලධාරියෙකු පවසා ඇත්තේ ගෝලීය ජංගම දුරකථන පද්ධති නිරීක්ෂණය කිරීම මගින් මෙලෙස භූගෝලීය පිහිටුම් දත්ත විශාල ප‍්‍රමානයක් ලැබෙන බවයි.

මෙමගින් ලොව කොහේ හෝ පුද්ගලයෙකුගේ ජංගම දුරකථනයක් හඳුනාගැනීමට, එහි සන්නිවේදනයන් සොයාබැලීමට සහ එහි අයිතිකරුවාගේ සමාජයීයසබඳතා පිළිබඳ පිරික්සීමට චරපුරුෂ අංශ වලට හැකියාව හිමිවේ.

මෙම අතිවිශාල දත්ත ප‍්‍රමාණය ජාතික ආරක්ෂක ඒජන්සියේ උකහා ගැනීම, විශ්ලේෂණය සහ ගබඩා කිරීමේ සීමාවටත් ඉක්මවා ඇති බව 2012 මැයි මස නිකුත් කර ඇති මෙම වාර්තාවෙන් දක්වා තිබේ.

http://lankacnews.com/sinhala/foreign-news/105987/

Pic from | https://www.google.lk/search?q=edward+snowden&espv=210&es_sm=93&source=lnms&tbm=isch&sa=X&ei=ea6hUpLpM8SlkQXg1oDYAw&sqi=2&ved=0CAcQ_AUoAQ&biw=1280&bih=898#facrc=_&imgdii=_&imgrc=pFcsuar2p7uEoM%3A%3B6BGasrIt5ycmqM%3Bhttp%253A%252F%252Fstatic5.businessinsider.com%252Fimage%252F51b5a0386bb3f72d07000010%252Fnational-security-leaker-edward-snowden-is-running-out-of-money-to-pay-his-hotel-bill.jpg%3Bhttp%253A%252F%252Fwww.businessinsider.com%252Fedward-snowden-running-out-of-money-2013-6%3B1024%3B768

0 comments: