Pages

Tuesday, December 3, 2013

ජය ශ්‍රී මහා බෝධිය අබියසදී නාවික හමුදා ධජයන්ට සෙත් පතති

63 වැනි ශ්‍රී ලංකා නාවික හමුදා සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ ස්‌වෛරීභාවය හා සංවර්ධනය වෙනුවෙන් කැපවී සිටින ශ්‍රී ලංකා නාවික හමුදා ධජයන්ට සෙත් පැතීමේ උත්සවය (01 වැනිදා) නාවික හමුදාපති වයිස්‌ අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය අබියසදී පැවැත්විණි.

නාවික හමුදා ඉතිහාසයේ දෙවන වරට සංවිධානය කළ මෙම ආගමික උත්සවයේදී ජාතික ධජය, බෞද්ධ ධජය, ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් විධාන, ආයතන සහ නෞකාවලට අයත් ධජයන් 77 කට සෙත් පැතීම ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ සහ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලබාගැනීම ප්‍රධාන අරමුණ විය. මෙම ආගමික අවස්‌ථාව අටමස්‌ථානාධිපති උතුරු මධ්‍යම දිශාවේ ප්‍රධාන සංඝනායක අති පූජ්‍ය අටමස්‌ථානාධිපති ආචාර්ය පණ්‌ඩිත පල්ලේගම සිරි නිවාස නාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 

මේ අවස්‌ථාවට නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය ශ්‍රීමා කොළඹගේ මහත්මියද නාවික හමුදා මාණ්‌ඩලික ප්‍රධානි, රියර් අද්මිරාල් ජයන්ත පෙරේරා උතුරු නාවික ප්‍රදේශ භාර ආඥපති රියර් අද්මිරාල් සිසිර ජයකොඩි මහත්වරුද නාවික හමුදා ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන් ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නාවිකයන් මෙන්ම බැතිමත්හු විශාල පිරිසක්‌ද සහභාගි වූහ.

http://www.divaina.com/2013/12/02/news13.html

0 comments: