Pages

Friday, December 6, 2013

රජරට වකුගඩු රෝගයට බෙහෙත් පැරණි වී වර්ගවල – පර්යේෂණ මඟින් චන්න ජයසුමන හෙළි කරයි

ශ්‍රී ලංකාවේ, මධ්‍යම ඇමෙරිකාවේ සහ ආසියාතික රටවල කිහිපයක පැතිර යන වකුගඩු රෝගයට හේතු කාරක කෘෂි රසායන මගින් එකතු වන බව සනාථ වීමෙන් පසු මේ තත්වය වලක්වා ගැනීමට සහ රෝගීන්ගේ රෝග තත්වය උත්සන්න වීම වලක්වා ගැනීමට ගත හැකි පියවර සම්බන්ධයෙන් සිදු කල පර්යේෂණයක මුලික තොරතුරු අනාරණය වෙමින් පවතී.

ඒ අනුව පලිබෝධ නාශක සහ විෂ සහිත ලෝහ ශරීරයෙන් ඉවත් කල හැකි “ප්‍රෝ  ඇන්තෝ සයනඩීන් (Proanthocyanidin)”  වර්ගයේ රසායන ද්‍රව්‍යයක් සියපත් ඇල් (පච්ච්චාපෙරුමල්), කළුහීනටි සහ මඩතවාලු යන පැරණි වී වර්ගවලින් හමු වී ඇත. ලංකාවේ වර්තමානයේ භාවිතා වන කිසිදු සම්බා සහ නාඩු සහල් වර්ගයක හෝ වෙනත් ආහාරයක මේ රසායන ද්‍රව්‍යය දක්නට නොලැබේ.

ලංකාවේ පැරණි සහල් වර්ග හැරුණු කල මේ රසායන සංයෝගය සැලකිය යුතු ලෙස හමු වී ඇත්තේ බෙරි වර්ගවල සහ බ්ලැක් කරන්ට් වර්ගයේ මිදිවලය. රතු වයින් ශරීරයට ගුණදායක ලෙස බටහිර වෛද්‍යවරු නිර්දේශ කිරීමට හේතුව ද ප්‍රෝ ඇන්තෝ සයනඩීන් වර්ගයේ රසායන එහි තිබීමයි.

පසුගිය කාලයේ විවිධ කණ්ඩායම් සිදු කල පර්යේෂණවලින් හෙළි වුයේ රටේ ප්‍රදේශ ගණනාවක ජනතාව කෘෂිරසායන නිසා  ඇතිවන වකුගඩු රෝගයට ගොදුරු වීමේ අවධානමක් ඇති බවයි.

මේ නිසා දැනට හදුනාගත් රෝගීන්ට මෙන්ම අවදානම් කලාපවල සිටින සියලු ජනතාවට හැකි ඉක්මනින් සියපත් ඇල් (පච්ච්චාපෙරුමල්) , කළුහීනටි සහ මඩතවාලු යන සහල් වර්ග තුන තුන් වේලටම ලබා දීම සුදුසු බව මේ පිළිබද කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ පර්යේෂණ පැවැත්වීමෙන් පසු සියරට පැමිණ සිටින වෛද්‍ය චන්න ජයසුමන මහතා පැවසීය.

http://lankacnews.com/sinhala/main-news/105971/

Pic Source

සබැඳි ලිපි -
[

උඩරට ගොවීන්ගේ පොහොර රජරට වකුගඩු ලෙඩ කරයිhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_549.html
උතුරු මැද වකුගඩු රෝගයට ප්‍රධානම හේතුකාරකයා කැඩ්සියම් - නවතම පර්යේෂණ වාර්තාවක්‌ හෙළිකරයිhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_6556.htmlගොවිතැන සහ වකුගඩු රෝගය - 'වකුගඩු මාවත'http://denethharinna.blogspot.com/2013/09/blog-post_8541.htmlවකුගඩු රෝගයට හේතුව කැඩ්මියම් සහ ආසනික්‌ - ලෝක සෞඛ්‍ය සංවිධානයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_28.htmlඅතීතයේ රජරට ජනශූන්‍ය කළ මහ ලෙඩේ වකුගඩු රෝගය ද?http://denethharinna.blogspot.com/2013/09/blog-post_7144.html
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවසන් වාර්තාව අනුව රජරට වකුගඩු රෝගීන්ගේ මුත්‍රාවල ආසනික්‌ ප්‍රමාණය ග්‍රෑම් 1කට මයික්‍රෝ ග්‍රෑම් 92.44 තෙක්‌ වැඩියි - චන්න ජයසුමන
http://denethharinna.blogspot.com/2013/08/1-9244.html
]

0 comments: