Pages

Thursday, December 5, 2013

ලෝක වෙළඳාමේදී මුදල් ඒකක අතර දෙවන ස්ථානයට චීන යුආන්. වාර්තාගත වර්ධනයක්! යුරෝ පහතට! ඩොලරය තවමත් පෙරමුණේ!

ලෝක වෙළඳාමේදී වැඩියෙන්ම භාවිතා කෙරෙන මුදල් ඒකකයන් අතර දෙවන ස්ථානයට පත්වීමට චීන යුආන් මුදල් ඒකකය සමත්ව ඇතැයි ස්විෆ්ට් ජාලය පවසයි.

ලෝක අන්තර්බැංකු මූල්‍ය සන්නිවේදන සංගමය හෙවත් ස්විෆ්ට් පවසන්නේ ලෝක වෙළඳාමේදී යුආන් ඒකකය 2012 ජනවාරි මසදී පැවති 1.89%ක සීමාවේ සිට මේ වසරේ ඔක්තෝබර් වන විට 8.66%ක ප‍්‍රතිශතයක් දක්වා ඉහළ නැග ඇති බවයි.  මෙතෙක් දෙවන ස්ථානයේ රැඳී සිටි යුරෝ මුදල් ඒකකයේ ජනප‍්‍රියත්වය එම කාලසීමාව තුළදී 7.87% සිට 6.64% දක්වා පහත වැටී තිබේ.

තවමත් ජනප‍්‍රියතම මුදල් ඒකකය වන ඇමරිකානු ඩොලරය විදේශ වෙළඳාමේ 81.08%ක් ආවරණය කරමින් සිටී.  යුආන් මූල්‍ය ඒකකයේ විදේශ ගණුදෙනු වලින් 80%ක්ම චීන සහ හොංකොං සමාගම් විසින් සිදුකරන අතර 20%ක් සිංගප්පූරුව විසින්ද ජර්මනිය සහ  ඕස්ටේ‍්‍රලියාව 2% බැගින්ද සිදුකරනු ලබයි.

ස්විෆ්ට් ජාලයේ ආසියා පැසිපික් කලාපයේ වාණිජ වෙළඳපොළ පිළිබඳ ප‍්‍රධානි ෆ‍්‍රෑන්ක් ඩි පී‍්‍රටරේ පවසා ඇත්තේ රෙන්මින්බි ඒකකය ලෝක වෙළඳාම සහ විශේෂයෙන්ම ආසියානු වෙළඳපොළ සඳහා කදිම මුදල් ඒකකයක් බවයි.  කෙසේවෙතත් ගෙවුම් මාධ්‍යයක් ලෙස යුආන් ඒකකය 12වන ස්ථානයේ පසුවන අතර එය සැප්තැම්බර් මසදී පැවති 0.86% සිට 0.84% දක්වා පහත බැස තිබේ.

චීනයෙන් බැහැරව ඇති විශාලතම යුආන් වෙළඳපොළ වන හොංකොං තුළ හුවමාරුව වාර්තාගත යුආන් බිලියන 782ක් දක්වා වර්ධනය වී ඇතැයි වාර්තා වේ.  පසුගිය මසදී බි‍්‍රතාන්‍යයේ චාන්ස්ලර් ජෝර්ජ් ඔස්බෝර්න් විසින් ලන්ඩනයද යුආන් හුවමාරු මධ්‍යස්ථානයක් බවට පත්කිරීමේ සැලසුමක් හෙළි කරනු ලැබිණි.

http://lankacnews.com/sinhala/foreign-news/105937/

0 comments: