බිබිල පොලිස් බලප්‍රදේශයට අයත් බිබිල ඓතිහාසික කොටසර රජමහා විහාරයේ තිබී සොරාගත් රන් ආලේපිත බුදු පිළිමය නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පෙරේදා (30 දා) හසලක හෙට්ටිපොල උඩවල ප්‍රදේශයේ වස්ගමු ඇළේ අඩි 7 ක් ගැඹුරක තිබියදී සොයා ගන්නා ලදී.
මෙම බුදු පිළිමය අඩි 2 අඟල් 1 උස කිලෝ 106 බරකින් යුක්ත වන අතර මෙම බුදු පිළිමයේ දකුණු අතේ කොටසක් සොරුන් කපා ඇත. එම කොටස් ද කළුතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙම බුදු පිළිමය පසුගිය ඔක්තෝබර් 11 වැනිදා සොරාගත් අතර සොරාගත් පිරිසේ දස දෙනකු හඳුනාගෙන ඇත. එයින් හතර දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බව පොලිසිය පවසයි.
මෙම වැටලීමට මොනරාගල-බදුල්ල දිස්ත්‍රික් භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු, සහකාර පොලිස් අධිකාරි උදිත ලියනගේ, බිබිල, මැදගම, ගෝනගංආර, මඩොල්සිම පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු විශේෂ පොලිස් නිලධාරි කණ්ඩායමක් සහභාගි වූහ.
මොනරාගල - නයන ඉහළගෙදර සහ සියඹලාණ්ඩුව - ම. ප. තිලකසූරිය
http://www.divaina.com/2013/12/02/news07.html

0 comments:
Post a Comment