Pages

Sunday, October 6, 2013

ලංකාවේ ප්‍රථම 'සෆාරි' උද්‍යානයේ පළමු අදියර ලබන මස නිම කෙරේ

අම්බලන්තොට රිදියගම ඉදිවෙමින් පවතින ශ්‍රී ලංකාවේ ප්‍රථම සෆාරි උද්‍යානයේ ඉදිකිරීම් කටයුතුවල පළමු අදියර ලබන ඔක්‌තෝම්බර් මාසයේ අවසන් වීමට නියමිතව ඇති අතර නොවැම්බර් මස අවසානයේ ජනතාව සඳහා විවෘත කිරීමට පියවර ගෙන ඇති බව ව්‍යාපෘති අධ්‍යක්‍ෂවරයා පවසයි.

මෙම 'සෆාරි' උද්‍යානයේ සතුන් නිදැල්ලේ හැසිරෙන අතර ආවරණය කරන ලද වාහනවල සිට සතුන් නැරඹීමට පහසුකම් සලසා ඇතැයි ව්‍යාපෘති අධ්‍යක්‍ෂවරයා වැඩිදුරටත් පවසයි.

රුපියල් මිලියන 16 ක වියදමින් ඉදිවන මෙය අක්‌කර 500 ක භූමි භාගයක ඉදිවෙමින් පවතී.

එය සතුන් පිළිබඳ පර්යේෂණ මධ්‍යස්‌ථානයක්‌ ලෙස ද ක්‍රියාත්මක වනු ඇතැයි ව්‍යාපෘති අධ්‍යක්‍ෂවරයා පවසයි.

මෙහි ඉදිකිරීම් කටයුතු රාජ්‍ය ඉංජිනේරු සංස්‌ථාව මගින් සිදුකෙරේ.

වඳ වී යන සතුන් සහ මෙරට පිටරට වනසතුන්ගේ රජදහනක්‌ බවට මෙම සෆාරි උද්‍යානය පත්වනු ඇති බවත් ජෛව විවිධත්වය රැකෙන පරිදි මෙහි සියලු ඉදිකිරීම් සිදුකෙරෙන බවත් ව්‍යාපෘති අධක්‍ෂවරයා වැඩිදුරටත් පවසයි.

ලකී වෛද්‍යසේකර - අම්බලන්තොට අතිරේක
http://www.divaina.com/2013/10/05/provin12.html

0 comments: