Pages

Sunday, October 6, 2013

මෙරට දියර කිරි ප්‍රවර්ධනයට විදේශීය ක්‍රමවේදය අනුගමනය කරන්න - වෛද්‍ය සංගමය

ලෝකයේ බොහෝ රටවල දියර කිරි ප්‍රවර්ධනය කිරීමට එම රටවල සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරන බැවින් එම ක්‍රමවේදයම මෙරටත් ආරම්භ කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් විශේෂ ඉල්ලීමක්‌ කරයි.

මේ වනවිට රටට අවශ්‍ය දියර කිරිවලින් සියයට 40ක ප්‍රතිශතයක්‌ මෙරට තුළ නිෂ්පාදනය කරන අතර ඉතිරි සියයට 60 ක ප්‍රතිශතය ජය ගැනිම සඳහා මුදල් අමාත්‍යාංශය ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය හා එක්‌ව අන්තර් කමිටුවක්‌ පත්කර හයිලන්ඩ් හා මිල්කෝ සමාගම්වල සේවාවන් පුළුල් කිරීමට කටයුතු කරන ලෙස සංගමය ඇමැතිවරයාගෙන් අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවකදී ඉල්ලා ඇත.

තවද විදේශීය කිරිපිටි සමාගම්වල රැකියාවන්හි නියුතු දක්‌ෂ දේශීය නිලධාරීන්ගේ දක්‌ෂතා භාවිතාකර දේශීය සමාගමක්‌ ආරම්භ කරන ලෙසත් එමගින් රටට අවශ්‍ය දියර කිරි මුළු ප්‍රමාණයෙන් යම් ප්‍රතිශතයක්‌ නිෂ්පාදනය කිරීමට කටයුතු කරන ලෙසත් විධිමත් වැඩපිළිවෙළක්‌ යොදන ලෙස ඇමැතිවරයාගෙන් ඉල්ලීමක්‌ කළ බව සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙනිය මහතා සඳහන් කළේය.

මේ අනුව දියර කිරිවල සුරක්‌ෂිතභාවය තහවුරු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අවශ්‍ය නියාමනය කළයුතු බව ද සංගමය මෙහිදී ප්‍රකාශ කර ඇත.

ජයන්තිපුර - උඩගෙදර
http://www.divaina.com/2013/10/05/provin04.html

0 comments: