Pages

Sunday, October 6, 2013

පොල් වතුරෙන් අතුරු පසක්‌

පොල් වතුර භාවිතයට ගෙන ඒ මගින් නිපදවා ගන්නා අතුරුපසක්‌ (ඩෙසට්‌) වර්ගයක්‌ හඳුන්වා දීමට පොල් පර්යේෂණ ආයතනය සමත්වී තිබේ.

ලෝකයේ බොහෝ රටවල් ආහාරයට ගන්නා මෙම අතුරුපස නාතාඩිකොකෝවා වශයෙන් හඳුන්වන අතර මෙය ප්‍රධාන වශයෙන් විදේශීය වෙළෙඳපොළ ඉලක්‌ක කරගනිමින් අපනයනය කිරීමට පොල් පර්යේෂණ ආයතනය බලාපොරොත්තු වේ.

බැසිලින් නමැති බැක්‌ටීරියාව භාවිතා කොට කිරි මුදවන ආකාරයට පොල් වතුර මුදවීමෙන් මෙම ඩෙසට්‌ වර්ගය නිපදවනු ලැබේ.

මේ සඳහා බොහෝ රටවලින් විශාල ඉල්ලුමක්‌ ඇති බවත් ඒ ඔස්‌සේ විශාල විදේශ විනිමයක්‌ උපයාගත හැකි බවත් පොල් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ ජයන්ත ගුණතිලක මහතා පැවසීය. පොල් ආශ්‍රිත කර්මාන්තකරුවන්ට මෙම අතුරුපස නිපදවා අපනයනය කිරීමට හැකි බවත් ඒ සඳහා අවශ්‍ය තාක්‌ෂණය හා අනෙකුත් පහසුකම් පොල් පර්යේෂණ ආයතනයට සැපයිය හැකි බවත් අධ්‍යක්‍ෂවරයා වැඩිදුරටත් පැවසීය.

ජයන්තිපුර - උඩගෙදර
http://www.divaina.com/2013/10/05/provin02.html

0 comments: