Pages

Sunday, October 6, 2013

ලේ ලබාදීම ප්‍රතික්‍ෂේප කළ ආගමික විශ්වාසය ඔස්‌ටේ්‍රලියානු ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි

ඔස්‌ටේ්‍රලියානු තරුණයකු සිය ආගමික විශ්වාසය මත තම සිරුරට ලේ ලබාදීම ප්‍රතික්‍ෂේප කළද එම තීරණය එරට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඉවතට දමා ඇත.

17 හැවිරිදි මේ තරුණයා යොහොවඃ සාක්‍ෂිකාර කණ්‌ඩායමට අයත් භක්‌තිවන්තයෙකි. 

යොහොවඃ කණ්‌ඩායමට අයත් බැතිමතුන් අසනීපයකදී පවා තම සිරුරට ලේ ලබාදීම ප්‍රතික්‍ෂේප කරති. 17 හැවිරිදි මේ තරුණයා පිළිකා රෝගියකු වන අතර ඔහුට අනිවාර්යයෙන් ලේ දිය යුතු බව වෛද්‍ය නිර්දේශය වී තිබේ.

කෙසේ නමුත් මොහු මෙය තරයේ ප්‍රතික්‍ෂේප කර ඇති අතර පවුලේ උදවියද මේ තීරණයට කැමැත්ත පළකර ඇත.

එම නිසා මේ ප්‍රශ්නය ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස්‌ ඇති අතර එහිදී විනිසුරු ජොන් බැස්‌ටන් ප්‍රකාශ කර ඇත්තේ රාජ්‍යයේ යුතුකම වන්නේ මේ රෝගියා ජීවත් කරවීම බවයි. විශේෂයෙන්ම මොහු අවුරුදු 18 අඩු අයෙකු නිසා ඔහුව ජීවත් කිරීම වඩා වැදගත් බව විනිසුරුවරයා ප්‍රකාශ කර ඇත.

ආගමික විශ්වාස කවරක්‌ වුවත් රජයේ වගකීම රෝගියා ජීවත් කරවීම බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතයවී තිබේ.2010 වසරේදී බ්‍රිතාන්‍යයේ 15 හැවිරිදි පිරිමි ළමයකු අනතුරකට ලක්‌වී රෝහල්ගත කළද ඔහුට ලේ ලබාදීමට වෛද්‍යවරු තීරණය කළද ආගමික විශ්වාසය මත ලේ දීමට මවුපියන් ඉඩ නොදුන් නිසා මේ දරුවා මරණයට පත්විය. මොහුද යොහොවඃ සාක්‍ෂිකරුවෙකි.

http://www.divaina.com/2013/10/05/forign03.html

0 comments: