Pages

Sunday, December 8, 2013

පොතුවිල් මුහුදු මහා විහාරයට විශ්‍රාම ශාලාවක්‌ ලබා දෙන්න - විහාරාධිපති හිමි

නැගෙනහිර පළාතේ අම්පාර දිස්‌ත්‍රික්‌කයේ පොතුවිල් නගරයේ ආරුගම්බේ වෙරළට ඉතා සමීපව ඓතිහාසික මුහුදු මහා විහාරය පිහිටා ඇත.

නැගෙනහිර පළාතේ ඓතිහාසික සිද්ධස්‌ථානයක්‌ වන මුහුදු මහා විහාරය අවුරුදු දෙදහසකට වඩා පැරැණි බව ද ජනප්‍රවාදවලින් කියෑවෙන අතර කැලණි පුරවරයේ එදා රජ කළ කැලණිතිස්‌ස රජු දවස ඇතිවුණ මුහුද ගොඩගැලීමෙන් තම රටවැසියා මුදවා ගැනීම සඳහා තම දූ කුමරිය වන විහාර මහා දේවිය නෞකාවක නංවා පාකර යෑවූ බව ඉතිහාසයේ කියෑවෙන අතර එම නෞකාව මෙම මුහුදු මහා විහාරයේ තිබෙන වෙරළට පැමිණ ඇති බව ද කියෑවේ.

මෙවැනි උදාර කාන්තාවක්‌ හා සම්බන්ධ වී ඇති මේ ඓතිහාසික මුහුදු මහා විහාරයේ නටඹුන් තවමත් ඒ අයුරින්ම විහාර භූමියේ දක්‌නට ලැබීම නැගෙනහිර පළාතේ බෞද්ධ උරුමය මොනවට කියාපාන්නකි.

මෙවැනි පසුබිමක්‌ ඇති මෙම පුද බිමේ අද තත්ත්වය ඉතාමත් ශෝචනීය වේ. එනම් අක්‌කර 264 ක උරුමයක්‌ව පැවැති විහාර භූමිය අද මුස්‌ලිම් ජාතිකයන්ගේ අනවසර ඉදිකිරීම් නිසා අක්‌කර 3 ක භූමි ප්‍රමාණයකට විහාරය කොටුවී ඇත. තවද විහාරය වටේටම මුස්‌ලිම්වරුන්ගේ අනවසර ඉදිකිරීම් පවතින අතර විහාරයට යන මාර්ගය පවා වන්දනාකරුවන්ට පැමිණීමට නොහැකි තත්ත්වයක්‌ උදාවී තිබුණු අතර ජනාධිපතිතුමාගේ මැදිහත්වීම මත දැනට වෙරළෙන් මාර්ගයක්‌ ලබාදී ඇත. මෙම තත්ත්වය මත ද විහාරය සංවර්ධනය වෙමින් පැවැතෙන අතර එහි මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ විහාරාධිපති පොතුවිල් සිංහල මහ විදුහලේ ආචාර්ය වරකාපොල ඉන්ද්‍රසිරි නායක හාමුදුරුවන්ය. අප මෙම පුද බිම වැඳ පුදා ගැනීමට ගිය අවස්‌ථාවේදී විහාරාධිපතීන් වහන්සේ විසින් අපගෙන් කළ ඉල්ලීමක්‌ වූයේ වන්දනාකරුවන්ගේ පහසුව සඳහා විශ්‍රාම ශාලාවක අවශ්‍යතාවයි. එබැවින් දේශීය, විදේශීය පිංවතෙක්‌ මෙම විශ්‍රාම ශාලාව ඉදිකිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරයි නම් නැගෙනහිර පළාතෙන් ඈත්වී යන මෙම බෞද්ධ ඓතිහාසික සිද්ධස්‌ථාන මතු පරපුර වෙනුවෙන් රැක ගැනීමට හේතුවනු ඇත.

මේ සම්බන්ධයෙන් දායකත්වයක්‌ දියහැකි පිංවතෙක්‌ වෙතොත් කරුණාකර මෙහි සඳහන් කර ඇති අංක 0633730612 හෝ 0776166700 යන දුරකථන මගින් විහාරාධිපති සම්බන්ධ කරගත හැක.

0 comments: