Pages

Wednesday, October 9, 2013

බි‍්‍රතාන්‍ය ත‍්‍රස්තවාදීන්ට සිරියානු අර්බුදය පුහුණු පාසලක්

ජිහාඞ්වාදී මනොභාවයකින් යුතු බි‍්‍රතාන්‍ය මූලධර්මවාදීන් සිරියානු සිවිල් යුද්ධය පුහුණු වීම සඳහා භාවිතා කරන බව බි‍්‍රතාන්‍ය ස්වදේශ ලේකම් තෙරේසා මේ පවසා තිබේ.

ඇය පවසන්නේ සටන් බිම් තුළ සජීවී පුහුණුවක් ලැබීමෙන් පසු ඔවුන් පළපුරුදු ත‍්‍රස්තවාදීන් ලෙස නැවත සියරට බලා පැමිණෙන බවයි.  එවැන්නන් ආරක්ෂක අංශ විසින් ත‍්‍රස්තවාදීන් විය හැකි පුද්ගලයන් ලෙස නිරීක්ෂණය කරමින් සිටින බව පැවසේ.

මින් පෙර බි‍්‍රතාන්‍ය පුරවැසියන් සෝමාලියාව බලා පිටත්ව ගිය ලෙසම දැන් තෝරාගෙන ඇත්තේ සිරියාව බව තෙරේසා මේ ගේ අදහසයි.

දින කිහිපයකට පෙර සිරියානු විදේශ අමාත්‍ය වලීඞ් මුඅල්ලෙම් පවසා ඇත්තේ සිරියාව තුළ රටවල් 83ක පමණ සටන්කාමීන් ක‍්‍රියාත්මක වන බවයි.

ක‍්‍රියාත්මක වන සිය ගණනක් යුරෝපා සටන්කාමීන් සිරියාවේදී වර්ධනය කරගන්නා හැකියාවන් බි‍්‍රතාන්‍ය පුරවැසියන්ට හානිකර විය හැකි යයි මාර්තු මසදී ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාවෙන්ද දක්වා තිබේ.

http://lankacnews.com/sinhala/foreign-news/102378/

0 comments: