Pages

Wednesday, October 9, 2013

චීන-රුසියා සබඳතා තවත් ඉහළට

චීනය සහ රුසියාව අතර වැඩෙමින් පවතින ආර්ථික සහයෝගිතාවය තවත් ඉහළ නංවමින් රෙට අතර වෙළඳ සබඳතා 15%කින් නැංවීම සඳහා තමා බලාපොරොත්තු වන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.  ඔහු මේ බව පවසා ඇත්තේ බාලි දිවයිනේ පැවැත්වෙන ආසියා පැසිපික් ආර්ථික සහයෝගිතා සමුළුව අමතමිනි.

අධි තාක්ෂණික නිපැයුම්, ගුවන් යානා තාක්ෂණය සහ දුම්රිය සහ අධිවේගී මාර්ග වැනි යටිතල පහසුකම් සංවර්ධනය යනාදී ක්‍ෂෙත‍්‍රයන් වල දැනටමත් දෙරට අතර සහයෝගිතා ගිවිසුම් පවතින බව දැක්වූ රුසියානු ජනාධිපතිවරයා පැවසුවේ දැනට ඩොලර් බිලියන 87.5ක පවතින දෙරට අතර වෙළඳාම බිලියන 100ක වාර්තාගත මට්ටම දක්වා ඉහළ නැංවීම කෙරෙහි තම අවධානය යොමුව ඇති බවයි.

ඒකාබද්ධ අභ්‍යවකාශ ව්‍යපෘති පිළිබඳ සැලසුම් පවතින බවද ඔහු හෙළි කර තිබේ.  චීනය සහ රුසියාව අතර බලශක්ති සහයෝගිතාවය නංවමින් චීනයේ පෙට්‍රොචයිනා සමාගම රුසියානු ස්වභාවික වායු නිධි වලට ඩොලර් බිලියන 10ක් ආයෝජනය කිරීමට නියමිතය.

එමෙන්ම බ‍්‍රසීලය, ඉන්දියාව සහ දකුණු අප‍්‍රිකාව සමග එක්ව ක‍්‍රියාවට නැංවෙන ඩොලර් බිලියන 100ක වත්කම් සහිත බි‍්‍රක්ස් සංවර්ධන බැකුවද තවත් තීරණාත්මක ව්‍යාපෘතියකි.  ද්විපාර්ශ්වික සංවර්ධන ව්‍යාපෘති වලට ආයෝජනය කරමින් ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට විකල්පයක් ගොඩනැගීම එහි අරමුණ වී තිබේ.

බෲනායි වැනි කුඩා රටවල සිට ඇමරිකාව සහ චීනය වැනි දැවැන්තයන් සාමාජිකත්වය හොබවන ඇපෙක් සමුළුව ලොව ජනගහනයෙන් බිලියන 3ක් සහ ලෝක දළ ජාතික නිෂ්පාදිතයෙන් අඩකට වඩා හිමිව සිටින රටවල් 21ක සාමාජිකත්වයෙන් සමන්විතය.

http://lankacnews.com/sinhala/foreign-news/102427/

0 comments: