Pages

Sunday, October 6, 2013

තැඹිලි අපනයනයෙන් රු. මිලියන 30ක විදේශ විනිමයක්‌

මේ වසරේ තැඹිලි අපනයනය කිරීම මගින් රුපියල් මිලියන 30 ක විදේශ විනිමයක්‌ ලබා ගත හැකි බව පොල් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ ජයන්ත ගුණතිලක මහතා පවසයි.

ඒ මහතා පවසන්නේ පසුගියවසරට සාපේක්‍ෂව තැඹිලි අපනයනය සියයට 20 කින් පමණ මේ වසරේ වැඩි වී ඇති බවත්. පසුගිය වසරේ දෙලක්‍ෂ පනස්‌ දහසක්‌ පමණ තැඹිලි ගෙඩි අපනයනය කර ඇති බවත් ය. 

තැඹිලි කල් තියාගත නොහැකි වීම මීට පෙර තැඹිලි අපනයනය කිරීමට තිබූ විශාල බාධාවක්‌ වූ අතර දැන් තැඹිලි ගෙඩියක්‌ දින 20 ක්‌ තබා ගත හැක පරිදි ක්‍රමවේදයක්‌ පොල් පර්යේෂණ ආයතනය මගින් සොයාගෙන ඇති බවත්ය.

බොහෝ විදේශිකයන් තැඹිලි සඳහා විශාල කැමැත්තක්‌ දක්‌වන බැවින් තව තවත් තැඹිලි අපනයනය වැඩි කිරීමට පියවර ගත යුතු බව පැවැසූ ගුණතිලක මහතා ඒ සඳහා ඇති බාධක ඉවත් කර අපනයනකරුවන් දිරිගැන්වීමටද කටයුතු කරන බව කීය.

දැනට තැඹිලි ගෙඩියක්‌ සඳහා රුපියල් සියයක පමණ විදේශ මිලක්‌ විදේශ වෙළෙඳපොළෙන් ලැබේ. එබැවින් වානිජ වශයෙන් විශාල ලාබයක්‌ තැඹිලි අපනයනය කිරීමෙන් ලබාගත හැකි බවද ඒ මහතා වැඩිදුරටත් කීය.

ජයන්තිපුර - උඩගෙදර
http://www.divaina.com/2013/10/05/provin01.html

0 comments: