Pages

Tuesday, December 3, 2013

හුළුගල්ලේගේ සියළු ආරක්‍ෂකයන් ඉවතට

ආරක්‍ෂක ඇමතිවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය විසුරුවා හැරීමත් සමඟ එහි අධ්‍යක්‍ෂ ජනරාල් ධුරය සහ සියළු තනතුරු අහෝසි වී තිබේ.

ඒ අනුව ඊට අනුයුක්තව සේවය කල සියළු හමුදා සහ පොලිස් නිලධාරීන් සිය මූලස්ථාන වෙත වාර්තා කරන ලෙසට දැනුම් දී ඇත.

පසුගිය යුධ සමයේ ජාතික ආරක්‍ෂාව සම්බන්ධ නිල ප‍්‍රවෘත්ති නිකුත් කිරීම සඳහා මෙම ඒකකය කොල්ලූපිටියේ අරලියගහ මන්දිරය ඉදිරිපිට මෙම ඒකකය ස්ථාපිත කර තිබිණ.

කෙසේ වෙතත් මේ වන විට රට තුල යුධමය හෝ ත‍්‍රස්තවාදී ගැටුම් සහිත වාතාවරණයක් නොමැති නිසා මෙම මධ්‍යස්ථානය තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් නොමැති නිසා ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගත් බව ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශක මොහාන් සමරනායක මහතා පවසයි.

මෙම අහෝසි කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් සිදු කෙරෙනු ඇතැයි සමරනායක මහතා සඳහන් කරයි.

http://lankacnews.com/sinhala/main-news/105797/

සබැඳි ලිපි -
[

සුපිරි රජකාරී අවශ්‍යතා, සූදු පිටිය, අනියම් පෙම නිසා නිදිවදින නීතිය සහ හුලාගේ කතාවhttp://denethharinna.blogspot.com/2013/11/blog-post_8585.htmlආශ්චර්යයක මහත! අපරාධය වැටලූ 23ම අකාර්යක්ෂමයි. ඇස් කන් පියා සිටි අය දක්ෂයි, කාර්යක්ෂමයි, විශිෂ්ඨයි! | 'සූදු පළ වැටලූ පොලිසියේ 23 දෙනා මාරු කළේ රාජකාරිය අකාර්යක්‍ෂම නිසා' - අගමැතිhttp://denethharinna.blogspot.com/2013/11/23-23.htmlසුපිරි බූරු පිටිය සමඟ පැන නැඟි සුපිරි රජකාරී අවශ්‍යතාhttp://denethharinna.blogspot.com/2013/11/blog-post_1958.htmlඅපරාධ මර්ධනයට උපහාර! සුපිරි බූරුපිටිය වැටලූ පොලිසියේ 23ට සුපිරි මාරුවක්‌http://denethharinna.blogspot.com/2013/11/23.html
]

0 comments: