Pages

Sunday, October 6, 2013

නීති විරෝධීව කුඹුක්‌ගස්‌ 1,600ක්‌ කැපීමේ තීරණයක්‌

කවුඩුල්ල ජනතාමංකඩ අමුණේ සිට මහවැලි ගඟට ජලය ගෙන යන ඇල මාර්ගය දෙපස පිහිටා ඇති දැවැන්ත කුඹුක්‌ ගස්‌ 1,600 ක්‌ නීති විරෝධී අයුරින් කපා ඉවත් කිරීමට තීරණය කර ඇති බව සොබාදහම් අධ්‍යාපන මධ්‍යස්‌ථානය ප්‍රකාශ කරයි.

අනදරය පිළිබඳ පනත ඇතුළු මෙරට ක්‍රියාත්මක අණපනත් අනුව ජල මූලාශ්‍රවලට හානි කිරීම හා ජල පෝෂක ප්‍රදේශවලට හානි කිරීම බරපතල වරදක්‌ බව සොබා දහම් අධ්‍යයන මධ්‍යස්‌ථානයේ ජාතික සම්බන්ධීකාරක හා පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් මහතා පවසන අතර මෙම කුඹුක්‌ගස්‌ ඉවත් කිරීම ඇළ මාර්ගයේ පැවැත්මට බරපතල තර්ජනයක්‌ බව වැඩිදුරටත් කියා සිටියි.

මේ වන විටත් කුඹුක්‌ගස්‌වලට සලකුණු යොදා ඒවා කපා ඉවත් කිරීමට කටයුතු යොදා ඇතැයිද ගංවතුර පාලනයට යෑයි කියමින් ගස්‌ කැපීම කළත් ලෝකයේ කිසිදු රටක වෙනත් කිසිදු බලධාරියකු ගංවතුර පාලනයට ගස්‌ නොකපන බව අවධාරණය කරයි.

ඒ සඳහා කළ යුතුව ඇත්තේ ගස්‌ කැපීම නොව අදාළ ප්‍රදේශයේ පිහිටි වාරිමාර්ග පද්ධතිය ප්‍රතිසංස්‌කරණය කිරීම බව රවීන්ද්‍ර කාරියවසම් මහතා පැවසීය.

ජයන්තිපුර - උඩගෙදර
http://www.divaina.com/2013/10/05/provin03.html

1 comments:

malmallk said...

ane ban me lipiya liyapu eka jeewiteta polonnaruwe ela marga tiyana heti danne neti ekak.mahaweli gaga meda tiyana loku kubuk gas wala udaha idan gahagena ena athu keli hira wela watura bahinna widiyak ne gan wathura galanawa,eka depette inna goviyoi hemoma gan waturata yata wena aya gattu teeranayak.kolamba ac kamara wala inna mahaththurunta mewa terenne ne.E theerane hoda ekak.mahaweli gaga wenas karana heti kiyala denawada karunakarala,ehema wenas karanakota meeta wada gas kepena bawa obathumata terenne nedda?