Pages

Tuesday, December 3, 2013

මහාචාර්ය කොනින්හැම් සිදුහත් කුමරා ළමා විය ගත කළ මාලිගාවේ කැණීම් අරඹයි

බ්‍රිතාන්‍ය පුරාවිද්‍යා මහාචාර්ය රොබින් කොනින්හැම් ඇතුළු කණ්‌ඩායමට පැවරී ඇති ඊළඟ රාජකාරිය වන්නේ සිදුහත් කුමරා ළමා කාලය ගත කළ මාලිගයේ කැණීම් කටයුතු සිදු කිරීමයි. 

මේ සඳහා ජපාන රජය හා යුනෙස්‌කෝ සංවිධානය ආධාර ලබා දෙනු ඇත.

මහාචාර්ය කොනින්හැම් ඇතුළු පුරාවිද්‍යාඥයන් 40 දෙන පුරා වසර 3 ක්‌ ලුම්බිණියේ මායා දේවි විහාරයේ සිදු කළ කැණීම්වලදී ලොව පැරණිම බෞද්ධ විහාරය සොයා ගැනීමට හැකි විය.

මෙය සිදුහත් කුමරා උපන් ස්‌ථානයේ පිහිටි සල්ගස වටා ඉදිකළ විහාරයයි. අශෝක අධිරාජයා මායාදේවි විහාරය ඉදිකිරීමට වසර 300 කට කලින් මෙම විහාරය ඉදිකර ඇත. 

මහාචාර්ය කොනින්හැම් පවසන්නේ අශෝක රජුගේ කාලයට පෙර බුද්ධාගම පැවැති බව පවසන ප්‍රධානතම ප්‍රත්‍යක්‍ෂ සහතිකය මෙය බවයි.

මායාදේවි විහාරය පිහිටා ඇත්තේ නේපාලයේ ඉන්දියානු දේශ සීමාවට කිලෝමීටර 20 ක්‌ ඈතිනි. 

මහාචාර්ය කොනින්හැම් ඇතුළු පිරිස මායාදේවි විහාරයේ කැණීම් ආරම්භ කර ඇත්තේ 2011 සිටය. 

47 හැවිරිදි මහාචාර්ය කොනින්හැම් උපතින් කතෝලිකයෙකි.

මේ සොයා ගැනීම් අනුව බුදු උපත සිදුව ඇත්තේ ක්‍රි. පූ. 6 වැනි සියවසේදී බව පුරාවිද්‍යායෝ පවසති.

චතුර පමුණුව 
http://www.divaina.com/2013/12/03/news02.html

සබැඳි ලිපි -
[

මහාචාර්ය කොනින්හැම් සිදුහත් කුමරා ළමා විය ගත කළ මාලිගාවේ කැණීම් අරඹයිhttp://denethharinna.blogspot.com/2013/12/blog-post_6193.htmlOLDEST BUDDHIST SHRINE HOLDS CLUES TO BUDDHA'S BIRTH - CNNhttp://denethharinna.blogspot.com/2013/11/oldest-buddhist-shrine-holds-clues-to.htmlඉතිහාසයක් නැති ආගම් සහ මනඃකල්පිත ශාස්තෲන් අතරින් ප්‍රත්‍යක්‍ෂයෙන් තහවුරු බුදුදහම සහ බොදු ඉතිහාසයhttp://denethharinna.blogspot.com/2013/11/blog-post_2357.htmlආශ්චර්යමත් සිදුහත් උපතේ පුරාවිද්‍යා සාක්ෂි මතුවේ. වසර 3000 ට එහා බෝධිඝරයක නටඹුන් බ්‍රිතාන්‍ය පුරාවිද්‍යාඥයෝ සොයාගනිතිhttp://denethharinna.blogspot.com/2013/11/3000.htmlසිදුහත් කුමරුන් උපන් ස්ථානයේ ඉපැරණි රුක්ශමූලයක් වටකොට දැවයෙන් තැනූ විහාරයක නටඹුන් සොයාගනී!http://denethharinna.blogspot.com/2013/11/blog-post_5883.html
]

0 comments: