Pages

Wednesday, December 4, 2013

ඉපැරණි ක‍්‍රිස්තියානි ශුද්ධ නගරය සිරියානු කැරලිකරුවන් අතට | කන්‍යා සොයුරියන් ග‍්‍රහණයේ | ඉස්ලාම් වැළඳගන්නා ලෙස බලකිරීම්

සිරියානු කැරලිකරුවන් යුනෙස්කෝ ලෝක උරුම නගරයක් වන මාලෞලා හි ශුද්ධ නගරය අත්පත් කරගෙන ඇතැයි වාර්තා වේ.  සිරියානු සානා පුවත් සේවය පවසන්නේ ශාන්ත තෙක්ලා කන්‍යාරාමයේ ප‍්‍රධාන පූජකවරිය සහ කන්‍යා සොයුරියන් කැරලි හමුදාවල ග‍්‍රහණයේ පසුවන බවයි.

කැරලිකරුවන් නගරය කොල්ල කා ඇති අතර වැසියන්ට ස්නයිපර් ප‍්‍රහාර එල්ල කරමින් සිටන බව පැවසේ.

මානව හිමිකම් පිළිබඳ සිරියානු නිරීක්ෂක ආයතනය පවසන්නේ අල් කයිඩා සංවිධානයට සම්බන්ධ අල් නුස්රා සටන්කාමීන් විසින් නගරය අත්පත් කරගත් අතර එහිදී කැරලිකරුවන් සිව්දෙනෙකු මියගොස් ඇති බවයි.

පසුගිය දින කිහිපය පුරාම මාලෞලා නගරය අත්පත් කරගැනීමට අල් නුස්රා සටන්කාමීන් උත්සහ කර ඇති නමුදු ප‍්‍රාදේශීය මිලීෂියා භටයන් සහ සිරියානු හමුදා කණ්ඩායම් විසින් ඔවුන් පසුබස්වනු ලැබිණි.

මින් පෙර සැප්තැම්බර් මසදී සටන් ඇවිළ ගිය විටදී මාලෞලා වැසියන් මාධ්‍ය වෙත අනාවරණය කරන ලද්දේ එහි සිටින ක‍්‍රිස්තියානි ජනතාවට ඉස්ලාම් දහම වැළඳගන්නා ලෙස බලකෙරෙන බවයි.

යුනෙස්කෝ ලෝක උරුම නගරයක් ලෙස ප‍්‍රකාශයට පත්කර ඇති මාලෞලා නගරය තුළ ඉපැරණි ක‍්‍රිස්තියානි ශුද්ධ ස්ථාන ගණනාවක් පිහිටා ඇති අතර ක‍්‍රිස්තියානියේ උත්පත්ති ස්ථානයක් ලෙස සැලකේ.

5000ක පමණ ජනගහනයක් සහිත මෙහි ජීවත්වන සියලූ දෙනා ක‍්‍රිස්තියානි ලබ්ධිකයන් වන අතර ජේසුස් වහන්සේ කථාකළ භාෂාවට ආසන්න බව පැවසෙන බයිබල් භාෂාවක් වන බටහිර ඇරමයික් භාෂාව කථාකරන ලෝකයේ ඇති ස්ථාන අතළොස්සෙන් එකක් බවද වාර්තා වේ.

http://lankacnews.com/sinhala/foreign-news/105878/

Story behind pic | http://www.thesleuthjournal.com/anti-assad-rebels-committed-atrocities/

1 comments:

Anonymous said...

Islam thrsthawadaya siyaluma agamwalata tharjanayaki.