Pages

Wednesday, October 9, 2013

රජය නැවත සක‍්‍රිය කරන්නැයි ඔබාමා කොංග‍්‍රසයෙන් ඉල්ලයි

රජය නැවත සක‍්‍රිය කිරීම සඳහා කෙටිකාලීන ඇස්තමේන්තුවක් සම්මත කරන ලෙස ඇමරිකානු ජනාධිපති බරැක් ඔබාමා කොංග‍්‍රස් මණ්ඩල කථානායක ජෝන් බොඑනර්ගෙන් ඉල්ලා තිබේ.

ඔහු පවසා ඇත්තේ රජය වහා සක‍්‍රිය කිරීම සඳහා අවශ්‍ය ප‍්‍රමාණයටත් වඩා ඡන්ද මේ වන විට රිපබ්ලිකන් සහ ඩිමොක‍්‍රටික් දෙපාර්ශ්වය තුළම පවතින බවයි.

ණය සීමාව අයවැය සම්මත නොකිරීමට ඔහුට එරෙහි අවියක් ලෙස භාවිතා කිරීමෙන් සිදුවන්නේ බංකොලොත් භාවයට පත්වීමේ විනාශකාරී අත්දැකීමට මුහුණ දීම පමණක් බව ඔබාමා පවසා තිබේ.

ඇමරිකාවේ දැනට පවතින් ඩොලර් ටි‍්‍රලියන 16.7ක ණය සීමාව ඉහළ දමන ලෙස ඔබාමා පවසා ඇති අතර කොංග‍්‍රස් මණ්ඩලයේ බහුතරය හොබවන රිපබ්ලිකන් පක්ෂය පවසන්නේ රජය සක‍්‍රිය කිරීම හෝ ණය සීමාව ඉහළ දැමීමට පෙර ඒ පිළිබඳ සාකච්ඡාවක් අවශ්‍ය බවයි.

තමන් සාකච්ඡා කරන්නේ සෞඛ්‍ය පණත සහ බලශක්ති ප‍්‍රතිපත්තිය පිළිබඳව පමණක් බවත් එයද රජය යළි සක‍්‍රිය කිරීමෙන් සහ ණය සීමාව ඉහළ දැමීමෙන් පසුව බවත් ඔබාමා පවසා තිබේ.

රටේ ආර්ථිකයට තවත් හානි සිදුකිරීමේ තර්ජනය යටතේ සාකච්ඡා කිරීමට තමන් සූදානම් නොවන බව ඔහු පවසා ඇත.

ඔබාමාගේ ප‍්‍රකාශය හෙලා දකිමින් කථානායක ජෝන් බොඑනර් පවසා ඇත්තේ ආර්ථාකය තවත් අවදානමට ලක්වීමට පෙර සාකච්ඡා කළ යුතු මොහොත දැන් උදාවී ඇති බවයි.

http://lankacnews.com/sinhala/foreign-news/102431/

සබැඳි ලිපි -
[

රජය නැවත සක‍්‍රිය කරන්නැයි ඔබාමා කොංග‍්‍රසයෙන් ඉල්ලයිhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_8230.html
ඇමරිකාවේ අධිකාරී බලය හාන්සිද?http://denethharinna.blogspot.com/2013/10/blog-post_2525.htmlලෝකයම හෙල්ලුම් කෑ ඇමරිකාවේ අයවැය අර්බුදය අපටත් බලපායිද?
http://denethharinna.blogspot.com/2013/10/blog-post_7983.html
ඇමරිකානු ආර්ථිකයේ බිඳ වැටීමට ඔබාමා වගකිව යුතුයි - මූල්‍ය විශේෂඥ පැටි‍්‍රක් ජේ. යන්ග්http://denethharinna.blogspot.com/2013/10/blog-post_6077.htmlඇමරිකා මූල්‍ය අර්බුදය - ‘නාසා’ ආයතනය වසා දැමේhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_3.htmlනිදහසේ සංකේතය වූ ඇමරිකානු ලිබර්ටි ප්‍රතිමාවද වසා දමයිhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_238.htmlඇමරිකානු රජය ආර්ථික අවදානමකhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_6452.html
]

0 comments: